56 කොටස 🍓

614 97 136
                                    





" Are you ready to be my beautiful groom "

" yeah....yeah.... i"m ready my handsome "

හරියටම රැයවල් දෙකකට පස්සෙ කෝවිලේ ගේට්ටුව ඉස්සරහ අශස් එනකන් බලාගෙන උන්න ආරුල් උදේ ලා ඉර මැද්දෙ මුත්තුසාමිගෙ පවුලෙ අය එක්ක කෝවිල ඉස්සරහට ආපු එයාගෙ සූරියකාන්ත මල අතින් අල්ලන් අහද්දි චුට්ටිත්තක් රතු උන අශස් ආරුල්ගෙ ඇස් දිහා බලන් උත්තර දුන්නා.

අශස්ගෙ හදවත කවදාවත් නැතුව අමුතු තාලෙකට ගැහෙනවා....කියාගන්න බැරි හැගීම් ගොන්නක් නිසා වචන හිර කරගෙන සැරින් සැරේට ඇස් උස්සලා එයා ගාවම ඉන්න ආරුල් දිහා බලනවා. වටපිට බලලා ආරුල්ගෙ අත අස්සෙ එයාගෙ අත පටලගන්නවා....

" අපි එහෙනම් චාරිත්‍ර පටන් ගමු "

ආරුල් දිහායි අශස් දිහායි බලලා අයියර් කිව්වාම මුත්තුසාමි අශස්වයි ආරුල්වයි දැල්වෙන ගිනි මැලය ඉස්සරහින් වාඩි කෙරෙව්වා....ඊට පස්සෙ ආරුල්ගෙ කනට කරලා මොනවද කියලා ඉස්සරහින් ගිහින් හිටගත්තාම අශස් ඇස් උස්සලා එයාලා දෙන්නා ඉස්සරහා ඉන්න මුත්තුසාමි මාමා , මීනම්මා , දේවාශ් , දියා , ධනුෂ් මල්ලි , ධීර් අයියයි එයාගෙ අලුත් මනමාලියි , ධවානි අක්කයි එයාගෙ මහත්තයයි දිහා බලලා ලාවට හිනා වෙලා ආයෙත් ඉක්මනට බිම බලාගත්තා...

ලැජ්ජයිනෙ අප්පා....දේවාශ් ඇස් ගහනවත් එක්ක...ම්හුක් 😒

" ඔච්චර රතු වෙන්න එපා අශස් තව ටිකකින් ඇත්තටම ඔයාව පුපුරනවා "

බිම බලන් උන්න අශස්ගෙ කනට කරලා ආරුල් කියද්දි අශස් ඇස් හරවලා ආරුල් දිහා බැලුවා....

මෙයා මේ පකක් කතා කරනවා.....
පැංචා ඉන්න සිටුවේශන් එක තේරෙන් නැද්ද මන්දා...

" ම්හුක් "

" සැමියා නේද...ඇයි ඉතින් මෙච්චර ලැජ්ජා හිතිලා ම්ම්ම් "

" අනේ මේ අයියේ....ගිනි පෙලෙල්ලෙන් ගහන්න කලින් කට වහගන්නවද "

" අශස්.... "

" ඉන්නවකො මේක ඉවර වෙලා මං මිංචියක් දාගන්නකන්....එතනින් පස්සෙ තමා මහත්තයො ඔයාගේ අවසානෙ "

අනේ දෙවියනේ....මෙච්චර මේ සුභ වෙලාවක කියන කතාවක්ද මේකා කියන්නේ...ඇගිලි දෙකෙන් එයාගෙ ඇස් දෙක පෙන්නලා ආපහු හරවලා ආරුල්ගෙ ඇස් දෙක පෙන්නලා බෙල්ල කපනවා වගේ තමන්ගෙම බෙල්ල දිගේ ඇගිල්ල අරන් ගිය අශස් ගස්සලා අහක බලාගද්දි ආරුල් ලොකු කෙල ගුලියක් ගිලලා ඉස්සරහා බලාගත්තා.

♥🍓 _𝗦𝘁𝗿𝗮𝘄𝗯𝗲𝗿𝗿𝘆_ 🍓♥ ( Non ff )Where stories live. Discover now