01.

199 25 26
                                    


" සීයා මම යනවා... "

ශූ රැක් එකේ තියලා තිබ්බ සපත්තුදෙක අතට ගත්ත ජිමින් පුදුම වේගෙකින් ඒවා කකුල් වලට දාගන්න ගමන් පුලුවන් තරම් හයියෙන් කෑ ගහලා කිව්වේ කිචන් එකේ ඉදන් සැන්ඩ්විච් වගයක් අරගෙන කෑම මේසෙ ලගට එන එයාගෙ සීයට ඇහෙන්න.

" කාලා යන්නෙ නැද්ද ලමයෝ. මෙන්න මෙහෙ එනවා ගුටි නොකා."

සපත්තුවේ ලේස් දෙක ගැට ගහන ගමන් එයා දිහා ඇස් දෙකත් ලොකූ කරන් දුක හිතෙන විදිහට බලන් ඉන්න ජිමින්ට එහෙම කිව්ව සීයා එයාගෙ බෙල්ල චුට්ටක් ඇද කරලා රැව්වා විතරයි ඊලග තත්ත්පරේ ජිමින් කෑම මේසේ ලග.

" ඔන්න කෑවා එහෙනම් ... මේන් මං ගියා.."

" ඒයි ලමයෝ.."

සීයාගෙ අතේ තිබ්බ සැන්ඩ්විච් බකට් එකෙන් තත්තපරේට සැන්ඩ්විච් එකක් අරන් කටට දාගත්ත ජිමින් සීයාගේ කම්මුලට හාද්දකුත් දීලා කිලික් සද්දෙ ඇහෙන්න දොරත් වහගෙන එලියට ගියේ අත් දෙකත් ඉනේ තියාගෙන එයා දිහා බලන් ඉන්න සීයාට ඇහැකුත් ගහලා.

***********


"හෝව් හෝව් ඔහොම ඉන්නෝ.. මේ මං එනවා...."

කකුල් දෙකත් පැටලි පැටලි එක උරහිසකට දාලා තිබ්බ බෑග් එකත් බදාගෙන පාර දිගේ දූවලා ගියපු ජිමින්ට අන්තිම මොහොතේදි ස්කූල් බස් එක අල්ලගන්න පුලුවන් උනා.

" ඔයා අදත් පරක්කුයි.."

" අන්තිම මොහොතේ හරි මම ආවානේ. ඉතින් මං පරක්කු නෑ අන්කල් සෑම්.."

ජිමින්ගේ ස්කූල් බස් ඩ්‍රයිවර් වුනු මිස්ටර් සෑම්ට ඇහැක් ගහලා ශේප් කරගත්ත ජිමින් නිශ්ශබ්දව ගිහින් පිටීම පස්සෙ ශීට් එකට කලින් තිබ්බ හිස් වෙච්චි ශීට් එකෙන් ඉදගත්තේ ශටර් එක ගාව ඉදන් කන් දෙකට ඉයර් ෆෝන්ස් දෙකක් ගහගෙන එයා දිහා බලන් මොනවාදෝ මුමුන මුමුන පැද්දෙන ජීවියාට කටත් ඇද කරලා.

" ඕහෝ... ගුඩ් මෝනින් මිස්ටර් ජිමින්.."

ජිමින්ගේ ඇද වෙච්චි කට දැකලා ඉයර් ෆෝන්ස් දෙක ගලවපු එයා ජිමින්ට ඔලුව නවලා ආචාර කරනගමන් හිමීට මිමිනුවා. ඒක දැකපු ජිමිනුත් එයාගෙ බෑග් එක ඔඩොක්කුවට අරන් ඔලුව ටිකක් නවලා ආයෙත් කෙලින් කරගත්තේ තොල් හපාගෙන.

heart of stone 🥀 jikook [ongoing]Where stories live. Discover now