සැකය පසුපස ලුහුබැඳීම

805 105 6
                                    


ප්‍රවීන් අයියා කරුණු එකින් එක මට හිමීට පැහැදිලි කරල දෙද්දි එයා කියන්නෙ ඇත්ත කියල මට තේරුනා. ඒත් මං ඒ ගත්ත තීරණේ වෙනස් කරන්න පොඩ්ඩක්වත් කැමති උනේ නෑ...

" මං කොහොමහරි ඒක කරනව අයියෙ. නීතියෙන් ගියොත් ප්‍රශ්නනං මං හොරෙන් ඒ වල හාරාල හරි මං ඒක කරනවා....."

" මට ඒකට හා කියන්නත් බෑ එපා කියන්නත් බෑ ධවාන්. ඔයාගෙ දෙවෙන් ඔප්ෂන් එකනං සාර්ථක වෙයි. හැබැයි කරන දෙයක් පරිස්සමෙන් ....!!! "

මං ප්‍රවීන් අයියට සමුදීල ආයෙමත් ගෙදර ආවෙ හිතෙන් ලොකු ප්ලෑන් එකක් ගහගෙන. මං suicide කරගන්න හදපු දවසෙ ඉඳල අයියා ඉන්නෙ මාත් එක්ක . මං කොච්චර ඌව පැන්නුවත් උගෙ ඔෆිස් වැඩත් ගෙදර ගෙනත් මගෙ ඇඟේ කොහොල්ල ගුලිය වගේ ඇලි ඇලී ඉන්නවා
ඒත් මගෙ වාසනාවටද කොහෙද අද මං ගෙදර එද්දි ඌ ගෙදර හිටියෙ නෑ !!!

මං කාමරේ දොර ඇරගෙන අතුලට ගිහිල්ලා පරණ පෝන් එක අරගෙන එක විශේෂ නමක් හෙව්වා.

" ශනිල්ක ... ශනිල්ක ... ශනිල්ක ...!!!
අහ්... මේ ඉන්නෙ .!! "

ශනිල්ක මගෙ දඩබ්බර ගෝලයා... මං ලංකාවෙන් ආවත් උන් A/L ලියනකල්ම මං උන්ට ඉගැන්නුවා. Exam එකෙන් පස්සෙ අනික් උන්ට මාව ටිකෙන් ටික මිස් උනත් ශනිල්කයා මාව අතෑරියෙ නෑ. මං අසනීපෙන් හිටපු කාලෙත් දවසට එකපාරක් හරි ඌ මාත් එක්ක කතා කරනවා. දැන් කියල වෙනසක් නෑ. හොඳින්ද කියල හරි මැසේජ් එකක් උගෙ නමින් වරදින්නෙ නෑ.

දෙපාරක් නොහිතම මං ඌට කෝල් එකක් ගත්තෙ මේ වෙලාවෙ මට විශ්වාසයක් තියල උදව්වක් ගන්න ලංකාවෙ ඉන්න එකම එකා ඌ විතරක් නිසයි .

" හෙලෝ ශනිල්ක...!! මං ධවාන්...!! "

" අම්මෝ..... අම්මෝ....සර්....
අදනං හෙන ගහල වහිනව ඈ.....!!!
නම display වෙනෝ !!! කියන්න ඕනෙ නෑ !!.."

" අනේ මේ.... ඔය බෙලෙක් කට වහගෙන වැලලෙන්නෙ නැතුව හිටහන්..
ලොකු උදව්වක් ඉල්ලන්න ගත්තෙ මං !!!

" ආආආහ්.. ඒක තමයි මේ...!!!
ඒත් මං බැලුවා මොකෝ මේ කවදාවත් නැතුව මාව මතක්වෙලා කියල..."

" දැන් උඹට පුළුවන් ද බැරිද කියපන්කො ?? "

" ඒක කියන්න වෙන්නෙ උදව්ව මොකක්ද කියල කිව්වොත්නෙ !!!
ඉතිං ... ඉතිං ... කියමුකො බලන්න සර්ට ඕනෙ උදව්ව..."

RioOnde histórias criam vida. Descubra agora