21 කොටස 🍓

1K 137 68
                                    









" ඔයා දන්නවද අශස් මං අහසට ආදරේ ඇයි කියලා "

අම්මා ආපහු ගියාට පස්සෙ මමයි ආරුල් අයියයි වැව රවුමේ බංකුවක ඉදගෙන වැව දිහා ඔහේ බලාගෙන ඉද්දි ආරුල් අයියා මගෙන් ඇහුවේ මම ඔලුව උස්සලා එයා දිහා බලද්දියි.

" මං හැමදාම හෙව්වෙ අහසක් වගේ මනුස්සයෙක්ව නිසා "

" මේ අහස දිහා බලන හැම තත්පරේම මං ප්‍රාර්ථනා කරේ අහසම බදාගත්තු ලොකුම ලොකු වලාකුලක් වෙලා මට අහස අයිති වෙනවා නම් කියලා "

" ඒ ඇයි දන්නවද අශස් "

" වලාකුලු කොච්චර බිදිලා විසිරිලා ගියත් අහස ඒ වලාකුලු වල බර දරාගෙන හිටියා"

" හරියට උඹ මාව දරාගෙන අල්ලන් ඉන්නවා වගේ "

" අයියේ..... "

මගෙ අතක් උඩින් එයාගෙ අතක් තියලා ආරුල් අයියා මං දිහා බලලා හිනා වෙලා ආයෙත් වැව දිහා බලාගත්තා.

" මං කොච්චර අවාසනාවන්තයෙක් උනත් දෙවියෝ මට අහසක් දුන්නා.... මට මං වෙන්න පුලුවන් තැනක් හදලා දුන්නා "

මං හිමීට එයාගෙ අත් බාහුවකට මගෙ කම්මුල තද කරලා එයාට හේත්තු උනා. මගෙ ඇගිලි එක්ක පැටලිලා තියන එයාගෙ දිග ඇගිලි දිහා ටික වෙලාවක් බලන් ඉදලා ඇස් දෙක පියාගත්තා.

" තව ටික වෙලාවකින් අපි ආපහු කොළඹ ඉදී.... "

" හිතක් පපුවක් නැති සල්ලි පස්සෙම දුවන විස පිරුණු මිනිස්සු ඉන්න ලෝකෙක හිර වෙයි "

" ඒත් එකම එක දෙයක් අමතක කරන්න එපා අශස්.... මොන මගුල උනත් මං උඹට මහ ගොඩක් ආදරෙයි "

එච්චරමයි....ඊට එහා කිසිම දෙයක් නොකියපු එයා රැලි ගහන වැව දිහා ඔහේ බලාගෙන උන්නා....මං දන්නවා අයියේ ඔයාට බය ඇති....ආපහු කොළඹට ගිහින් අර හිරකාරයෙක් වගේ ජීවත් වෙන්න වෙන ජීවිතේට බය ඇති....

එයාගෙ අත තද කල්ලා මිරික ගත්තු මම කාටවත් පේන් නැති වෙන්න හොරාට වගේ මං කම්මුල තද කරන් හිටිය එයාගෙ අත් බාහුවට හාදුවක් දුන්නා.

ඔයාට ඕනා උන අහස මම වෙන්නම්....ඔයාගෙම පවුලෙ අය ඔයාගෙ හදවත බිදින හැම තත්පරේකම , අහස බිදුන වලාකුලු අල්ලගෙන ඉන්නවා වගේ මම ඔයාව අල්ලගෙන ඉන්නම්....සීමාවක් නැතුවම ඔයාට ආදරේ දෙන්නම්...ඔයාට ඔයාවම හොයලා දෙන්නම්....ඔයාගෙ මුලු ආත්මෙම අල්ලගන්නම්...

♥🍓 _𝗦𝘁𝗿𝗮𝘄𝗯𝗲𝗿𝗿𝘆_ 🍓♥ ( Non ff )Where stories live. Discover now