• 01 •

107 9 13
                                    

ඒ දිහා බලාගෙනම රන්දිව් නෙත් පියාගත්තේ සීතළ මද සුළගක් ඔහුව වෙලාගනිද්දි.

ඒ හැමදේම තප්පර කීපයකට සීමා වුණත් රන්දිව් බලාපොරොත්තු දුණු වේදනාව ඒ ඇදවැටීමේ අවසානෙදි රන්දිව්ට දැනුනේ නෑ..ඒ වෙනුවට ඔහුගේ මුලු සිරුරම සීතල ජල කදක් මතට ඇද වැටුණේ නිහඩ පරිසරයම මහ හඩකින් සලිත කරමින්.

රන්දිව්ගේ මුවින් වා බුබුළු පිටවෙන්න ගත්තේ ඒ මහ ජලකද ඇතුළේ ඔහුට හුස්ම ගන්න අපහසු වෙද්දි.රන්දිව් උත්සාහ කළා ජලය මතුපිටට එන්න.ඔහුගේ දෑත් වගේම දෙපාත් ඒ දිය එහෙ මෙහෙ කරමින් වේගෙන් සෙලවෙද්දි ඔහු ඇස්වලට දැනෙන අපහසුව ගනන් නොගෙන ඇස් විවර කළේ කොළ පැහැයට හුරු නිල්පැහැය පමණක් ඔහුගේ මානෙට විවර කරමින්.

ඒත් ඔහුගේ හැම උත්සාහයක්ම ඵල රහිතයි කියලා ඔහුට තේරුනේ වතුර මතුපිටට යනවා වෙනුවට ඔහුව තව තවත් ජලය ගැඹුරට ඇදිලා යද්දි.

දෑස් පියාහත්තු ඔහු මුදුව පැලදගෙන උන් අත ඉහළට එසෙව්වේ ඉහළට පීනන්න වෙරගන්න.ඒත් නොහිතුව වීදිහට ඔහුහේ ඒ අතට හසුවුණේ ගලක් වැනි යමක්.

එය තදින් අල්ලගත්තු රන්දිව් ආයෙමත් නෙත් විවර කළේ ඒ මොකක්ද කියලා දකින අරමුණින්.

ඔහුට ඔහුගේ ඇස් අදහගන්න බැරි වුණේ ඔහුගේ ඉදිරියේ තිබුණු දේ දැකලා.

ඒක පිළිමයක්.පිළිමයක් කියලා කියන්නත් බැරි තරමටම ජීවමාන බවක් පෙනුනු මිනිස් රුවක පිළිමයක්.දියසෙවෙල් නිසා ඒ පෙනුම හරියටම අදුනගන්න බැරි වුණත් ඒ පිළිමෙ හැඩයෙන් සහ වස්ත්‍රවල පවා දාර කැටයම් කර තිබුණු විදිහෙන් ඒක දක්ශම ශිල්පියෙක්ගෙ අතින් නිමවුණක් බව සැක නෑ.

ඒත් රන්දිව් පුදුම වුණේ ඒ ගැන නෙමෙයි.

ඒ පිළිමේ ඇස් ගැන.

රන්දිව්ගේ මුහුණ ඉදිරියෙන් ම තිබුණු ඒ පිළිමයේ නෙත්වලට තියලා තිබුණේ නිල් පැහැ මැණික් කැට යුගලක්.

ඒත් එක්කම රන්දිව්ට මතක් වුණේ සේදරන්ගේ වචන.

"පල්ලෙදි මහත්තයට පෙනෙයි නිල්පාට ඇස්දෙකක්.ඒ ඇස් දිහාම බලාගෙන ඉන්න...තව දුරටත් ඇස් ඇරන් ඉන්න බැරිවෙනකම්ම කොහොමහරි ඒ දිහා බලාගෙන ඉන්න..."

ස්වර්ණධීරWhere stories live. Discover now