" පිස්සු හැදීගෙන එනවද අශස්...අත අරිනවා මාව "
" බෑ බෑ....මං එයාලට ප්‍රොමිස් උනා ඔයාව එක්කන් එනවා කියලා "
" මොන මගුලක්ද....එහාට යනවා මට දැන් කෙමෙස්ට්‍රි "
" අනෙව් මේ තමුසෙගෙ ඔය කෙහෙල්මල් කෙමෙස්ට්‍රි එක වගේද පැංචාගෙ නම්බුව...ඔයා නිකන් මේ ලතා වෙන්නෙ නැතුව මෙන්න මෙහෙ එන්න "
ඉන්ටවල් එකෙන් පස්සෙ ඩියුටි ගිහින් හිටිය ආරුල් අයියාව කැන්ටිම ගාවදි හොයාගත්තු මං එයා කතා කර කර හිටිය අයියලා මැද්දෙන්ම එයාව ඇදගෙන ආර්ට් සෙක්ශන් එකට යද්දි ආරුල් අයියා මරන්න අරන් යන ඌරෙක් වගේ කෑ ගැහුවා. මේකයි සීන් එක.... මං ඊයේ අපේ ආර්ට් එකේ උන්ට කිව්වා මේ පාර කලා උලෙළට ආරුල් අයියාගෙන් ඇක්ට් එකක් තියන්න කියලා....කිව්වා කියන්නෙ ඉතින් මේ...👉👈 පැංචා පොඩි ඔට්ටුවක් දැම්මා....
කලා උලෙලෙ සංවිධාන කටයුතු කෙලින්ම භාර වෙලා තිබ්බෙ ආර්ට් සෙක්ෂන් එකට...ප්‍රිෆෙක්ට් බෝඩ් එකත් ඕගනයිසේෂන් වලට සම්බන්ධ වෙනවා ඒත් සම්පූර්ණ වගකීම තියෙන්නෙ 12 , 13 ආර්ට් අපිට....ඊයෙ අපි ඕක ගැන නිකමට කතා වෙද්දි අපේ කොල්ලෙක් කිව්වා මැත්ස් එකෙනුයි , සයන්ස් එකෙනුයි , කොමස් එකෙනුයිත් ඉවෙන්ට් පහක්වත් ගමු කියලා...ඉතිං මං පොඩ්ඩක් පොර ටෝක් එකක් දුන්නා මැත්ස් එකෙන් ආරුල් අයියාට සිගින් ඉවෙන්ට් එකක් දුන්නා නම් මරු කියලා...එතකොට අපේ උන් කියන්න ගත්තා ඒක නම් කීයටවත් වෙන දෙයක් නෙමේ කියලා..ඔන්න ඔය කතාව දුර දිග ගිහින් අන්තිමේදි රුපියල් පන්සීයකට දාපු ඔට්ටුව දිනන්නයි මං මේ මේ යස්සයාව ඇදගෙන යන්නෙ.
පව් ඉතින් අරුන් ටික...මගේ ආරුල් අයියා මගේ වචනෙට පිටින් යන්නෙ නෑ....අර කතාවක් තියෙන්නෙ සැමියා බිරිදගේ දෙවියාය කියලා...මං ඉතින් සැමියානෙ...සිගාලොවාද සූත්‍රයේ උනත් කියලා දීලා තියනවා බිරිදගෙන් සැමියාට විය යුතු යුතුකම් ගැන.....මගෙ සුට්ටන් බට්ටිච්චාත් ඉතින් එහෙම තමා....යෝ යෝ....ගැම්මෙන් ඉන්නෝනෙ අප්පා ඩිපියුටියගෙ මල්ලිනේ ඉතිම්
" ඒයි යසිත්..... ඔන්න මං ආරුල් අයියව එක්කන් ආවා "
ආර්ට් රූම් එකේ මොනාද කතා වෙවී හිටිය කොල්ලො ටික ආරුල් අයියගෙ නම ඇහුනා විතරයි හැරිලා බැලුවා. මං බලෙන්ම ඇදන් ආවා නිසා මං දිහා රවාගෙන බලන් ඉන්න ආරුල් අයියා දැකලා උන්ගෙ ඇස් ලොකු උනා....
YOU ARE READING
♥🍓 _𝗦𝘁𝗿𝗮𝘄𝗯𝗲𝗿𝗿𝘆_ 🍓♥ ( Non ff )
Non-Fiction" අහලා තියනවද අශස්....තෝඩු තෑගි දෙන්නෙ උරුමක්කාරයො උනාට මල් තෑගි දෙන්නෙ හිමිකාරයෝ කියලා.... " ආරුල් අයියාගෙ වචන වලට මගෙ බඩේ සමනල්ලු පියාඹනවා වගේ දැනෙනවා....එයාගෙ ආදරේ මේ විදිහට දෙනෙද්දි මට බයයි මාව පුපුරයි කියලා.... " මිනිස්සු ආදරේටම විතරක් නෙමෙයි අ...