" ඒ පාර කොහෙද ඔය දුවන්නේ.. ජිමින් ඔයා මට පොරොන්දු උනා අද මේ පාත්තිය සුද්ද කරන්න උදව් කරනවා කියලා..."
උදේ කෑමෙන් පස්සේ කාමරේට ගියපු ජිමින් එකපාරම ඇඳුමකුත් දාගෙන බෑග් එකකුත් එල්ලගෙන ලිවින් රූම් එකට එනවා දැකපු සීයා අහද්දි ඉක්මනටම සපත්තු දෙක දාගත්ත ජිමින් දොර ලග නැවතුනා.
" සමාවෙන්න සීයා . මම පොරොන්දු වෙනවා ඊලග දවසේ නම් අනිවාරෙන්ම ඔයාට උදව් කරනවා කියලා. "
සීයා දිහා බලලා ෆ්ලයින් කිස් එකකුත් පාකරලා යවපු ජිමින් හරි හදිස්සියෙන් ගෙදරින් එලියට දිව්වා.
" පරිස්සමින් පුතා."
සීයා කෑ ගහද්දි ඒ පැත්ත නොබලාම අත වනපු ජිමින් බස් හෝල්ට් එක පැත්තට යන්න තිබුනු අඩිපාර දිගේ දුවන්න ගත්තා.
" ආයිශ් මේ බස් එක තාම නැද්ද..?"
විනාඩි පහලවක් විතර බස් හෝල්ට් එකට වෙලා බලන් හිටපු ජිමින්ට අන්තිමට තවත් විනාඩි පහකින් විතර එයා බලාගෙන හිටපු බස් එක ඈතින් එනවා පෙනුවා. තිබුනු තදියම නිසාම හෝල්ට් එක ලග බිම වලවල් තුන හතරක්ම හාරලා තිබුන නිසාම ජිමින්ගේ කකුල් වලට නම් නිදහසක් තිබිලා නෑ වගේ.
" ඔයා පරක්කුයි.."
බස් එකට නැග්ග ජිමින් බස් එකේ ඩ්‍රයිවර්ටත් එහෙම කියාගෙනම ගිහින් පිටීමපස්සේ ශීට් එකකින් වාඩි උනා. මෙච්චර වෙලා එයාගෙ පාලුවට එයා එක්ක හිටපු එයාගෙ බැක්පැක් එක ගලවලා ඔඩොක්කුවෙන් තියාගත්ත එයා ෆෝන් එක අතට අරන් Austin වල එයාලව එදා මිසිස් මෙරීනා එක්කන් ගියපු ගැලරි එකට යන්න මැප් එක ඔන් කරගත්තා.
ඔව් ජිමින් මේ ලෑස්ති වෙන්නේ එයාගෙ ඔලුව පුරාම විකාරයක් වගේ වද දෙන ඒ පිලිමය ලගට ආපහු සැරයක් යන්න. වෙන මොකකටවත් නෙවෙයි ඒක ගැන විස්තර හොයාගන්න. ඒ වගේම ඒකට ඊයේ රෑ පුරාම එයාට ඇහුනු අමුතු හඩත් හේතුවක් උනා.
" Austin වලට යන්න. ඔයාට ඕනෙ විස්තර හොයාගන්න... "
ඊයෙ රෑ පුරාම ඔය වචන ටික විටෙන් විට එයාගෙ කන් වලට ඇහෙද්දි මුලු රෑ පුරාම නිදි නැතුව කල්පනා කරපු ජිමින් උදේම Austin වලට යන්න ලැස්ති උනා.
YOU ARE READING
heart of stone 🥀 jikook [ongoing]
Fanfiction" පොඩ්ඩක් හිටපංකෝ හියුන් කට වහගෙන මම කිව්වානේ මම එයාගෙ මූන බලන්න විතරයි මේ යන්නේ වෙන මුකුත් බලන්නෑමයි." " උබ මූන විතරක් බලන්න ඕනෙ නිසාද එයා නාන වෙලාවෙම බලන්න යන්න හදන්නේ. අනේ මං නොදන්න උබ . මෙන්න මෙහෙ එනවා ගුටි නොකා. අප්පා දන්නවා නම් උබ දැන් මෙතන ඉද...