මම ඇස් ඇරියෙ ඇඟට දැනුන අපහසුතාවය ඉවසගන්න බැරුව. වටපිටාව හොඳට හුරු පුරුදු බවක් දැනුන නිසා මං මොහොතක් තුෂ්නින්භූතව කල්පනා කරා.
වගුර මැද මාව ගිලුන හැටි වගේම කවුරුහරි මාව ඒ එක්කම උඩට ඇදලා ගත්තු හැටි බොඳ උන සිනමා පටයක් වගේ මතක් උනා.
මං හිටියෙ ජිමින්ගෙ කාමරේ ඇඳ උඩ . එතකොටම එයයි මාව බේරගෙන තියෙන්නෙ. ඒත් එයා කෝ? දඩි බිඩි ගාලා ඇඳෙන් බැස්ස මම මුළු කාමරය පුරාම එයාව හෙව්වා. එයා ළඟින් දැනෙන අමුතුම සුවඳින් කාමරය පිරිලා. මං දොර අරින්න හැදුවත් පිට පැත්තෙන් අගුල් දාලා තිබුණා. දෙයියනේ එයා කෝ.... මම ඇඳ උඩට නැගලා වකුටු උනේ අඬාගෙනමයි.
ටික වෙලාවකින් දොරේ ඇරන් ඇතුළට ආවේ මම පිස්සෙක් වගේ හොයපු, ආදරය කරපු ජිමින්.
ඒ සුදුමැලි මුහුණ දිහා විනාඩි දෙක තුනක් මම ගල් ගැහිලා බලන් ඉන්න ඇති. ජිමින් නැතුව තුවාල වෙලා තිබුන මගේ හදවත ආයෙමත් පණ ගහන හඬ මට ඇහුණා. එයා හිමින් සැරේ මා ගාවට ඇවිත් ඉඳගත්තා."මේක බොන්න"
ජිමින් උණු කිරි වීදුරුවක් මට දුන්නා. මම මේ තරම් වේදනාවෙන් බැට කද්දිත් එයා මුකුත්ම නොදැනෙන විදිහට මට කතා කරාම දැනුන කේන්තිය ඉවසගන්න බැරුව මං කිරි වීදුරුව අරගෙන පොලොවෙ ගැහුවා.
"ඔයා කොහෙද හිටියෙ?"
එයාගෙ ඇඳුමෙ උරහිසින් මිරිකලා ගත්තු මම කෑ ගහලා ඇහුවා.
"මම නොමැරි මැරුනා.... මට ඇයි ඒ තරම් රිද්දුවෙ?"
එකපාරටම මාව උස්සලා එයාගෙ ඔඩොක්කුවට ගත්තු ජිමින් මට රිදෙන තරමට මාව තදින් වැළඳගත්තා. මගේ වේදනාව , කේන්තිය, දුක ... හැමදේම ඒ තුරුලෙදි දියවුණා. මම දන්නෑ මං කොයිතරම් වෙලා එයාට තුරුල් වෙලා ඇඬුවද කියලා. මම අඬලා ඉවර වෙනකල් ජිමින් මාව තදින්ම තුරුල් කරන් හිටියා මිසක වචනයක් වත් කතා කලේ නැහැ.
ජිමින් ඇඳගෙන හිටපු සුදු පාට කමිසෙ මගේ කදුළු වලින් පෙගුණා. ඒ එක්කම හිතට දැනුන පුදුමාකාර නිදහස, සැනසීම එක්ක මං මොහොතක් ඒ තුරුලෙ ඇස් පියාගත්තා.
YOU ARE READING
🩸 SWEET SCENT OF BLOOD 🩸 || PJM
Fanfictionමුළු ඇඟම පණ නැතුව අන්ත අසරණ වෙලා හිටපු මම කදුළු අතරින් දැක්කා තව පිරිමියෙකුගෙ ඡායාවක්. ඇසි පිය ගහන ක්ෂනයෙන් ඒ රුව අපි ගාවින් මතු උනා. මං දන්නෑ එයා ඒක මොනවිදිහට කලාද කියලා . හරියට කාලය හරහා ආවා වගේ. 𝗖𝗼𝘃𝗲𝗿 𝗰𝗿𝗲𝗱𝗶𝘁 𝗴𝗼𝗲𝘀 𝘁𝗼-: @Freya_C...