" හෙලෝ ආන්ටි !! බූ බූ ගෙදර ඉන්නවද !!!? "
" බූ බූ !!? කවුද ඒ !!? අනික ඔය ළමයි කවුද !!!? "දොර ළග හිටගෙන හිටපු මැදි වියේ කාන්තාව එහෙම අහද්දි එතන හිටගෙන හිටපු මිටි ගෑනු ළමයා අනික් ගෑනු ළමයගේ පස්ස පැත්ත හයියෙන් මිරිකුවා....
" ආහ් !!! ජිමි....ශ්ශී !!! "
තමන්ගෙ නම කියවෙන්න යන්නෙ කියලා දැනගද්දි ඒ ගෑනු ළමයා කලින්ටත් වඩා හයියෙන් අනික් කෙල්ලගේ පස්ස පැත්ත මිරිකගෙන දත් තිස්දෙකම දාලා ඉස්සරහ ඉන්න කාන්තාව දිහාවට සිරික්කිය දැම්මා....
" අ...අහ්...ආන්ටි මේ...ජිමිශ්ශී...එතකොට මං...."
" ජන්කුකුශ්ශි !!! "
උස ගෑනු ළමයා කියලා ඉවර වෙන්නත් කලින්ම මැදට පැනලා මිටි ගෑනු ළමයා උත්තර දීලා දත් තිස් දෙකම පෙන්නලා හිනා වෙද්දි උස ගෑනු ළමයගෙ කට ඇදවෙලා ගියා....මේ ළමයි දිහා එතන හිටපු මැදි වයසේ කාන්තාව උඩ ඉදන් පහළටම බැල්මක් දැම්මා....
හුගක්ම කොට අත් නැති නිල්පාට ෆ්‍රොක් එකක් ඇදන් හිටපු මිටි ගෑනු ළමයා එහෙට මෙහෙට ඇඹරෙද්දි අලුපාට එකක් ඇදලා හිටපු ගෑනු ළමයා මමියක් වගේ ගල්වෙලා හෙල්ලෙන්නෙවත් නැතුව හිටගෙන දත් තිස්දෙකම පෙන්නලා හිනා උනා....
" අ..අපිට සෝයෝන්ව හම්බෙන්න පුලුවන්ද ආන්ටි !! අපි එයාගෙ යුනි එකේ යාලුවෝ !!! "
අයෙත් සැරයක් කොට ගෑනු ළමයා කතා කරද්දි දෙන්නා දිහාවටම සැක මුසු බැල්මක් පාකරපු කාන්තාව ගේ ඇතුළට ඇවිදන් ගියා....
ඇවිදන් යන කාන්තාව දිහා බලාගෙන හිටපු දෙන්නගෙන් උස ගෑනු ළමයා අත් දෙකෙන්ම අල්ලලා තමන්ගේ ෆේක් බ්‍රේස්ට් දෙක උඩට උස්සගද්දි මිටි ගෑනු ළමයා අත දිගෑරලා හයියෙන් පාරක් උස ගෑනු ළමයගෙ ඔලුවට ගැහුවා...
" යාහ් කුක් !! තමුන්ට පිස්සුද කියනවා !!! ජිමිශ්ශී !!! ඒ වගේ බූරු නමක් කිව්වෙ ඇයි කියනවා !!! තව ටිකෙන් අතටම අහුවෙනවා ගොං හා තඩියා !!! "
" ඉතින් මට පුරුද්දට ඔයාගෙ නම කියවෙන්න ගිය නිසයි මං ඒක එහෙම්මම වෙනස් කරේ !!! අනික ඇයි තමුන් මගෙ පස්ස මිරිකුවේ !!! "
YOU ARE READING
🧬 DNA 🧬 [ Min Yoongi Sinhala ff ]
Azioneඅතිදක්ෂ ලෝයර් කෙනෙක් උනු ලෝයර් කිම් සෝක් ජින් මුලු හන්ගුක් පුරාම ප්රසිද්ධ වෙලා හිටියා වගේම රහස්පරීක්ෂන පැත්තෙන් මේ වෙනකොට හන්ගුක් වල දෙවනියට වැඩියෙන්ම ප්රසිද්ධියක් ඉසිලුවේ ලෝයර් කිම් යටතේ පුරුදු පුහුනු උනු S2Q රහස් පරීක්ෂක කන්ඩායමයි.... එතකොට පළවෙ...