- 27 -

15K 1.6K 186
                                    

'' මටත් නිකමට හිතුනා ගවීෂ්.. '' සුදු මාමා කිව්වේ ගවීෂ්ගේ අතට බෙදපු කෑම පිගාන දෙන ගමන්... සුදු මාමා උයනවත් එක්ක දැන්...

'' අද හවස ඉදන්ම අරකේ වැඩ බලන්න වෙනව සුදු මාමේ... ඒකෙන් පස්සේම නිදහසේ හොයනවා.. '' ගවීෂ් කිව්වේ අනිත් අතට වතුර බෝතලේත් ගන්න ගමන්... එක අතකට ඊයේ රෑට වඩා කොල්ලො ගොඩක් සන්සුන්...

'' තනියම හිර කරන් ඉන්නැතුව , හිතේ තියන දෙයක් කියන්න ඕන වෙලාවක.. හරිද දරුවො ? '' මෙතුල කිව්වේ ගවීෂ් ඔළුව වනද්දි...

පහළ තට්ටුවේ කෙළවරේ කාමරේ දොරට පයින් එකක් ගහලා ඇරපු ගවීෂ් අතේ පයේ එල්ලගෙන ගිය බඩු ටිකයි කෑමයි හිමින් පැත්තකින් තිබ්බේ වෙලාවත් බලන ගමන්... එකොළහටත් ළගයි.. මැරිලා වගේ කැරපොතු ලීලාවෙන් නිදි ... හහ්....

'' ඕයි නැගිටනවා. '' මියුන්ගේ පස්සටම පාරක් ගහලා ගවීෂ් කිව්වේ ඇදේ පැත්තකින් වාඩි වෙන ගමන්... ඔහේ නෑ ආයේ අනිත් පැත්තට හැරිලා නිදි.. මූව ඇහැරවන්න මෙච්චර අමාරු ද ?

'' නැගිටිනවා ***... මොන කරුමයක් ද ? '' ගවීෂ් ආයේ කිව්වේ මියුන්ගේ උරහිසෙන් අල්ලලා හොළවන ගමන්...

'' ච්හ්.. පාඩුවේ ඉන්න දීපන්.. '' මියුන් නිදිමතේම කියවනවා.. ඊයේ දීපු ඩෝස් එකේ හැටියට ඉතින් මේම නින්ද යන්නැත්තන් ඒකත් පස්නයක් නෙහ්... සිංහලෙන් කිව්වම තේරෙන්නැ වගේ... එයාගේ කකුල උස්සලා යටි පතුළ මියුන්ගේ මූණ උඩින් තියලා මහ පට ඇගිල්ලත් නහය ඇතුළට ඔබපු ගවීෂ් බලාගෙන ඉදියේ මියුන් අවධි වෙනකං... ආයේ පර්ෆියුම් පරාදයි...මේකටත් අවදි වෙන්නැත්තන් -

'' ෂ්හ්..'' ගවීෂ්ගේ කකුල පැත්තකට තල්ලු කරපු මියුන් ඇදේ කෙලින් උනේ නහයෙන් පිඹින ගමන්... පර්ෆියුම් එක වැඩ.... මියුන් නහයෙන් පිඹින විදියට හිනා වුන ගවීෂ් වීදුරුවේ තිබ්බ වතුරෙන් මියුන්ගේ මූණටම ගැහුවේ ඒ මනුස්සයා හරියට ඇස් අරින්නත් කලින්... පොඩ්ඩක් බයිට් කරන්නත් ඕන ... නැත්තන් බැහ්...

'' මොන ^&*^& ද !!! - '' මියුන් ඇස් දෙක වහගෙනම සාප කළේ මුණේ වැටුන සීතල වතුර ටික අතින් පිහිදාන ගමන්... අම්මො අම්මො.. මේ පාර නං කන් රතු වෙලා තියෙන්නේ කේන්තියට.... මියුන් තාම ඇස් දෙකත් ලොකු කරගෙන බලාගෙන ඉන්නේ , එයා කොහෙ ද , මොනව ද ගවීෂ් එතන කරන්නේ කියලා හිතාගන්න බැරුව... එයා ඇදෙන් බහින්න කෙලින් උනත් ගවීෂ් මියුන්ව අැදලා ආයේ වාඩි කෙරෙව්වේ මියුන් ගවීෂ්ව එහාට තල්ලු කරද්දි...

- Plot 23 -Where stories live. Discover now