2nd chapter

75 16 1
                                    

එදායින් පස්සෙ මං දෙව් රූව ආයෙ දැක්කෙම නෑ..

මං පුරුදු විදියට ක්ලාස් ගියා...අම්මා ආයෙ ඇඬුවෙ නෑ...එයා හැමදාම උසාවි ගියා ආයෙ ඔෆිස් ගියා...

මං මාසයක් විතර වත්සුණු ආන්ටිව දැක්කෙත් නෑ....එහෙම එහෙම දවස් ගෙවුණා..

අද ඉරිදා...උදේම ලයිබ්‍රිය පැත්තට ගාටන්න හිතං මං පාරට ආවා....ගෙදර ඉඳලා වැඩි දුරක් නෑ...මං කාඩ් එක අතේ අරං පාර දිගේ ඇවිදන් ආවා...

ලයිබ්‍රියෙ මිස් ලයිබ්‍රිය ඕපන් කලා විතරයි මං යද්දි....මිස් එක කයියක් දාගෙන මං පොතක් තෝරන්න ගත්තා...මට මතක් වුනා නවය දහය වසරෙදි වගේ ප්‍රේම සැඳෑවො කියවන්න ගිහින් පපුවෙ අමාරුවට වගේ ඇවිත් හිටියා දවස් ගානක්ම...ඒ කාලෙ ඒක තේරුං ගන්න අමාරුයිනෙ...දැන් නං තේරෙනවා...මං වැඩිපුර පොත් තේරුවෙ පරිවර්තන තියන හරියෙං....ඒවා එක්ක මගෙ තියන සම්බන්දෙ හරි ගැඹුරුයි....

"පොත් තෝරනවා වගේ .."

කන ගාවිංම ඇහුන මිමිණිල්ල එක්ක කන් පෙත්තට වැදුන රස්නෙ සුසුම් රැල්ලක් ඇඟ හිරිවට්ටන් ගියා..මං ඇකිලිලා ගිහිං ආපස්සට හැරුණම එතන හිටියෙ,

"දෙව් රූ..."

මං රාක්කෙ ට හේත්තු වීගෙනම ඔලුව ඉස්සුවා..නමටම හරි යන්න එයා දෙව් රූ ම ථමයි...කලු පාට ඇස් වලට ඉර එළිය වැදිලා වීදුරු බෝල වගේ ඒවා මගේ දිහා බලන් හිටියා...මං අමාරුවෙන් ඇස් ඉස්සුවා...එයා මට වඩා අවුරුදු හතරක් වයසින් අඩුයි...ගෝඩ්, එයා පොඩි එකෙක්....ඒත් එයාට ගෝඩ් දීලා තියන ඇස් වලින් තව කෙනෙක්ව යටපත් කරන්න පුලුවන් ලේසියෙන්ම...

එයා එක උරහිසක් රාක්කෙට හේත්තු කරන් ඒ වෙද්දිත් හිටියෙ....අපි ඉන්න විදියට එයා මට ගොඩක් ළඟයි....මං ටිකක් අහකට වුනා...

"ලයිබ්‍රි ආව ද....?"

"ඔයා යනවා දැකලා ආවෙ..."

එයාගෙ වචන තනි කෙලින්....ඊයෙ මට බැනපු විදියට මං හිතුවෙ නෑ එයා මෙහෙම මාව ෆලොව් කරයි කියලා..එයා දැන් හැසිරෙන විදියත් නිකං අමුතුයි.... මගෙ සිතුවිලි එක බැල්මකිං එළියට ආවා වගේ එයා හිනා වුනා...

"ඊයෙ කෑ ගැහුවට සොරි...මං පොඩ්ඩක් බෑඩ් මූඩ් එකක හිටියෙ..."

"ආහ්හ්..."

Ex (On Hold)Where stories live. Discover now