41 කොටස 🍓

722 83 126
                                    




" සුභ උදෑසනක් වේවා මා ප්‍රිය මව්තුමියනී සහ අයියණ්ඩියනී "

" අද උදෑසන භෝජනයට මාගේ මව්තුමිය කුමන ආහාරයද සැකසූයේ "

" උදේ පාන්දර ඔලුව කොහෙද හැප්පුනේ චූටි "

අම්මයි අයියයි දෙන්නම පිස්සෙක් දිහා බලනවා වගේ මං දිහා බැලුවාම මම ගිහින් මහ රජා වගේ කකුල් දෙකත් උඩ දාන් සෙටියෙන් ඉදගත්තා.

" යෝහ් මොකක්ද අනේ උදෑසනම ප්‍රබෝධමත් දවසක් ආරම්භ කරන්න හැදුවාම ඔයාලා දෙන්න වැඩේ කනවනෙ "

" අනේ උඹේ ප්‍රබෝධමත්කම...මං කියන් නෑ ඉතින් "

" ඌප්ස් කිරිබත් "

මං හෙමීට අයියා අතේ තිබ්බ පිගානට එබුනා...රතුම රතු පාට උම්බලකඩ කෑලිත් පේන උම්බලකඩ ලුනු මිරිසක් එක්ක අයියා කිරිබත් කනවා.

" අද මොකක් හරි විශේෂ දවසක්ද කිරිබත් හදලා තියෙන්නෙ "

" ඇයි....තමුසෙ අද දවස දන් නැද්ද චූටි "

" නෑනෙ...ඇයි "

මං ඇස් හීනි කරලා අයියා දිහා බැලුවා...අද මගෙ උපන්දිනේද...නෑනෙ ඒකට තව කල් තියනවනෙ...අයියගෙ උපන්දිනේටත් කල් තියනවනේ....ඇනවසරි එකක්වත් ද ඒත් වෙන්න බෑනෙ සකුලුත් මූ එක්ක යාලු වෙලා තව අවුරුද්දක්වත් නෑනෙ...

" අද සහස් අයියාගෙ බර්ත්ඩේ එක "

මොකක් කිව්වා.....හනේ ජෙයියනේ මගෙ සහස් අයියාගෙ උපන්දිනේ ද අද...කවුත ඉතින් දන්නෙ ම්හුක් පැංචාට කවුරුත් කිව්වෙවත් නෑනෙ...

" විසල් අයියේඒඒඒඒඒඒ ඔහ් සොරි "

මං ඇස් ලොකු කරන් අයියා දිහා බලන් ඉද්දි දොරත් ඇරන් පොඩි ඌරු පැටියෙක් දුවන් ආවත් සාලෙ උන්න අපේ අම්මව දැක්කා විතරයි අපේ අයියගෙ ඔඩොක්කුවට පැනලා බෙල්ලෙ එල්ලෙන්න හැදුව ඌ බ්‍රේක් පාරක් ගැහුවා.

" සකුල්....මොකද මේ උදේ පාන්දර "

" උදේ පාන්දර වෙන්නෙ කොහෙද අනේ...දැන් අටත් පහු වෙලානෙ "

" තනියමද ආවේ "

" නෑ සුදු අයියා එක්ක "

සකුලයා ශේප් එකේ ඔලුවත් කස කස අයියට උත්තර දෙන ගමන් මං ගාවින් ඉදගත්තා. ආරුල් අයියා එක්කලු ආවේ කෝ මගෙ මනුස්පයා....අහ්හ් ඔය එන්නේ...

♥🍓 _𝗦𝘁𝗿𝗮𝘄𝗯𝗲𝗿𝗿𝘆_ 🍓♥ ( Non ff )Where stories live. Discover now