...දුඹුරු දෑස් හිමිකරු අම්මාටත් තාත්තාටත් වැඳීමෙන් අනතුරුව පිටත්ව ගියේ ය. මම පසුපස නොබලා කාමරයට පැමිණියෙමි. නමුත් මඳ වෙලාවක් යන්නට මත්තෙන් මගේ වැඩිමහල් සහෝදරයා මගේ කාමරයේ දොරකඩ විය.
~ 05 කොටස ~
' සුදූ '
ඔහුගේ දෑස් දෙස කෙළින් බැලීමේ හැකියාවක් නැත්තේ මය. ඉදින් ටයිල් පොළොව දෙස නෙත් යොමා ගෙන උන්නෙමි.
නිහඬබවේ ප්‍රතිඵලයක් ලෙස ඔහු මා වැලඳගත්තේ ය.' අනේ '
' ඇයි?'
' ම්ම්හ්'
' ඔයා නෝමල් ඉන්න සුදූ... අපි කවුරුත් ඔයාට ගහන්නෙ බනින්නෙ නෑ නෙ... අනික ඔයා වැරැද්දක් කරලත් නෑ නෙ...'
' ඒ උනාට..'
' ඒ උනාට මොකෝ?'
' නැහ් '
' මල්ලිට කියන්න ගෙදර අයත් එක්ක ඊළඟ ඉරිදා එන්න කියලා...'
' එච්චර ඉක්මනට?'
' කවදහරි වෙන්න ඕන දේවල් තව තව කල් දාන්න ඕන නෑ නෙ සුදූ'
සත්‍යයකි. ඒ දුඹුරු දෑස් හිමිකරු හමුවීමේ පටන්ම පැවති අහම්බකාරක ස්වභාවය දැන් නැත්තේ මය. එක අතකට මේ සිදුවෙන්නේ සිදුවිය හැකි හොඳම දේ නොවේද ? මේ ඉටුවෙමින් පවතින්නේ එකල මා කළ ප්‍රාර්ථනා ම නොවේද ?
ඊළඟ සති අන්තය හුදෙක් ජීවිතයේ එක් සති අන්තයක් නොවුණි. ඒ ගෙවී ගියේ එක් විශේෂ ම වූ දිනයක් බැව් කිව යුතුම ය.
එදින මා ගත සැරසූවේ දම් පැහැ සාරියකි. දම් පැහැ සාරියට අලුත් මෝස්තරයකට අනුව මසා නිම කළ සාරිහැට්ටය මනාව ගැළපිණ. ඊට අමතරව කෙස්කළඹේ දකුණු පසට වෙන්නට දම් පැහැ මල් දෙකක් විය. ඊටත් අමතරව සවන් පෙති සරසන්නට මල් මෝස්තරයක කුඩා අරුංගල් ජෝඩුවක් විය. සියල්ල නංගීගේ අනුදැනුම යටතේ ඇගේ කැමැත්තට අනුව තෝරන ලද්දකි.හද අසාමාන්‍ය ලෙස රිද්මගත වූවත් වේගයෙන් ඒ දවස ගෙවී ගියේ ය.
ඉදින් එදා පටන් නිවෙස්වල අනුදැනුම අතරේ ම ප්‍රේමයේ පරතෙර සොයා යන්නට වීමි.
දැන් මගේ අම්මාගේ කුසින් වැදුවේ මා නොව ඔහු වාගේ ය. කොතෙකුත් පැවසූවත් විවරණය කළ නොහැකි එතරම් ආදරණීය පිරිමියෙකු කෙරෙහි ඊර්ෂ්‍යා කළ නොහැකි ය.
YOU ARE READING
රූ
Non-Fictionමං රූ... මේ අපේ කතාව... එයා වෙනුවෙන්... ආයෙම නො එන ඒත් මං හැමදාමත් මඟ බලන එයා වෙනුවෙන්.... මේ ෆැන්ටසියක් නොවුණු ෆැන්ටසියක්... ඉතින් අවසර ... රූ 💚 ආකාශ්