"අම්මෝ මාසෙකින් විතර මේ දෙන්නට මතක් වෙලා තියෙන්නෙ මේ පැත්ත...."
වත්සුණු ආන්ටි අපි දෙන්නව එහෙම කියලාමයි ගෙදරට පිළි ගත්තෙ....එයා පාලුවෙන් ඉන්නෙ...මේ ගෙදර එයා විතරයිනෙ ඉන්නෙත් ඉතිං....අම්මයි වත්සුණු ආන්ටියි කිචන් එක පැත්තට සේන්දු වෙද්දි මං සාලෙ මැද නැවතුනා....
ආන්ටිගෙ ගෙදර මාර කියුට්....හැම තැනක්ම වගේ එහෙමයි මෙහෙ....ඇතුලට ආවම හිත නිවෙනවා....මං ඉස්සරහම තියන සුදු පාට ජනේලෙ ගාවට ආවා...එතන බිත්තිය අයිනෙ පොඩි ටේබල් එකක් තියනවා...මං දැකලා තියනවා අපි මෙහෙ එන සමහර දවසට ආන්ටි ඔතන වාඩි වෙලා එළිය බලං ඉන්නවා...එතන එයා සුදු පාට වාස් එකක් තියලා ෆ්‍රෙශ් මල් දාලා තියනවා...ෆ්‍රෙශ් මල් කිව්වට ඔය කඩේ තියන ඒවා නෙවෙ,වත්තෙ තියන මල් වලිං හදපු බොකේ එකක්....අද ඕකිඩ් මල් එකක්,දම් පාට එක්ක සුදු පාට වාස් එක හරි ලස්සනයි....
මං එතන තියලා තිබ්බ උස පූටුවෙන් වාඩි වෙලා ආන්ටි කියව කියව ඉඳලා තියලා ගිය පොත් ගොඩෙන් පොතක් හෙව්වා....ආන්ටිගෙ ගෙදරම තියනවා මිනි ලයිබ්‍රි එකක්....එයා නිතරම පොත් කියවන නිසා කඩෙන් ගත්ත පොත් එකතු කරලා හදපු එකක්...මං මෙහෙ ආවම වැඩිපුර කාලෙ ගෙවන්නෙ ඕක අස්සෙ තමයි....අම්මයි ආන්ටියි කතාවට වැටුනම එයාලට බාදා කරන්න යන්න හිතෙන් නෑ...මං කරන්නෙ පොත් කියවන එක....
දෙව්රූ....
තිළිණය කියලා ඉස්සරහ ලියලා තිබ්බ පොත අතේ තියන් ඉද්දි මං දැක්කෙ දෙව්රූ බෑග් එකකුත් කරේ දාං ගේට්ටුවෙන් එලියට එන හැටි....මං මොහොතක් ප්‍රමාද වෙන් නැතුව ගේට්ටුව දිහාවට දුවන් ගියා...
"දෙව්රූ....."
එයා යන්න හැරිලත් ආයෙ නැවතුනා...අර බාගෙට වැහුන ඇස් මං ගාව නැවතුනා....
"කොහෙද යන්නෙ....?"
"මං ගෙදර යනවා ශාහි..."
"ගෙදර..?"
"ඔව් ආච්චි ඉන්න දිහා..."
"ඇයි හදිසියෙම..?"
එයා එයාගෙ ගෙදර දිහා බලලා ලොකු හුස්මක් නිදහස් කරා...ඒ කරලා මං දිහා බලලා හිනා වුනා...ඒ හිනාවෙ තිබ්බෙ මොනා හරි කියන්න ඕන වූනත් ඒක කියන්න බැරි ගතියක්...
YOU ARE READING
Ex (Ongoing - Slow Update)
Non-Fiction______ ඔයාටයි මටයි එකට ගමනක් නෑ... අපි ගැන ඇත්ත ලෝකෙට කියන්න අපිට බෑ කවදාවත්.. මගෙන් ඈත් වෙන්න... _______ ලෝකෙට ඕන විදියට ජීවත් වෙන්න අපිට බෑ.. ඔයාට සතුටින් ඉන්න මාව ඕනෙයි කියලා හිතුනොත් එන්න... මං බලං ඉන්නවා.. _______ 🚫උපුටා ගැනීමට අවශ්ය නම් කතෘ...