ටාරා ආපහු ආවා කියලා දැන ගත්තම මට මහා බයක් දැනුනෙ හෙශ්රොන් නිසා.
මොකද ජිමින් දැන් සාමාන්ය මනුස්සයෙක්. ටාරාගෙ අතින් එයාට මොකක්ම හරි අනතුරක් උනෝතින් මගේ මුලු ලෝකයම මට ආපහු නැති වෙනව.
මං කාමරේට ගියේ එයා තවම නිදි කියලා හිතාගෙන. ඒත් ජිමින් නැති බව දැක්කම මගේ මුලු ඇගම අමුතුම බයකින් හිරි වැටුනා .
"ජිමින්..... ජිමින් .... ඔයා කොහෙද.. "
මම කාමරයෙ හැමතැනම ගිහින් බැලුවෙ පිස්සුවෙන් වගේ කෑ ගගහා. ඉනට තුවායක් ඇදගෙන දගකාර විදිහට කොන්ඩෙත් පිහ පිහ ජිමින් නාන කාමරයෙ ඉදලා පිටතට ආවමයි මට සැනසීමක් දැනුනෙ.
"මනුස්සයෙක් වෙලා අවුරුදු පන්සීයකට පස්සෙ නා ගත්තම දැනෙන හැගීම මොන වගේද දන්නවද?"
ජිමින් අතින් කොන්ඩෙ ගැසුවෙ මගේ මූනට වතුර විසික් වෙන විදිහට.
" දන්නවද ඔයා පේන්න හිටියෙ නැති උනාම මම බය උනතරම?"
මම එයාගේ කරවටේ අත්දෙක යවලා වතුර බේරෙන කොන්ඩෙ අතරින් ඇගිලි යැව්වා .
" මොකටද ඒ තරම් බය උනේ?"
"දන්නවද ටාරා ආපහු ඇවිත්"
"ටාරා ආපහු ඇවිත්!"
"ඔව්..... මට සෙලීනයි කිව්වෙ"
"ශිට් වෙලාවටම මං මනුස්සයෙක් උනා නෙ.... නැත්නං මම එයාට යහතින් ඉන්න දෙන්නෙ නැහැ."
ජිමින් කේන්තියෙන් දත්මිටි කන හඩ මට ඇහුනා. මාව මරන්න හදපු නිසා ටාරාත් එක්ක ලොකුම හතුරුකම තිබුනෙ එයාට. ඒත් මං නිසා එයාට වැම්පයර් ජීවිතය අහිමි උනා.
"දුක් වෙන්න එපා රියා.... ඔයා මාව කොහොම හරි පරන තත්වෙට ගන්නව කියලා මං දන්නවා"
"මට බැරි උනොත්?"
"ඔයා ගොඩක් අමුතු කෙනෙක් රියා.... ඔයාට ලැබිලා තියන හැකියාවත් ඒ වගේ.... මීට කලින් ඔයාගෙ ජීවිතේට සෑහෙන්න ප්රශ්න ආවනෙ... ඒත් ඔයා ඒ හැම දේම දරා ගත්තා. ඉතිං මගේ කෙල්ල මේ ප්රශ්නෙත් විසදනවා කියලා මම දන්නවා"
මම ජිමින් නිරුවත් පපුවෙන් ඔලුව තියාගෙන ඇස් වහන් ඒ පපුව ගැහෙන හඩ අහගෙන හිටියා. එයා කිව්වා වගේ ඇත්තටම මට පුලුවන් වෙයිද හැම දෙයක්ම කලින් තිබුන තැනටම ගේන්න?
YOU ARE READING
🩸 SWEET SCENT OF BLOOD 🩸 || PJM
Fanfictionමුළු ඇඟම පණ නැතුව අන්ත අසරණ වෙලා හිටපු මම කදුළු අතරින් දැක්කා තව පිරිමියෙකුගෙ ඡායාවක්. ඇසි පිය ගහන ක්ෂනයෙන් ඒ රුව අපි ගාවින් මතු උනා. මං දන්නෑ එයා ඒක මොනවිදිහට කලාද කියලා . හරියට කාලය හරහා ආවා වගේ. 𝗖𝗼𝘃𝗲𝗿 𝗰𝗿𝗲𝗱𝗶𝘁 𝗴𝗼𝗲𝘀 𝘁𝗼-: @Freya_C...