Chapter 1

309 36 31
                                    

අද සෝල් යුනිවර් සිටි එකට විශේෂ දවසක්...

හයි ස්ටඩී වලට යුනි එකට අලුත් බැජ් එක ජොයින් වෙන්නේ අද...

ඒ අය වෙනුවෙන් යුනි එකෙන් ඕගනයිස් කරලා තිබුන මීටින් එකට පස්සේ ෆැකල්ටි වෙන වෙන ෆස්ට් ඉයර්ලගේ මීටින් එකක් ගත්තා..

ඒ යුනි එකේ වැඩපිලිවෙල ගැන ශිෂ්‍ය මට්ටමෙන් එයාලව දැනුවත් කරන්නයි..

මේ වැඩේ හැමදාමත් බාර වෙන්නේ සෙකන්ඩ් ඉයර්ලට නිසා අද අපිට ගොඩක් කාර්‍ය බහුල දවසක්...

විශේෂයෙන් මට..

මන් කිම් ටේහියුන්...සෙකන්ඩ් ඉයර් බැජ් ලීඩර්..ගොඩක් කාර්‍යබහුල කෙනෙක්..

මන් ගොඩක් කාර්‍ය බහුලයි කිව්වට ඉතින් මන් කාර්‍ය බහුල මගේ රාජකීය නින්ද නිසා මිසක් වැඩ නිසා නෙමෙයි...

මන් බැජ් ලීඩර් නිසා බැජ් එකේ අනික් අය ලව්වා අදාල වැඩකටයුතු කරවගන්න මට පුලුවන්කම තිබුනා.එයාලට කියලා කරව ගන්න බැරි වැඩ වලට මට මැදිහත්වෙන්න සිද්ද වුනා..

අද දවසේ මට නියමිත වැඩ ටිකත් වෙන කාටවත් කියලා කරවගන්න බැරි නිසා අද මන් ගොඩක් බිසී කෙනෙක්...

සයන්ස් ෆැකල්ටි එකේ අලුත් බැජ් එක පිලිගන්න අපේ බැජ් එකෙන් ලෑස්ති කරපු උත්සවේ වැඩ කටයුතු ගැන හොයලා බලන්න මහන්සි වුන මන් ඒ වැඩ වලට පුංචි කොමාවක් දාලා ෆස්ට් ඉයර් මීටින් එකට ගියා..

මන් යද්දිත් මගේ වම් අත උන ජියෝන් ජන්කුක් වගෙම මගේ දකුනු අත උන කිම් සියෝක්ජින් දෙන්නා අලුත් බැජ් එක අමතන ගමන් හිටියේ...

මන් එතනට ගිය ගමන් මට රෙස්පෙක්‍ට් කල එයාලා මාව අලුත් බැජ්එකට හදුන්වා දුන්නා..

ඊටපස්සේ හරියටම විනාඩි පහක කතාවක් කල මන් සරලව වෙන්න ඕනී දේවල් ගැන එයාලට පැහැදිලිව කිව්වා.

විශේෂයෙන්ම පොරක් වෙලා කැපී පේන්න උත්සහා කරන්න එපා කියලා මන් එයාලට කිව්වා..

මොකද එහෙම අයට ප්‍රශ්න වැඩීයි...

සයන්ස් ෆැකලිටි එකේ අනික් එව්වේ වගේ රැග් සීන් එක දරුනුවට නොතිබුනත් රැග් කලා...

ඒ හෙනම චූටී කාලයයි..හැබැයි එක එක්කෙනාගේ හැසීරීම මත ඒ කාලය වැඩීවීමේ සම්භාවිතාවක් තිබුනා..

ඒ නිසයි අපි ෆැක්ල්ටි එක ගැන කල් ඇතුව අලුත් අයව දැනුවත් කරලා තියන්නේ..

------------------------------------------------------------

juhi_sara  මේක ඔයාට අක්කි...😁💖

මන් මේක ලියලා ඉවරයි..චැපි 40 ක් තියේ..
කැමති විදිහට අප්ඩේට් ඉල්ලන්න...🙃❤️

මේක මගේ අනික් කතාවලට වඩා වෙනස් එකක් වේවී...🤭

I love my life...💖 //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱//Donde viven las historias. Descúbrelo ahora