" ඔව් මගෙ රත්තරං ආදරේ අන්ධයි තමයි. හැබැයි ඒ මගේ. මගෙ ආදරේ උඹේ පර්වතයක් වගේ ආදරේ ඉස්සරහ පුංචිම පුංචි වැලිකැටයක් විතරයි. මං කොහෙද බං උඹට ආදරේ කරල තියෙන්නෙ , මගෙ ආදරේ නිකං විහිලුවක් බං. උඹගෙ පණටත් වඩා වටිනව කියල දීපු මේ පොත අද උඹ මාව දාලා යන්නම යනකල්ම මං කියෙව්වෙ නැත්තෙ මං උඹට ආදරේ කරපු නිසා කියල දැන් මට කීයටවත් හිතන්න බෑ මගෙ වරුණ් මැණික...!!! "මෙච්චර වෙලා මං කියවපු පිටු හැම එකක්ම මගෙ කඳුළුවලින් තෙමිල යද්දි මගෙ වස්තුවගෙ කතාවෙ ඉතුරු හරියත් කියවන්න මං ආයෙමත් ඊගාව පිටුවත් පෙරලුවා.....
" එදා රෑ පාර හරහ ඇදල තිබ්බ කේබල් එක මගෙ බෙල්ලෙ පැටලෙනකල් උන්ගෙ ටාගට් එක වෙලා තිබ්බෙ උඹ නෙවෙයි මම කියන්න අපි කාටවත්ම තේරුනේ නෑ. එදා class එක ඉස්සරහදි උඹව බේරන්න මං කෙළින්ම මැද්දට පැන්න හින්ද මෙච්චර කාලයක් උඹලව රැක්කෙ මං කියල නිහාලය හොයාගෙන තිබ්බ. මං ඉන්නකල් ඌට උඹලට අතක් තියන්නවත් ඉඩක් නැති හින්ද තමයි උන් මාව මරන්න එදා රෑ try කරේ. බයික් එකෙන් බිමට වැටෙනවත් එක්කම වැදුනු යකඩ පොලු පාරවලුයි Razor Chain Whip වලින් වැදුනු පාරවලුයි හින්ද මට නැගිටගන්නවත් ඉඩක් හම්බුනේ නෑ. මොකක්ද මන්ද පිනකට උන් මාව ඉවර කරන්න කලින් මගෙ උන්ටික ඇවිත් අරුන්ව ඉවර කරපු නිසා මං එදා බේරුනා. නැගිටල කෙලින් හිටගන්න පුළුවන් උන ගමන් මං ආවෙ උඹ හොඳින්ද බලන්න බං , ඉස්සරහින් එන්න බලද්දි බයික් කීපයක් තිබ්බ හින්ද තමයි මං එදා කුස්සිය පැත්තෙන් ආවෙ. උඹ ගේ ඇතුලෙ ඉන්නව දැක්කහම තමයි මට සැනසිල්ලෙ හුස්මක් වැටුනෙ..!!!
" උඹට අනතුරු අඟවල යන්න හැදුවත් මට ඒ වෙලාවෙ යන්න පණක් තිබ්බෙ නෑ බං , මට සමාවෙයන් එදා උඹේ ඇඟට වැටුනට. උඹ ලේ දකින්න කැමතිනෑ කියල මං දන්නව . සොරි බං බය උනානං !!!
එදා රෑ මට සිහිය එද්දි උඹ මගේ පුරුෂ ශක්තිය උඩ හොඳට නිදි. මාත් ඉතිං ඔහේ හිටිය ආයෙත් කවද හම්බෙන චාන්ස් ඉතිං කියල . !!!
" පහුවදා බැන්න එකටනං මට දහස්වාරයක් සමාවෙයන් මැණික , මේ කතාව කියවපු දවසක පුළුවන්නං මට සමාව දීපන් වස්තු , ගොඩක්වෙලාවට උඹ මේක කියවද්දි මං මේ ලෝකෙ නැති වෙයි, එහෙම උනොත් මට සමාවෙයන් මැණික. උඹ දැන් පෝසත් හින්ද මේ හිඟන්නා කොහොමත් උඹට ගැළෙපෙන්නෙ නෑ පැටියො. ඊගාව ආත්මෙදි සල්ලිකාරයෙක් වෙලා මං උඹව හොයන් එන්නං හොඳද !!!
![](https://img.wattpad.com/cover/355768136-288-k380868.jpg)
YOU ARE READING
Rio
Romanceහිරුට ළංවෙන හැමදේම දැවිලා අළුවෙලා ගියත් ඒ හිරුටම පුළුවන් ජීවයත් උපද්දවන්න.