"දැන් කොහෙ පන්සලටද ඔය යන්නෙ පොඩී?" දිග අත් වැලමිට ගාවට නවපු සුදු ෂර්ට් එකට බේජ් කලර් ට්රවුසර් එක ඇඳලා අතක වොච් එක බැඳගන්න දඟලන මන්තීශ් ගාවට ඇවිත් නෙතුක්ෂ ඇහුවෙ මල්ලිගෙ වොච් එක බැදගන්න උදව් කරලා...
"මාලිගාවටම ගිහින් එන්නම් අයියේ... මටත් වඩා අර කේෂව්ට ආසලුනෙ පන්සලකට යන්න. කලින් ගිහින් නැල්ලු. එයා කියද්දි තමා මං දන්නෙත් එයා කැතලික් කියලා. තිසෙව්ටත් එන්න කිව්වා. අපි කට්ටිය ගිහින් එන්නම්." මන්තීශ් කලින් දවසෙ කෝල් එක වෙලේ කේෂව් කියපු දේවල් මතක් කරේ...
කොල්ලා කවදාවත් මීට කලින් පන්සලකට ගිහින් නැල්ලු... හිමීට හිමීට කතාවෙන් කතාවෙන් කොහොම හරි මාලිගාවට ගිහින් එන්න කේෂව් වැඩේ සෙට් කරගෙන... මන්තීශ්නුත් ඉතින් උඩින්ම කැමති වුණා...
"ආ.... ඔයාගෙ අර යාළුවාව එක්කගෙන එන්න. මගේ යාළුවාවත් එක්කගන්න ඕන... ඔයාලට අඳුන්වලා දෙන්න... අපි කට්ටියම යමු" කේෂව් එහෙම කියපු නිසා කාගෙවත් අකමැත්තක් තිබුණෙත් නැති එකේ තිසෙව්ටත් කතා කරලා මන්තීශ් වැඩේ ලෑස්ති කරා.
"කොහොමද ඔයාලා දැන් යන්නෙ? වාහනේක යනවද බස් එකේද? මං ඩ්රොප් කරන්නද කට්ටියව?" නෙතුක්ෂ අහන්නෙ මන්තීශ් මෙහෙම වැඩිය අලුතෙන් අඳුරගන්න මිනිස්සු එක්ක ඇවිදින්න යනවා වගේ දේවල් කරන්නෙ හරි කලාතුරකින් නිසා...
"නෑ අයියෙ, කේෂව්ගෙ කාර් එක එනවා. ඒකෙ යමුලු... අපි හතරදෙනාට ඇතිනෙ... හවසටත් එහෙමම එනවා" මන්තීශ් කිව්වෙ ඔක්කොම විස්තර ටික ගෙදර අයට දන්වන්න කලින් ඉඳන්ම අහගෙන තිබුණු දේවල් එක්ක.
"අහ්ම්- අ- හරි, පරිස්සමෙන් එහෙනම්... වැඩිය දඟකරන්න එපා හොඳේ? අද පෝය නිසා සෙනඟ වැඩි ඇති" අයියා කිව්වෙ තව මොනා හරි කියන්න ගිහින් ඒ වචන ටික ගිලගෙනමදෝ කියලා මන්තීශ්ට නොහිතුණාමත් නෙවෙයි....
"හරි හරි අනේ.... දඟවැඩ කරන්න මං පොඩි එකෙක් කියලා හිතුවද අප්පා... මං හොඳ ළමයෙක් හුම්!" මන්තීශ් සුවඳ මීදුමෙන් තමන්ව පොඩ්ඩක් නාවගෙන අයියවත් හේතුවක් නැතුවම සුවඳෙන් නාවලා අයියගෙ බඩටත් අත මිට මොළවලා හිමීට පාරක් දීලා එන්න ආවා....
ESTÁS LEYENDO
සස්යුග || Ongoing
Ficción Generalඒත් මනුස්සයෙක් ආදරෙයි නම් ආදරෙයි කියන්න ඕන නැද්ද? හිතේ තියෙන දේ හිතේම හිරකරගෙන පොළොවට පස්වෙලා යනවට වඩා ඒ හැඟීම ජීවත් කරවන එක කොයිතරම් වටිනවද? අයිතියක් නැද්ද කෙනෙක්ට හැඟීමකට වටිනාකමක් දෙන්න? ඒ දේවල් බෙදාගන්න? ______ කේෂව් තෙව්යුග ද සිල්වා මන්තීෂ් සස්...