ප්‍රතම වසන්තය ඔබ සතු වූ වගයි!

5.3K 683 486
                                    

අනූ.......

ම්ම්...රත්තරන් .....

නින්ද යන්නෙ නෑ....

ඇයි ඒ  ........ඒත් මට අද නිදාගන්න ඕනනෙ මැනික.....

මං උන්නෙ එයාගෙ අත උඩ .......මං රැයවල් ගානක් මේ රැය ගැන හීන දැක්කා...ප්‍රාර්තනා කෙරුවා......මේ දවස උදා වෙනකන් මං සප්ත සාගරයටත් අනන්ත කදුලු වැගිරුවා........හැම අයිස් ග්ලැසියරයක්ම දියවලා එක්කාසු වෙන වතුර කදටත් වඩා අනන්ත අප්‍රමානයක් මං කදුලු වැගිරුවා...

රතියක් නැති රැයක් වෙනුවට මං ආදරෙ උතුරාපු මොහොතක් ප්‍රාර්තනා කෙරුවා... ඒ අත උඩ....නැත්තන් ඒ පපු මැද්දෑවට මූඅ ගහන් සැන්සීමෙන් මගෙ නින්දට ආවඩන්න හිතුවා.....

දොලහෙ කනිසම පහු වෙලා.......එකෙ හෝරාවටත් ලගයි..මුලු ලෝකෙටම හොරාවට හද එලිය මැද්දෑවෙ කඩුපුල් පෙති දිගාරින රම්‍යතම රැයක මං එයාගෙ සුවද කියන වංකගිරිය අස්සෙ අතරමන් වෙලා උන්නා....

ඒත් එයාට නම් නින්ද කියන අකුරු තුනෙ  වත් තේරම නොදන්න ගානට මාව තුරුල් කරන් සැරෙන් සැරේට මට රහසක් මිමිනුවා....එයා ඉන්නෙ මගෙ ආදරෙන් නන්නතාර වෙලා.....

ජීවිතෙ එක කාර්තුවක හෙම්බත් වෙන්න විරහව වින්ද මං උන්නෙ වසත් සුවදෙ අතරමන් වෙලා...ආපිට ගොඩ ඒමක් නැති තරමට ගිලිලා.......

මං එහෙම්ම ඔලුව චුට්ටක් උස්සලා එයාගෙ මූන දිහා බැලුවා....රැවුල් කොට එදා වගේමයි.....

ඇයි දැන් නින්ද නොයන්නෙ.......

නින්ද නොයන්නත්...නින්ද යන්නත් හේතුව මයුර කිව්වම මගෙ මයුර පිලිගන්නවද ....

ම්ම්ම්ම්.....මොනවද ඔය කුරුටු ගාන්නෙ....

ඊලග ප්‍රේමවන්‍තයට මොන විදිහටද හුස්ම පිඹින්නෙ කියලා මං හෙව්වෙ......මගෙ අනූ අහලා තියනවද හෝලි බයිබල් එකේ පුරාන ගිවිසුමෙ ලෝකය මැවීමෙන් පස්සෙ....දෙවියන්වහන්සෙ මැටි පිඩක් අරගන පිරිමියව මැව්වා කියලා ....ඒ මැටිපිඩට හුස්ම පිම්බා කියලා ....අර ලස්සන ගීතිකාවක් එහෙමත් තියෙන්නෙ කැමති ලෙසින් අඹනු මැනවී මා...දිව්‍ය කලා කරුවානනී...මැටි පිඩක්‍ය මා ඔබේ අතෙ...කියලා ....

ම්ම්ම්...අහලා තියනවා......

ඊටත් පස්සෙ....පිරිමියව දැඩි නින්දකට පත් කරලා ඉල ඇටයක් අරගන ගැහැනිය මැව්වා කියනවා...

මයුර නිම්න🦚🦚💐(YIZHAN )✅✔️Where stories live. Discover now