අහම්භයක් ?

1.8K 156 16
                                    


" අම්මටසිරි මනෝජ් අයියෙ ! දැක්ක කල් යකෝ. මොන ලෝකෙද බං අතුරුදහන් වෙලා හිටියෙ , පෝන් වැඩත් නෑ.....

" Class එක්ක ඉස්සරහ පෝන් එක කනේ ගහගෙන හිටපු උගෙ ඔලුවට එකක් ගහපු මං කට්ටිය හිටියා කියල ගාණක් නැතුව පැනපු ගමන් උගෙ බෙල්ල වටේ අතදාලා මගෙ කිහිල්ල අස්සට ඌව හිරකරගත්තෙ උගෙ කනකුත් මිරිකන ගමන්.

මං පැනපුපාරට උගෙ ළඟින්ම හිටපු එකෙක්ගෙ කුට්ටම කුඩුවෙන්න කික් එකකුත් වැදිල ඌ ඇටදෙක අල්ලන් මට රවාගෙන මාරු උනා..
මාත් මගෙ මැර ෆේස් එක දාලා බෙල්ල හරහට ඇඟිල්ලෙන් ඉරක් ඇඳල පෙන්නුවෙ ඌ සෙනඟ අස්සෙ වාෂ්ප වෙද්දි.....

" ආව්... මොන මගුලක්ද කරන්නෙ ???
අතෑරපන් බං ....???
කවුද උඹ ??
මං මනෝජ් නෙවෙයි !!!

" අනේ අයියෙ උඹ හිතුවද මං පොට්ටයෙක් කියල උඹව අඳුරගන්න බැරි වෙන්න ???

" ආයි බෙල්ල අතෑරපන්කො යකෝ. මිනිස්සු බලන් ඉන්නවා...

" මට මිනිස්සු බලන් ඉන්න එකේ ප්‍රශ්නයක් නොවුනත් මනෝජ් අයියා මස් කඩේට දක්කන ගොනා වගේ දඟලන්න ගත්ත නිසා මං උගෙ බෙල්ල අතෑරියා...

" කවුද බං උඹ ? පිස්සුද ?? "

" උඹට මේ ටිකට මගෙ නමත් අමතක උනාද අයියෙ. හරි කමක්නෑ උඹට මාව අඳුරනව කියන්න ලැජ්ජද දන්නෑනෙ ! සොරි වෙන්න ඕනෙ !!!

Anyway happy birthday , sorry for late wishes !!!

ගිහිල්ලා එන්නං bro... !!!

" ඒ...ඒ... බං ඔහොම හිටපන්කො !!!
මල්ලි, මං මනෝජ් නෙවෙයි බං ... උඹට වැරදිලා... මං ධවාන්.....!!!

" මොකක්ද ධවාන් ... ඒ කියන්නෙ උඹ මනෝජ් නෙවෙයි ද ???

" ඒකනෙ බං මං මෙච්චර වෙලා කිව්වෙ !!!
උඹ ඔය කියන මනෝජ් මං වගේ වෙන්න ඇති ඒකයි උඹ රැවටිලා තියෙන්නෙ !!!

" ඈහ්.... ඒක වෙන්න පුළුවන් ද ?

" කෝ පෙන්නපන් උඹෙ මනෝජ්ගෙ පොටෝ එකක් !!!

" ධාවන්ගෙ කීමට පෝන් එක අතට ගත්ත මං මනෝජ් අයියගෙ පොටෝ එකක් හොයාගන්න ගැලරියේ යටට යටට ගියේ පිදුරු ගොඩේ ඉඳිකට්ටක් හොයනව වගේ උගෙ පොටෝ එකක් හොයාගෙන. ඒ තරමට මගෙ ගැලරියේ පොටෝ පිරිලා. කොහොමහරි ඌයි මායි ගත්ත සෙල්ෆියක් යන්තං හොයාගත්තා...!!!

RioWhere stories live. Discover now