1st chapter

113 20 8
                                    

මිනිස්සු...

මිනිස්සු දැක්කෙම අපේ ජීවිත වල පිටින් පෙනුණ හිඩැස් විතරයි..ඒවයින් ගිලිහුණ බලාපොරොත්තු දැක්කෙ නෑ...හිඩැස් නිසා පෑරුණ තුවාල හිත් වල වේදනා දෙන හැටි දැක්කෙ නෑ....
වේදනාව ජීවිතේට හුරු වුනේ එහෙමයි.

මං හිතන්නනෙ අපිත් කවදා හරි හිනා වෙයි...දවසක..

______________________________

[Edited⬇️]

කේශවී pov

"ඕයි ශාරදා...තමුසෙ ලැජ්ජා ඇති ගෑනියෙක් නං මෙහෙම අපෙ ඉස්සරහට ඇවිත් රඟපායිද නේ...නිකං ලැජ්ජ නොවී පලයං බං යන්න....බොලා වගේ ගෑනු මොන මගුලකට මැව්වද මන්දා...පොත්තෙ සුද විතරයි..."

මගෙ නැන්දාගෙ කටහඬ....එයා ඔය බනින්නෙ අම්මා ගිහින් එයාට අපෙ ගෙදර හෙට ආච්චිගෙ දානෙට එන්න කිව්වා කියලා...

මට අහන් ඉන්න බෑ...මගෙ කන් වලට යවුල් බස්සනවා වගේ මේ වචන...අම්මා උසාවිය ඇතුලෙ පරසක්වල ගහන්න කෑ ගහන වචන වලින් එක අකුරක් දැං එයාගෙ කටින් එළියට එන් නෑ... ඒ වෙනුවට එයාගෙන් කඳුලු ගඟක් වගේ වාන් දානවා....මං අම්මාගෙ අතින් ඇද්දා..

"යං කෝ.."

"ඔව් උඹෙ මහ එකීව අරං පලයං...තවත් මේ පැත්තට එවන්නෙපා..අපෙ පවුලම කාපු හැතිරියො උඹලා..තුඃ නොදකින්.."

ඇඟේම වෙර දාලා නැන්දා දොර වහලා දාද්දි මට හයියෙන්ම ඇඬුනා...නැන්දගෙ බෙල්ල මුලින් අල්ලලා හොල්ලන්න හිතුණා .... වරදක් නොකරපු අපිට ඇයි යකෝ මෙහෙම කරන්නේ අහන්න හිතුණා.... ඒත් කෝ හයියක්.... මං කරපු එකම දේ ගහක් ගලක් වගේ හිටං බැනුං අහ අහ කඳුලු බොන අම්මව ඇදං ගෙදර ආව එක...එයාට මෙලෝ සිහියක් නෑ... හැමදාම මෙහෙමයි...පවුලෙ අයට වචනයක් කියන් නෑ...හුස්ම හිර කරන් අඬනවා ඇරෙන්න..

"හෙ හෙලො  ඇන්ටි...."

"කියන්න පුතේ...ඇයි මේ අඬන්නෙ..."

"අනේ ඇන්ටි අපි ටිකකට එහෙට එන්නද,අම්මා අඬනවනෙ.... මං එක්ක කතා කරන්නෙවත් නෑ.. "

මං අම්මගෙ වාහනේ ඩ්‍රයිව් කරං, අඬා වැටෙන අම්මවත් එක්කං වත්සුණු ඇන්ටිලයි ගෙදරට ආවා...

මගෙ අම්මා #ශාරදා වීරසිංහ අම්මට ඉන්න පරණම යාලුවා #වත්සුණු නෙලුම්දෙනියගේ
යාලුවෙක් කියලා ඉතිං ඉන්නෙත් එයා විතරයි.... අම්මා මෙහෙම පැනික් වුනාම එයාව නිවන්න පුලුවන් වත්සුණු ඇන්ටිට තමයි...ඒ මැජික් එක තාම මටත් බෑ...

Ex (On Hold)Where stories live. Discover now