18 . කොටස 🐯🐰

1.5K 143 9
                                    

සීතල හාදූ❤️

                    ❤ ෴  🐯🐰  ෴ ❤️

⸙..

⸙..

⸙..










' කොහෙද යන්නෙ ඔයා..හ්....'

' එන්නම් ඉන්න...'

' කළුවරයිනෙ....'

' පවර්කට් එක ගැන බලන්න කෙනෙක් ආවා මං බලලා එන්නම් ඉක්මනට...'

' ම්ම්....'




ජන්කූක්වත් අරගෙන පරිස්සමෙන් කාමරේට ආව ටේහ්‍යුන් ඔහුව ඇදෙන් ඇල කරවලා ඒ ගත වැහෙන්නම පොරවනය දලා කාමරෙන් එළියට ආවේ දෝරත් වහගෙන..ටේහ්‍යුන්ගෙ උණුහුමේ ඉදලා ඈත් වුණාම ජන්කූක්ගෙ ගත⁣ට ⁣ආවේ දරාගන්න බැරි තරමේ සීතලයක්..දෙඅත් පවා වෙවුලනවා වගේ දැනෙද්දි පොරවනට අස්සටම ගුලි වෙලා දෙපා පටලගෙන දෙතොල් එකිනෙක තද කරලා හපාගත්තෙ දෙතොල් ගැහෙන්න පටන් ගත්ත නිසා...

' සර්..ඔඩර් එක...'

' ආා..තෑන්කීයු....'




සේවකයා විදුලිය නැතුව ගිය කාරණාව බලලා පිටත් වෙලා යනකොටම රාත්‍රි කෑම ඔඩර් එක ආවහම එකත් අරගෙන දෝර වහලා දාලා ටේහ්‍යුන් උඩ කාමරේට ආවා...යාන්තමින් හි⁣ස පමණක් පෙන්න පොරවනය අස්සට ගුලිවෙලා උන්න ජන්කූක් දිහා බලාගෙනම කාමරේ ඇතුළට ආව ටේහ්‍යුන් කෑම ට්‍රේ එක මේසය උඩින් තියන ගමන් ජන්කූක් ට කතා කරේ කෑම කන්න...



' ජන්කූක් නැගිටින්න කෑම කන්න එන්න....'

' ........... '

' ජන්කූක්.....'

' ම්ම්....'

' කෑම කන්න රස්නෙන් තියෙනවා...'






රැග් එකෙන් තුවාය අරගත්ත ටේහ්‍යුන් ජන්කූක්ට කතා කරගෙනම නානකාම⁣රයට ගියා..ඇදුම් සේරම ඉවත් කරලා නිරැවත් ගතින් ශවර් එක යටට උන ටේහ්‍යුන්ගෙ ගත හිරැවැටිලා ගියෙ වතුර වලින් දැනෙන සීතලට වඩා මොහොතකට පෙර ගෙල පාමුලට දැනුන ජන්කූක්ගේ සීතල සුසුම් මතක් වෙලා..ටේහ්‍යුන් ඇඟිලිතුඩු වලින් ගෙල පාමුල හිමිට පිරිමැද්දෙ තවමත් එතනට සුසුම් පහස දැනෙනවා වගේ හැඟෙද්දි...




සීතල හාදූ  [ 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚✅ ]Where stories live. Discover now