- 90 -

13.3K 1.4K 698
                                    

ඉස්තරම් ප්ලැන් එක කොයිතරම් රත්තරන් ලෙස ක්‍රියාත්මකයිද කියනවා නම්, එයාලගේ ප්‍රධාන ප්ලැන් එකට අමතරව අරවින්ද්කාරයාගේ වෙනම ප්ලැන් එක්කුත් තිබිලා කියලා ගවීෂ්ට තේරෙන්නෙ දැන්....

වළාකුළු නගරෙ, සදතැන්න පේන මානේ කොනිකල් කන්දට මුහුණලා තිබ්බ කොටේජ් බැන්ග්ලෝ එකෙ ,  ආශාක්‍යසිංහලා වම් පැත්තේ කොටේජ් එකත්, වේඝර්ණලා දකුණු පැත්තේ කොටේජ් එකත් බුක් කරලා තිබ්බේ හරි---------ම අහම්බෙකින්... ආයේ කියනවා, තනිකරම අහම්බෙකින්.... ගවීෂ්ට අනුව බුකින් ඇප් එකේ , උඩින්ම සජෙස්ට් උනේ ඒකලු.... අරවින්ද්ට අනුව මේක එයාගේ යාළුවෙක්ගේ අදුරන තැනක්ලු.... අද දවසටම හරි පුදුම අහම්බ ගොඩාක් දැකලා ඇති වෙලාමදෝ ආයේ කිසි කෙනෙක් ඒ ගැන වැඩිය අහන්න ගිය පාටකුත් නෑ හැබැයි.....

කොටේජස් දෙක වෙන් උනේ පුංචි ගස් පේළි දෙකකින්....පෝඩ්ඩක් ඉස්සිලා බැලුවම දෙගොල්ලොන්ටම ලොකු අමාරුවක් නෑ ඕපදූප ටික බලාගන්න.... රෑ කොච්චර සීතල උනත් දෙගොල්ලොම ඉන්නෙත් එළියෙ ටෙන්ට් අටවන්... ජිවිතේ විදින්න ඉතින් ඔය සිතලත්  උත්තේජනයක්ලුනේ.... සෙට් දෙකම කියන්නේ ඒ කතාව....

සෑහෙන කන්දක් නැගලා බැස්සම තණ පිටියක වෙන වෙනම බැංග්ලෝ දෙකක් වගේ වගේ පිහිටලා තිබ්බ මේ ප්ලේස් එක හොයාගන්න උරුමයන් දෙක කාපු කට්ට දන්නේ උන් දෙන්නම විතරයි.... වැඩේට හරියනම ප්ලේස් එකට බූදලෙන් සැලකිය යුතු ගානක් ගියත් කමක් නෑ කියල ඩබලම මෙතනම බුක් කලේ ආයේ බාහිර ලෝකෙ එක්ක කිසිම ගැටීමක්වත් නැති තරමට වළාකුළු නගරෙන් ඇතුළක තිබ්බ නිසා.... ඒ වගේද මේ සීතලේ උනත් තියෙන සුවදායි හැගීම !!

අහ්හ් !! කිය කිය ඉදියේ අරවින්ද්කාරය අමතරව හොරෙන් සෙට් කරන් තියෙන කුප්ප ප්ලැන් එක ගැනනේ.... ඔන්න ඒක තමා ඔය ක්‍රියාත්මක වෙන්නේ... ආශාක්‍යසිංහලගෙ ගිනි මැලේ වටේ සුපුරුදු විදියට ගිටා  සද්දෙන් පිරිලා ගිහින්.. හැබැයි මේ සැරේ අරවින්ද් විතරයි.... නිකන් නෙවේ සුළගට සැලෙන්නැති අභීත ලීලාවෙන් එක දණකුත් නවාගෙන.....!!

ඔව් මිත්‍රවරුනි , හරිම නුහුරු විදියට හුළග අතරින් ඒ ගලාගෙන ආවේ අරවින්ද්ගේ ගොර ගොර ???? මගුල !!! හරිම පිළිවෙලක් උන කටහඩක්... මෙච්චර වෙලා කොටේජ් එකේ ඉස්තෝප්පුවේ වාඩිවෙලා ඉදපු ගවීෂ් හාවක් හූවක් නැතුව වේඝර්ණලාගේ ෆයර් එක ගාවට කිට්ටු කලේ ටිකක් පැකිලීමෙන් වගේ.... වේඝර්ණලා සෙට් එකත් මරු!! ඒ හතර දෙනාම උන්ගේ කතාවල වගේ ඉදියට උන් අහන් ඉන්නේත් අරවින්ද්ගේ කටහඩ....

- Plot 23 -Where stories live. Discover now