49🦚

2.8K 599 197
                                    

.මයුරයා......

ම්ම්ම්....

නැවතියන්....

මොකද

දැන් උඹ ඔහොම කෙරුවම හරිද???

කොහොම ?

උඹට හොදටම විස්වාසද මයුර මේ ඉන්නෙ උඹමයි කියලා ....

බයික් එකට නැගපු මම හෙල්මන්ට් එක දානවත් එක්කම කල්පනයා බයික් එකේ යතුර ගලවලා අතට අරගත්තා.......ඌ මගෙන් අහනවා මට හොදටම විස්වාසද මේ ඉන්නෙ මම කියලා....

ඇත්තටම මමත් දැන් ඉන්නෙ උභ්භතෝකෝටිකේකට පැටලිලා.....මේ ඉන්නෙ මයුරමද......???

මගෙ හිත තියෙන්නෙ අර ලෑලි පොලව යට ආයම හංගපු නිම්න ළඟ......මාව නිම්නලා තුන් දෙනෙක් ළඟ අතරමන් වෙලා......නිම්නගෙ මුන මතක් වෙන වාරයක් ගානෙම මගෙ කන් ඇතුලෙන් ඇහෙන්නෙ අනූ....චූචි බුංජියගෙ ඔලුව කැක්කුමයිනෙ කියන එක.......මට අඩියක් වත් ඉස්සරහට යන්න දෙන්නෙ නෑ...

හුරතලේ ඇතුලෙන් එයා මට නොකියා කිව්වෙ එයාගෙ නිමක් නැති වේදනාවෙ හෝඩුවාවක් වෙනකොට මට මගෙන් පිට උන වචන වලට කරකියා ගන්න දෙයක් නැති උනා.....

අපරාදෙ මට තිබුනෙ එහෙම කියනකොට බොරුවට හරි වරෙන් වස්තු අනූ අතගාන්නම් කියන්න........ඒත් මං ඒ කොල්ලව පුලුවන් තරම් ඇවිස්සුවා...මට ඝණ දෙවි නුවණ තියනවද ....නෑනෙ.....එත් මට තිබුනා....

ඕක තමයි දෙයියනේ කියන්නෙ නොදන්න පකවල් වලට හොට දාන්න එපා කියලා ..........

...කල්පන උඹ මොක්කද කියන්න හදන්නෙ....කියන්න තියන දේ කියපන්.....

මයුර........මිනිස්සුන්ට ජීවිතේ කිසිම දවසක එකම විනාඩිය ආයම දෙපාරක් ගෙවන්න ලැබෙන්නෙ නෑ.....ජීවිතේ එකම මොහොත දෙපාරක් ලැබෙන්නෙ නැ.....එකම හාදුව දෙපාරක් දැනෙන්නෙ නෑ...රස වෙනස් වෙනවා.........මං අහන්නෙ මේ උඹමද කියලා
...

කල්පනයා.......මට දැන් උඹලගෙ ඔය රචනා අහන් ඉන්න වෙලානැ බන්...කියන දෙ කෙටියෙන් කියපන්.....

.හ්ම්....උඹට මං මොකුත් කියන්නෙ නෑ...පුලුවන් නම් අර දොරකොඩ බලපන්

සෑහෙන අවුලකින් වගේ උන්න කල්පනයා මට ඇහෙන නෑහෙන ගානට වගේ දොරකොඩ  දිහා බලන්න කියනකොට මං කඩේ දොරකොඩ දිහා බැලුවා.....මගෙ පපුව හෝස් ගාලා ගියා......

මයුර නිම්න🦚🦚💐(YIZHAN )✅✔️Where stories live. Discover now