මම ඉඳියේ ලෙක්චර් හෝල් එකේ දොර ඉස්සරහා දෙකට නැමීගෙන සපත්තුවෙ ලේස් එක ගැට ගගහ.වෙනදට ගෙදර ඔක්කොටම කලින් උදේ පාන්දරට ඇහැරෙන මම අද ගෙදර වැඩට ඉන්න ඇන්ටි ඇවිල්ලා ඇහැරනකම් නෙමේ ඇහැක් ඇරලා බැලුවේ.ඉතින් ඒ නිසා අද මට ලෑස්ති වෙන්න පරක්කු වුණ එක අහන්නත් දෙයක් නෙමෙයිනෙ.අඩුම ඇඳන් ආව ඇඳුම ගැනවත් හරිහැටි අවදානයක්වත් දෙන්නෙ නැතුව දුවන් ආවෙ ඒ වෙනකොටත් ලෙක්චර්ස් පටන් ගන්න තිබ්බෙ විනාඩි 20 ක් වගේ පොඩි කාලයක් නිසා.
කොහොමහරි හයි ස්පීඩ් එකෙන් කැම්පස් එකට දුවපු මම ලෙක්චර් හෝල් එකට යන්න අඩිය තියනකොටම ලෙහිච්ච ලේස් එක පැටලිලා කැත නැතුව බිමට වැටුණා.ලෙක්චර් එක පටන් ගන්න තව විනාඩි දහයක් වගේ තිබ්බත් මේ වෙනකොටත් කඩි කුලප්පුවෙන් ළමයි රොත්ත පිටින් හෝල් එක ඇතුළේ වාඩි වෙන්න පටන් අරන් තිබ්බා.ඒ ළමයිනුත් බිම වැටුණ මම දිහා නෝන්ඩියට බලලා ගිහින් ඉඳගත්තේ කිසි හදිස්සියක් නැති මම පාඩුවෙ නැගිටලා පාඩුවේම ලේස් එකත් ගැටගහගෙන හෝල් එක ඇතුළට ගිහින් ඉඩ තිබ්බ තැනකින් වාඩි වෙද්දි.
මේ වෙනකොට ලේක්චර් හෝල් එකේ හැම ළමෙක්ම ඉඳියෙ හෝන්දු මාන්දු වෙලා වගේ.පෙළක් අය ඊයෙ දවස ගැන කතා කර කර ඉදිද්දි මම ඩෙස්ක් එකට ඔලුව ගහගත්තා.
ඊයේ රෑ අපේ මුළු බැජ් එකටම පාටියක් ලෑස්ති කරලා තිබ්බේ අපේ කැම්පස් ජීවිතේ පළවෙනි අවුරුද්ද අවසානේ සතුට සමරන්න.First year එක ඉවරවෙලා සතියක් වුණත් අපිට පාටියක්වත් ගන්න තරම් මානසිකත්වක් තිබ්බෙ නෑ.මොකද අපේ බැජ් එකෙන් බාගෙට බාගයක්ම ඒගොල්ලන්ගෙ ගෙවල් වල ගියේ ලැබිච්ච පුන්චි නිදහස පවා ගෙදර අයත් එක්ක විඳින්න ආසාවෙන්.
ඒත් මමනම් හිත හිත ඉඳියේ කැම්පස් එකේම ඉන්න තිබුණනම් කියලා.ඒ ආසාව කොච්චරද කියනවනම් මන් ගෙදරින් බල කරලා හොස්ටල් නවතින්න අවසර ඉල්ලුවත් අවාසනාවකට ගෙදර අය ඒ කිසි දේකට කැමති වුණේ නෑ.
දැන් හිතන්නෙපා පුළුවන් තරම් ගෙදරම ඉන්න උත්සාහ කරන ළමයි අතරේ ඇයි මන් විතරක් හොස්ටල් බඩ ගාන්න දගලන්නෙ කියලා.ඒකට ලොකුම හේතුවක් තමයි අපේ පවුල.පවුල කියන්නෙ මේන්ලි අපේ තාත්තා.
YOU ARE READING
වීදුරු මල් ( nonfic_bl )
Non-Fictionඔයාට දැන් ඕනකරන්නෙ අනිත් අය අතින් පළුදු වෙච්ච මාව බිඳලා දාන්නද?" "මට තමුසෙව බිඳලා දාන්න ඕනිකමක් නෑ. කාටවත් බිඳින්න ඉඩ දෙන්නෙත් නෑ."