"නෙලීශ් මල්ලි පොඩ්ඩක් ඔහොම ඉඳපන්!"හිත යටින් ලාවට සතුටක් දැනුණත් කිසි වෙනසක් පෙන්නන්නෙ නැතුව මම පිටිපස්ස හැරුණේ දවස් ගානක් අතුරුදහන් වෙලා තිබ්බ ඒ මූණ බලාගන්න.
එහෙම්මම මා ගාවට දුවගෙන ආපු එයා මගෙ උරහිසින් අතක් තියලා හති අරින්න පටන් ගත්තෙ හරියට නිකන් උසේන් බෝල්ට් එක්ක තරඟෙට දුවලා වගේ.
"මොකක්ද බන් කතා කරාම පොඩ්ඩක් නැවතියන්කෝ රෙද්ද.මන් උබලගේ ලෙක්චර් හෝල් එක ගාව ඉඳන් මේ දුවන් ආවෙ"
මට ඔරව ඔරව බැන්න එයා දිහා මන් බලාගෙන ඉඳියේ මගෙ හිත යටින් හිනා යද්දි.
මෙයා ඇත්තටම සීනියර් කෙනෙක්ද අනේ??
" මොකක්ද අවුල අයියේ??"
මොකට හොයන් ආවද කියලා දන්නෙ නැති නිසාම මම ඇහුවෙ මාව හම්බෙන්න තරම් මෙයාට තියෙන ලොකු හදිස්සිය මොකක්ද කියලා හිත හිත.
" නැ නැ බන් අවුලක් නෙමේ.මන් මේ පොඩි දෙයක් අහන්නයි ආවෙ.අහන්න කිව්වට ඉතිම් මේ කාඩ් එක කියවල බලලම උත්තරයක් දියන්කො "
එහෙම කියපු එයා සාක්කුවට අත දාලා කාඩ් එකක් අරගෙන මගෙ අතට දුන්නා.කාඩ් එක අතට ගත්ත මම කුතුහලයෙන් එයා දිහා බැලුවේ මොකක්ද වෙන්නෙ කියලා හිතාගන්න බැරුව.
" ඒහ්..කලබල වෙන්න දෙයක් නෙමෙයි බන්..වැඩි දෙයක් කරන්න නෑ උඹට තියන්නේ ඕක හෙමීට ගෙදර ගිහින් කියවලා බලලා වැඩේට කැමතිනම් ඕකෙ තියෙන නම්බරේට කෝල් එකක් අරගෙන මට කියන එක හරිද?"
" හ්-හා අයියේ.මන් බලලා කියන්නම්"
" සොරි බන් හොඳේ.මන් උඹ එක්ක මේ ගැන මෙහෙම කතා කරන්න නෙමේ ඉඳියේ.ඒත් මට දැන් යන්න වෙනවා හදිස්සි වැඩක් වැටිලා.එහෙනම් කෝල් එකක් දීපන් මට.. මන් යනවා බන් මල්ලේ.."
හිත ඇතුළෙන් එක එක ඒව හිත හිත ඉඳිය මගේ උරහිසට තට්ටුවක් දාලා ගියපු එයා දිහා මම බලන් ඉඳියෙ මගෙ කම්මුල් ලැජ්ජාවට රත් වෙනවා වගේ දැනෙද්දී.
ශීයා අනේ...මන් කොහොමද හිතුවේ එයා මගෙන් කැමැතිද අහලා ලියුමක් දුන්නා කියලා...??
YOU ARE READING
වීදුරු මල් ( nonfic_bl )
Non-Fictionඔයාට දැන් ඕනකරන්නෙ අනිත් අය අතින් පළුදු වෙච්ච මාව බිඳලා දාන්නද?" "මට තමුසෙව බිඳලා දාන්න ඕනිකමක් නෑ. කාටවත් බිඳින්න ඉඩ දෙන්නෙත් නෑ."