"ෆෝන් නම්බර් එක දෙන්නකෝ ත්රීශෝ...."
පොල් බිබික්කමී..රටේම තියන මායම් ටික එකට මුහුකරලා සියවෙනි වතාවටත් මගෙන් ෆෝන් නම්බර් එක ඉල්ලනවා....ඒකි ඉල්ලපු තාලෙටම මමත්.බෑ කියලා අදිද්දි දෙයියන් බුදුන්ගේ පිහිටින් මම පොලෝ තලේ සිප ගත්තා...
මං බිම පත බෑ උනා...පුඩුවේ අඩුදෙකෙන්
පැද්දි පැද්දි මනෝපාරක් ගහන් අරකි අහන
අහන එකට බෑ කිය කිය උන්නු මම ඊලග පාර වැටිලා රාජකීය පස්ස බිම ඇන ගත්තෙ මුලු පන්තියකම හිනා මැද...හැබැයි
එක්කෙනෙක් හිනා උන්නෑ...ඒ යුගාශි
ඔව්...ඒකි කරේ හිනා වෙනවා වෙනුවට මට
කට කොනිම්ම හිනා උනු එක...'දෙවියොත් මටනේ මෙහෙම කරන්නෙ...'
"හොදවැඩේ තොට...කටක් ඇරලා කතා කරන්න බැරි තරම්
ඇමේනියාවනේ....හොදවැඩේ. .පුහ්...දිපිය
දැන් වත් නම්බරේ..."මේකි මහ කේරල ගංජියෙක්...ඇයි
හත්දෙයියනේ...සුවරෙකටම මේකි මට දෙස්
තිබ්බා...නැත්තන් මේ හැමදාම අඩු දෙකෙන්
ඉන්න මං වැටේවිය....මං නැගිට්ටා...පන්තියේ උන් හිනා වෙලා
හිනාවෙලා උන්ගේ ලෝකවලට ආයෙත්
ගිහිල්ලා ඉන්නැද්දි මම නැගිටලා පුටුව
කෙලින් කර ගත්තා...කන්කරච්චලේ
අහන් ඉන්න බැරි තැනම මං මගේ ඩෙස් එක උඩ දිගඇරලා තිබ්බ මගේ ඉතිහාසය පොතෙන් කොළ කෑල්ලක් කඩාගෙන තඩි අකුරෙම්ම මගේ නම්බර් එක ලියලා දුන්නා නැත්තන් කියාවි ඒකටත් ඇනුමක්...පිස්සු ඌරි...අද නයනතාර නෑ...ඒක නිසා මේ පීරියඩ්
එක හිස් වෙද්දි කොල්ලො ටික උන්ගේ
හැත්තබුරුත්තම වට කරන් බජව් දාගෙන
හිරලෙ පනින්නම කෑගහනවා.... පගර නැටි
කෙල්ලො ටික උන් ලගට ගිහිල්ල සෙට්
වෙලා කෑගහනවා...ඒ ඔක්කොම අස්සෙ
මේකි මගෙ ඔලුව කනවා....නම්බර් එක දුන්නු මම ආයෙම පුටුවෙ අඩු දෙකෙන් හිටගෙන පැද්දෙන්න
ගත්තා..මෙහෙම උන්නට මොකද මට අද
ඉදලා නිදහසේ මනෝපාරක් වත් ගහන්න
වෙන්නෙ නෑ කියලා ඉවෙන් වගේ තේරෙද්දි
මම ඒකි දිහා හොරාට බැලුවා...රතුපාට බූල් පර්ස් එකෙ බූල් අතින් පීර පීර එයා කියවනවා...මොනවා කියවනවද දන්නැ...ඇත්තටම මේ කට රිදෙන්නැද්ද...අහන් ඉන්න ප්රිය කටහඩක්
තිබ්බනම් තව කමක් නෑ කියන්න
තිබ්බා...කොහෙද මේකිට තියෙන්නෙ මහ
බෝක්කු කටක් නෙ...
YOU ARE READING
දෙහදක අසම්මතේ...!!!💮[]💮🍁
Non-Fictionපමාවුණු වසත් සිහිනයක් අභියස... සීතල නිම්නයක් ලද උණුසුම් හදවතක්.. සරත් අඳුරෙන් රහසේ ආ වසන්තය ඔබ.. 🍃🫧 දෙහදක අසම්මතේ...!!!💮🍁 (Started On:- 2023/09/01)