" දේව්.... අපිත් ග්‍රවුන්ඩ් එකට යමුකෝ "
සෙතුම් මාවත් ඇදගෙන වගේ ග්‍රවුන්ඩ් එකට යද්දි මං ඈත තියාම ග්‍රවුන්ඩ් එකේ උන්න ආරුල් අයියාව දැක්කා. අද උදේ ඉදන් ස්කෝලෙ ඇතුලෙ පෞර්ෂ සංවර්ධන වැඩසටනහක්....උදේ ලෙක්චර් කෙනෙක් ඇවිල්ලා පොඩි ලෙක්චර් එකක් දුන්නා....ඉන්ටවල් එකෙන් පස්සෙ පිට්ටනියෙ ක්‍රීඩා වැඩමුලු දෙක තුනක් තියනවා. ආරුල් අයියලාව නම් ඔය අමතර වැඩ වලින් නිදහස් කරලා තියෙන්නෙ....මොකද එයාලට exam එකට තව ටික දවසයි තියෙන්නෙ.....අපේ අයියත් දැන් අමතර වැඩ වලින් ඈත් වෙලා පාඩම් කරන එකමයි කරන්නේ...
මං ඇවිත් ළමයි ගොඩට එකතු උනාම ආරුල් අයියා එයාගෙ අතේ තිබ්බ ෆයිල් එකේ මොනවද ලියලා ඒකත් අරන් යන්න ගියා. අඩුම තරමේ එක බැල්මකින්වත් මං දිහා නොබලා යන්න ගියා.හිත රිදුන් නැතුව නෙමෙයි...මට ගොඩාක් රිදුනා...අඩන්න බැරිකමට බොරු හිනාවක් හරි මවාගෙන ඉන්න මං ගොඩක් උත්සහා කලා.
" ආරුල් අයියා එක්ක රණ්ඩුවක්වත් උනාද...උඹව දැක්කෙ නෑ වගේ ගියේ "
" ඒක රණ්ඩුවක් නෙමෙයි සෙතුම්.... "
" එහෙනම් "
" හැමදාම එකම මලක් හොයන් ආපු බඹරෙක්ට ආයෙත් ඒ මල ලගටවත් එන්න බැරි වෙන්න ඒ මලම දාපු තහංචියක් "
සෙතුම්ගෙ කරට අත තියලා කිව්ව මං උගෙන් ඈත් වෙලා ග්‍රවුන්ඩ් එකේ තිබ්බ බෙන්ච් එකකින් ඉදගත්තා.
අද සකුල් ස්කෝලෙ ආවෙත් නෑ....මට ටිකක් තනියම ඉන්න ඕනා...මං සාමාන්‍යයෙන් තනියම ඉන්න කැමති මනුස්සයෙක් නෙමේ...මං කවදාවත්ම තනිකමට ආදරේ කරලාත් නෑ....තනියම ඉන්න තත්පරේක උනත් මං ප්‍රාර්ථනා කරේ මට හැමදාම මං ලගින් ඉන්න ආදරණීය මනුස්සයෙක්ව ආදරේ කරන්න, ජීවත් වෙන්න ,ජීවිතේ බෙදාගන්න ලැබෙන්න කියලා.
මම හැමදාම හෙව්වෙ ආදරණීය මනුස්සයෙක්ව.....මට ඕනි උනේ ජීවිතේ හැමදේම බෙදාගන්න...ජීවිතේ වෙන හැම සිදුවීමක් ගැනම කතා කරන්න....ආදරේදි සතුටෙදි දුකකදි වැළදගෙන ඉන්න.....තනියම කෝපි කෝප්පයක් බොනගමන් මගෙ හිතත් එක්ක කල්පනා කරනවා වෙනුවට විනාඩි දෙක තුනක් හරි හරි මාව අහන් ඉන්න ආදරණීය මනුස්සයෙක් එක්ක ගත කරන්න , මගෙ ඒ ප්‍රාර්ථනාව දෙවියන්ට ඇහිලද කොහෙද ඉතිං අවසානෙට මට එහෙම මනුස්සයෙක් මුණ ගැහුනම ඇත්තටම මම මං ගැනම සතුටු උනා කිසිම දවසක තනිකමත් එක්ක බැදෙන්නෙ නැතුව මගේ මේ ජීවිතේ මේ ආදරණීය මනුස්සයා වෙනුවෙන් ඉතිරි කරගත්‍තට !
YOU ARE READING
♥🍓 _𝗦𝘁𝗿𝗮𝘄𝗯𝗲𝗿𝗿𝘆_ 🍓♥ ( Non ff )
Non-Fiction" අහලා තියනවද අශස්....තෝඩු තෑගි දෙන්නෙ උරුමක්කාරයො උනාට මල් තෑගි දෙන්නෙ හිමිකාරයෝ කියලා.... " ආරුල් අයියාගෙ වචන වලට මගෙ බඩේ සමනල්ලු පියාඹනවා වගේ දැනෙනවා....එයාගෙ ආදරේ මේ විදිහට දෙනෙද්දි මට බයයි මාව පුපුරයි කියලා.... " මිනිස්සු ආදරේටම විතරක් නෙමෙයි අ...