08 කොටස...

334 24 18
                                    

Threesha pov...!🕊️

මම ඉදියෙ සැලෝන් එකට ඇවිත්...ක්ෂණික සිතුවිලි එද්දි ආයෙ මුරන්ඩුකාර කම ඉහටම ගහල උන්නු මං ඒවා කරන්න දෙපාරක් නොහිතද්දි අම්මලාගෙ කෑගැහිල්ල මැදම මං ආවෙ අද නම් කොන්ඩෙ බූ ගානව කියල හිතාගෙන....

ඔව් මට මේ කොණ්ඩෙ විකාරයක් වගේ..ඊටත් හිතට ආපු නමක් නොදන්න හැගීම් නිසා නන්නත්තාර වෙලා යන එනමං නැතුව ඉදපු මගේ හිත කිව්වෙම ගිහිල්ල ඔබ මගුල කපපන්....කපල බලපන් උබටම හික් ගෑවෙයි කියල.....ඉතින් ගෙදර මිනිස්සුන්ගෙ නොවදිනා කෑගැහිලි ගනන් ගන්නැතුවම මං ආවෙ සැලොන් එකට.....

මගෙ කොන්ඩෙ පිට මැදට දිගයි....ඉස්සර මං මේකට ආස උනත් අනේ මන්දා දැන් මට කොන්ඩෙ ගැන කිසි ආසාවක් නැ.....තිබ්බත් එකයි නැතත් එකයි.....කරුමයක් කියල නම් ඉහ මුදුනින් පිලි ගන්නවා....

මං කන්නාඩියෙන් පේන මං දිහා බලන් උන්න....ඕල්ඩ් වර්ශන් එකට ගුඩ් බායි කියන්න යන මොහොතෙ අවසානම සෙල්ෆිය....සාමාන්‍යෙන් මං ෆොටෝස් ගන්න කැමති නැ....ඒත් මේක  වැදගත් නිසා සාක්කුව අස්සෙ තිබ්බ ෆෝන් එක ඇදල අරන් මං මිරර් ෆොටෝ එකක් ගහල තියා ගත්තා....ඒ අතරෙ සැලොන් එකේ අක්කා කොන්ඩෙ කපන්න බඩු එහෙම සෙට් කරන් වැඩේට බහින්න ලෑස්ති උනා.....

"අපරාදෙ නංගි ...බලන්නකො ඔයාගේ කොන්ඩෙ මාර හයියයි...ඝනයි...ආයෙත් හිතල බැලුවොත් නරකද....අපි දුක් වෙනවා ලමයො අපිට තියන කොන්ඩ ගැන....එහෙව් එකේ මේක කපන එක නම් අපරාදයක් කෙල්ල.....ආයෙ හිතල බලන්න....."

ආශ්....යකො මගෙ කොන්ඩෙ මට ඕන විදියට...ඒ පැහිච්චකම් මේකිට වැඩක් නෑනෙ.....

හොදවැයින් කියන්න කට නලියෑවත් හීනියට යාගෙන ආපු තරහ පාලනේ කරගෙන මං  අක්කට කතා කරා....

"කපන්න.....මගෙ වැඩ වලට මේක කරදරයි...."

"අනේ මන්ද ළමයෝ ඔයාගෙ කැමැත්තක් ඉතින්...ඔයා කැමති කට් එකක් එහෙම තියද......"

"ම්ම්...මේක"

"අහ්...මේක..අපි බලමුකො...ෆේස් කට් එකත් එක්ක මේකට ඔයා ලස්සනට ඉදී....නයිස් චොයිස්...."

"ම්ම්...."

මම හූමිටි තියල ශේප් උනා...මේ ගෑනි කියවනවා කියවනවා....කන්කරච්චලේ.....ඒකට යුෂී...ගොඩක් කියෙව්වට මොකද මං ආසම ඒ කියවිල්ල දිහා හොරාට බලන් ඉන්න....නිදි.වගේ පෙන්නන හැමවෙලේම උනෙත් ඒක....එයා කියවන අකුරක් ගානෙ මම අහන් ඉන්නව.....අනේ මන්දා මං නිකන් ඇබ්බැහි වෙල වගෙ....පිස්සු හෝන්තුව...ඒකිට පිස්සු මදිවට හොදට හිටපු මටත් පිස්සු හැදෙව්වා.....

දෙහදක අසම්මතේ...!!!💮[]💮🍁Where stories live. Discover now