හැමදාමත් වාගෙ අදත් අහස මගේ දුක අහන්නට සැරසීගෙන ය.
අහේතුකවම හිත දුකින් පිරී ගොස් ඇති නිමේශයක ඊටත් ඉහළින් මා අසළ කිසිවෙකුත් නොමැති නිමේශයක මා හට අහස දෙස බලාහිඳීම තරම් දෙයක් නැත්තේම ය. නමුදු ඒ මීට වසර ගණනාවකට කලියෙනි. දැන් අහසටත් වඩා මා හඳුනනා මාව හඳුනනා අයෙක් මගේ ජීවිතයේ සිටින්නේ ය.ගත වූ නිමේශයේ අහේතුකව ම දුකින් හිත පිරී ගිය ද ඊළඟ නිමේශයේ මාගේ සුරතේ රැඳී ඇති දුරකථනයේ හඬ රැව් දෙන බව නම් නොඅනුමාන ය.
'My sky 🤍'
දුරකථනයේ තිරය මත එසේ සටහන් වෙද්දී ඔහු වෙනුවෙන් උපන් ආදරය සීමා මායිම් වැටකඩුලු බිඳ දමා දෝරේ ගලන්නේ ය.' හලෝ'
කොළ පැහැති අයිකනයේ ඇඟිලිතුඩු ස්පර්ශ වෙද්දී මගේ හිත නිවන්නා වූ ඒ හඬ ඇසෙන්නේ ය.' මං දැන් එන්නද රූ ... '
ඔහු විමසන්නේ ය.'ඒත් දැන් ... හදිස්සියෙම ඇයි ?'
මගේ හඬින් පැවසෙද්දී ඇමතුම විසන්ධි වන්නේ ය. කෙසේවුවත් අත්දැකීමෙන් මා දන්නා කාරණය වන්නේ දැන් ඒ මගේ ආදරය හිමි තරුණයා සිටින්නේ මගේ නිවසට ඉතාමත් ආසන්නයෙන් බව ය.ඉදින්, තවමත් මා හට වටහාගත නොහැක්කේ ඒ දුඹුරුපැහැ දෑස්වල හිමිකරු මා හට මෙතරම් ආදරය කරන්නේ මන්දැයි යන්න ය.
' රූහී.... '
මගේ අම්මාගේ හඬ මුළුතැන්ගෙයි සිට උඩුමහළෙහි මගේ කාමරය දක්වා ඇසෙද්දී ඒ දුඹුරු පැහැ දෑස් දැන් මා එනතුරු ගේට්ටුව අසල රැඳී හිදිනා බව මා හට සහතික වන්නේ ය.'එනවා අම්මා'
'ඉක්මනට එන්න රූහී ....'
අම්මා ඔහු සමඟ යනෙන දිසාවන් නොසොයනා විට මීට වසරකට පෙරාතුව නම් දැනුනේ මහත් පුදුමයක් බව ඇත්ත ය.
එනමුත් අම්මා හට මා කෙරෙහි ඇති විශ්වාසයටත් ඉහළින් ඔහු කෙරෙහි ඇති විශ්වාසය උඩුදුවා ඇති බැව් මම දැන් දන්නෙමි.අහේතුකව ම දෑසට නැඟුණු කඳුලු කොපුල් දිගේ පහළට දුවද්දී ඒ දුඹුරු ඇස් අයිතිකාරයා මාව වැළඳගන්නේ අහේතුක ශෝකයට තිත තබමින් ය.
' රූ... මොකද උනේ... ඇයි මේ කියන්නකෝ'
දහසකුත් වැඩ අතරමඟ දමා ඇවිදින් මෙතරම් සැහැල්ලුවට වචන ගළපන මේ සොඳුරු පෙම්වතාගේ දැක්මෙන්ම මා නිවී ඇත්තේ ය.
YOU ARE READING
රූ
Non-Fictionමං රූ... මේ අපේ කතාව... එයා වෙනුවෙන්... ආයෙම නො එන ඒත් මං හැමදාමත් මඟ බලන එයා වෙනුවෙන්.... මේ ෆැන්ටසියක් නොවුණු ෆැන්ටසියක්... ඉතින් අවසර ... රූ 💚 ආකාශ්