characters
.
.
.
.සත්නිඳු නෙලීශ් දිසානායක.
වයස අවුරුදු 22 යි
විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක්.
සල්ලි ආකරේක ඉපදුණු නිසා ඔලුවෙන් ඉඳී කියලා හිතුවට ඒ ගැන ගානක්වත් නැති කොල්ලෙක්.
ඒ උනාට ලොකු එක නැතුවමත් නෙමෙයි.
වැඩිය කතාබහක් නැති කෙනෙක්.
වැලි කතරෙට වැටිච්ච දිය බිඳක් වගේ තමයි හිනාවුනොත් හිනාවෙන්නෙ.
(ඉස්සරහටත් ඒක එහෙම ම වෙයිද යාළුවනේ?)" සුවඳ විහිදන්න බැරි වුණාට වීදුරු මලුත් ආසයි කාගෙ කාගෙත් ආදරේ ලබන්න..."
යාදව් අකේන්‍ය කොඩිතුවක්කු
වයස අවුරුදු 29 යි.
තාත්තා දාලා යන්න කලින් එයාට පවරලා තිබ්බ බිස්නස් ටික බලාකියාගෙන ඉන්නේ.
ඔෆිස් එකේදිනම් හොස්ස ළඟින් මැස්ස යන්න බෑ මරන් කන්නමයි හදන්නෙ.( කොහෙ ගියත් එච්චර තමයි ) ඉතින් ඔෆිස් එකේ හැමෝම ගූ බයයි මේ මිනිහට.
මෙයාගෙ මේ නපුරු ගතිගුණ නිසාම කට්ටිය මෙයාව ආශ්‍රය කරන්න බයයි.
ඒ උනාට අපි වගේ ලැජ්ජ නැති ගෑනුත් මේ මනුස්සයට පැනි හලන්නෙ නැතුවම නෙමෙයි. ( තිරිසන්නු වගේ අනේ )" ගිම්හානයේ උණුහුම වැඩි වුණාට ගිම්හානයත් ආසයි කෙනෙක්ගේ ජීවිතයේ ලස්සන හැඩ මවන්න "
________________________________________
" ඔයාගේ සැනසීම මගෙන් බලාපොරොත්තු වෙන එකෙන් වෙන්නෙ ඔයාව තව තවත් ආගාදෙට වැටෙන එක විතරයි යාද්..."
" මට සැනසීමක් නොවුනට මට ඔයාගෙ සැනසීම වෙන්න බැරි කමක් නෑනෙ සතී.මන් ඉල්ලන්නෙ එක අවස්ථාවක් විතරයි."
"විදුරු මල්වලට ආදරේ කරන්න කවුරුත් නැතිකොට ඔයාට මගේ සැනසීම වෙන්න පුළුවන්කමක් කොහෙන්ද අයියේ?"
"මතක තියා ගන්න සුවඳ විහිදපු හැම මලකටම ආදරේ ලැබුණේ නැහැ සතී..."
_________________________________________
cover එකට ගොඩා~ක් තැන්ක්යූ Freya_Celestie අක්කියෝ.ඒක ගොඩාරියක් ලස්සනයි 😚❤️
ලබන බදාදා සිට update ලබා දේ 😎👉👈
ඒනම් ළමයිනේ පළවෙනි එකෙන් හම්බෙමූ.
ගිහින් එන්නාම් 🌚🖤
YOU ARE READING
වීදුරු මල් ( nonfic_bl )
Non-Fictionඔයාට දැන් ඕනකරන්නෙ අනිත් අය අතින් පළුදු වෙච්ච මාව බිඳලා දාන්නද?" "මට තමුසෙව බිඳලා දාන්න ඕනිකමක් නෑ. කාටවත් බිඳින්න ඉඩ දෙන්නෙත් නෑ."