ජන්කුක් ට එකපාරට ඇහැරුනා..හිතන්න කවුරුහරි අපි නිදාගෙන ඉද්දි අපෙ මූන දිහා කෙලින් බලන් ඉන්නවා වගේ හැගීමක් ආවොතින් අපි ගැස්සිලා ඇහැරෙනවා නේද?අන්න ඒ වගෙ හැගීමකින් ජන්කුක් ඇහැරෙද්දි එකපාරට ජන්කුක් දැක්කා පුංචි කෙනෙක් කෑගහන බිමට ඇදගෙන වැටෙනවා..
ටිකක් පරන දනහිස ගාවට දිග දුබුරු පාට ගවුමක් ඇදගෙන හිටිය,නිල්පාට ඇස් තියන පුංචි ගෑනු ලමයෙක්..වයස ඕනිම නම් අවුරුදු හයක් හතක් ඇති..
පුංචි නහය ලග හුරතල් පාට මෝල් එකක් තිබ්බා වගේම තද දුබුරු පාට කොන්ඩෙ තැනින් තැන තනකොල රැදිලා තියන විදිහ ජන්කුක් දැක්කා..
"ජෝ....ෆේයිත් මෙන්න මැරුන මිනිහට පන ඇවිල්ලා...
ඊලගට පුංචි එකා හයියෙන් කෑගහද්දි ජන්කුක් ඇස් ලොකු කරලා පොඩි ලමයා දිහා බැලුවේ කවුද මැරුන කෙනා කියලා අහන්න..
ඊලගට ටිකක් ලොකු පිරිමි ලමයෙකුයි,ගෑනු ලමයෙකුයි දුවගෙන එනවා ජන්කුක් බලන් හිටියා..එයාල තුන්දෙනාගෙම කොන්ඩ නම් දුබුරු පාටයි..පිරිමි ලමයටත් තිබුනෙ නිල් ඇස්..ඒ ගෑනු ලමයට තිබ්බෙ කොල පාටයි දුබුරු පාටයි ද කියලා හොයාගන්න බැරි ඇස් දෙකක්...ඒ තුන්දෙනාම ගොඩක් ලස්සන හුරතල් ලමයි තුන්දෙනෙක් කියලා පලවෙනි බැල්මෙන්ම ජන්කුක් ට තේරුනා..එකපාරට ජන්කුක් ට මතක් උනෙ ප්රින්ස් ලියම්ගෙයි ඇතීනගෙ දරුවෝ තුන්දෙනා..එයාලා ලොකු උනහමත් මේ වගෙ ඉන්න තිබ්බා...
"ඉසබෙල්...එයා මැරුන කෙනෙක් නෙමේ..
ෆේයිත් එයාගෙ නංගිට රැව්වෙ ගහ මුල ඉන්න කෙනා දිහා සැකෙන් බලන ගමන්..
"කවුද තමුන්...මොනවද මෙතන කරන්නේ..
ජෝ ඉසබෙල් කෑගහද්දි උස්සන් ආපු දර ලීය ඉස්සරහට දික් කරද්දි ජන්කුක් ගෙ තොල් පවුටි උනා විතරක් නෙමෙ එයා අත්දෙක දෙපැත්තට දාලා හිටගත්තා..
"අහන්න ලමයි...මං මේ ලග ඉන්නේ...මං මීට කලින් මෙහෙ ඔයාලව දැකලා නෑනි..
"අපි ආවෙ දැන් සතියකට විතර කලින්..
මං දන්න තරමින් මේ ඉඩමත් අයිති අපෙ සීයගෙ මන්දිරේට..ඉතින් ඔයාට අයිතියක් නෑ අනුන්ගෙ ඉඩම් වල අනවසරෙන් ඉන්න...