CHAPTER 06

14 1 2
                                    

" මේ හෙට මොකද කරන්නේ මාලිගාවේ යනවද"

" ම්ම්...යමු ආයෙ ඉතින් කවද එන්නද මම ගිහිල්ලත් නෑනෙ"

"හ්ම්...මේ මොකෝ අර උබෙ වැඩේට උනේ"

" මොකක්ද බං"

" ඇයි බං KDU"

" ආහ් ඒක ගොඩ මචං"

" අඩෝ සිරාවටම... දැන් කවදද යන්නෙ"

" ඊලග සතියෙ යන්න වෙයි "

" හ්ම් good luck බං පරිස්සමට කරන වැඩක් කරපං"

" හ්ම්...උබ මොකද කරන්න ඉන්නෙ දැන්"

" මම ඉතින් කෙලින්ම lawyer කෙනෙක් තමයි"

" ම්ම්...ඒක හොදයි "

" එහෙනම් මේ සතියෙ මුලු නුවරෙම ඇවිදලා පලයං...ආයෙ ඉතින් උබ මෙහෙ එයිද දන්නෑ නේ..."

" හසිත...මං උබට දෙයක් කියන්නද"

" කියපං ඉතිං උබ මට නොකියන දෙයක් නෑනෙ"

"  මට මාර හිස් බවක් දැනෙනවා බං "

" ඒ මොකද ඒ එකපාරටම කවුරු මොනා කිව්වත් උබ ආතල් එකේ හිටපු එකානෙ"

" මං ඒකට හේතුව දන්නවා ඒත් මට හිතෙනවා ඒක මෝඩ වැඩක් කියල "

" මොකක්ද දැන් හේතුව"

"මං අර කෙල්ලට කැමතියි "

" මොකක්....මොන කෙල්ලද...යකෝ ඔහොම කනට ගහනවා වගේ කියනවද බං ඕව, හරි කියපංකෝ මොන කෙල්ලද දැන් ඔය කියන්නේ කව්ද මේ ගහක් ගලක් වගේ ඉන්න මනුස්සයෙක් හිත හොල්ලපු කෙල්ල"

" අරකි බං අර මට එදා වැව රවුමෙදි හම්බුනේ"

" පිස්සුද යකෝ උබට මේ දවස් දෙකක් දැකල ඒකත් අහම්බෙන්... කාගෙ කව්ද දන්නෑ කිසිම දෙයක් හරියට දන්නෙ නැතුව කොහෙවත් ඉන්න කෙල්ලෙක්ට කැමතියි කියන්න "

" දැනගන්නම ඕනිද ආදරේ දැනෙන්න"

"අනේ මන්ද බං උබට හොදයි නම් ඉතින් මටත් ප්‍රශ්නයක් නෑ,දැන් උබ ඕක කියනවද ඒකිට"

" මං දන්නෑ බං...ඒකි කැමති වෙයිද"

" උබ ඉතිං ඕක හිතේ හිරකරන් ඉන්න එකේ කියල දාපං"

" හ්ම් බලමුකෝ "

" උබ ඕව හිත හිත ඉන්න එපා... දැන් නිදා ගනිං උබට කොහොමත් වැරදෙන්නෙ නෑ සදෙව් පරිස්සමට උබේ ගමන පලයං"

You've reached the end of published parts.

⏰ Last updated: Oct 17, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

YOU MAKE MY HEART SMILE 🥺❤️Where stories live. Discover now