සිහිය එනකොට මම හිටියෙ කාමරයෙ ඇඳ උඩ. මගේ මුළු සිරුරම රිදුම් දුන්නේ තලලා දාලා වගේ.
ඊට හපන් වේදනාවකින් ඔළුව පුපුරු ගැහුවා. අත්දෙකින්ම ඔළුව අල්ලගත්ත මම ඇඳේ වාඩිවුණා. ටිකකට කලින් වෙච්ච හැමදේම චිත්රපටියක් වගේ මට මැවිලා පෙනුනා.
දෙවියනේ මම මොකක්ද ඒ කළේ? ජන්කුක් මාව සිපගන්න හැටි මතක් උනාහම මට දැනුනේ ලොකු පිළිකුලක්. ජිමින් ඒ දිහා කේන්තියෙන් බලන් හිටපු විදිහ මගේ පපුව වේදනාවෙන් පිරෙව්වා. ඇස් වලින් කදුළු උතුරන්න ගත්තෙ මං කළේ ලොකු වැරැද්දක් කියලා මගේ හදවත මටම චෝදනා කරද්දි. මට උදව් කරන්න ආව සෙලීනට මොනවා වෙලා ඇත්ද? එයාට මොනවා හරි වෙලා නම් ඒකට වග කියන්න ඕනෙ මම. මං ඇඬුවා.... වේදනාවෙන් මිරිකෙන පපුව අල්ලන්, ඇස් රතු වෙනකල් ඇඬුවා. බැරිම තැන ඇඳෙන් බැස්ස මම දුවගෙන ගිහින් දොරට ගැහුවා...
"අනේ කවුරුත් නැද්ද..... දෙයියන්ගේ නාමෙන් මට එළියට එන්න දෙන්න..... මේ දොර අරින්න"
මම කොච්චර කෑ ගැහුවත් කවුරුත් ආවේ නෑ... අන්තිමට හැම දෙයින්ම ඇති වෙන්න හෙම්බත් වෙලා හිටපු මම දොර පාමුල අප්රාණිකව ඇදගෙන වැටුනා.
ජිමින්ව මතක් වෙද්දි උල් කටුවකින් මගේ හදවත කීතු කීතු කරනවා වගේ වේදනාවක් දැනුනෙ. ඇයි මට මේ තරම් එයාව දැනෙන්නෙ? මම එයාට විරුද්ධව ලොකු පාපයක් කලා වගේ දැනෙන්නෙ ඇයි? ජිමින් තව එක පාරක් මගේ ඇස් ඉස්සරහට ආවා නං මට එයාගෙ දෙපාමුල වැටිලා සමාව ඉල්ලන්න තිබුණා. මම කේන්තියෙන් ඔළුව වේගයෙන් දොරේ හප්පගත්තා... අනේ මම මැරිලවත් යනවනම්....
"රියා.... ඔයා හොඳින් ද "
මට ඇහුනෙ සුකිගේ කටහඬ. මගේ කදුළු ආයෙත් අලුත් උනා.
"අනේ සුකි....මේ දොර අරින්න... ප්ලීස්.... "
සුකි දොර ඇරියා විතරයි මම එයාගෙ සීතල සිරුර තද කරලා වැළඳගත්තා. සුකි ම් අපහසුවෙන් වගේ මාව ඈත් කළා.
"සමාවෙන්න.... මට මාව විශ්වාස නැහැ. දන්නවනෙ මම කවුද කියලා"
සුකි ගොඩක් වෙනස් වෙලා.... මට අදහාගන්න බැරි උනා.... එයා පුදුම විදිහට සුදුමැලී. මගේ නිකටින් උස්සලා තොල් වල තිබුන තුවාල දිහා බලපු සුකි කේන්තියෙන් දත්මිටි කෑවා.
YOU ARE READING
🩸 SWEET SCENT OF BLOOD 🩸 || PJM
Fanfictionමුළු ඇඟම පණ නැතුව අන්ත අසරණ වෙලා හිටපු මම කදුළු අතරින් දැක්කා තව පිරිමියෙකුගෙ ඡායාවක්. ඇසි පිය ගහන ක්ෂනයෙන් ඒ රුව අපි ගාවින් මතු උනා. මං දන්නෑ එයා ඒක මොනවිදිහට කලාද කියලා . හරියට කාලය හරහා ආවා වගේ. 𝗖𝗼𝘃𝗲𝗿 𝗰𝗿𝗲𝗱𝗶𝘁 𝗴𝗼𝗲𝘀 𝘁𝗼-: @Freya_C...