27 කොටස 🍓

1K 130 52
                                    










" දේව්...... මාව ඇහෙනවද මල්ලී..... "

" එ...පා....හ් මාව මරන්න එපා "

" ශ්ශ්ශ්.....කවුරුත් ඔයාව මරන්නෙ නෑනෙ...හරි හරි....ම්ම්ම්ම්....මං ඉන්නවා "

අර පොටෝ එකේ උන්න මනුස්සයාගෙ නපුරු ඇස් මතක් වෙද්දි මගෙ මුලු ඇගම හිරිවැටිලා යනවා.කන්දෙක කීං ගාලා යන වේදනාවක් එක්ක මගෙ ඔලුව ඇතුල පිස්සු නටන්න ගත්තා.

අපහැදිලි මූණවල් ගොඩක් මැද්දෙ මාව හිර වෙලා....අනේ මගෙ අත් දෙකේම ලේ.....කොහෙන්ද මේවා.....ඇයි මගෙ ඔලුව මෙච්චර රිදෙන්නේ....දෙයියනේ ඔලුවෙන් ලේ එනවා...

එපාහ්......අනේ මාව මරන්න එපා....

ඔලුවත් අල්ලන් මං යටි ගිරියෙන් කෑ ගහද්දි මාව කාගෙ හරි අත් දෙකක් මැද්දෙ හිර උනා. මාව තද කරලා බදාගෙන ඒ කෙනා මගෙ පිට අතගාද්දි කෑ ගගහා උන්න මං ටික ටික සන්සුන් උනා.

" ශ්ශ්ශ්....මොකුත් වෙන් නෑ....සන්සුන් වෙන්න මල්ලී"

" කවුරුත් ඔයාව මරන්නෙ නෑ..... "

" සේරම හොදින්...."

මං හිමින් හිමින් ඇස් අරිද්දි යුගාන් අයියා මාව බදාගෙන මුමුණන වචන මට ඇහුනත් මං තවත් ඉන්නෙ බය වෙලා.

ආරුල් අයියගෙයි මගෙයි අතීතේ....
ඒ අපේ අතීතෙද ?
අනේ....ඒ කියන්නෙ මං අර තරම් චූටි කාලෙද එයා මං ලගට ආවේ.... අ..අපිට එච්චර ලස්සන කාලයක් තිබුනද.....ඒත් ඇයි දෙයියනේ මෙච්චර දවසක් මට මෙ දේවල් අමතක වෙලා තිබ්බේ......මගෙ ජීවිතේ ලස්සනම පරිච්ඡේද ටික විතරක්ම ඇයි මගෙන් ඈත් උනේ.....

" එ...යාව ඕනා "

" මල්ලී......... "

" මගේ ආරුල් අයියාව ඕනා.....අනේ අයියේ ප්ලීස්....මාව එයා ලගට එක්කන් යන්නකෝ "

" ඒත් දේව්.... "

" එයාව බලන්න ඕනා මට....අනේ මාව එක්කන් යන්නකො අයියේ...ආරුල් අයියා හොදින්ද කියලා බලන්න ඕනා...."

" ශ්ශ්ශ්.....අඩන් නැතුව ඉන්නකෝ ලමයෝ... කෝ මුලින්ම මේ වතුර එක බීලා ඉන්න "

යුගාන් අයියා මගෙ අතට වතුර කෝප්පයක් දීලා කිව්වාම මං එක හුස්මට ඒක බීගෙන බීගෙන ගියා. මං වතුර බොන දිහා බලන් උන්න එයා ඊටපස්සෙ පෝන් එක අරගෙන කාටද මන්දා මැසේජ් දෙක තුනක් දාලා මගෙ ඔලුව අතගෑවා.

♥🍓 _𝗦𝘁𝗿𝗮𝘄𝗯𝗲𝗿𝗿𝘆_ 🍓♥ ( Non ff )Where stories live. Discover now