" ජන්කුක්... කොහෙද දුවන්නේ..?"
කවදාවත් නැතුව උදේ පාන්දරම නැගිටලා අමුතුම උද්‍යෝගෙකින් ලස්සන ඇඳුමකුත් ඇදගෙන ලී වලින් හදපු පුංචි ගේට්ටුවත් ඇරගෙන එලියට යන ජන්කුක් දිහා උදේ ඉදන් කටත් ඇද කරන් පුදුමෙන් බලන් හිටපු ටේ අන්තිමට ජන්කුක්ගේ බෙල්ලෙන්ම අල්ලගත්තේ මොකද්ද මේ විපර්‍යාසේ කියලා දැනගන්නමයි.
" යාහ්. අතාරිනවකො හියුන්. මම ගොඩක් දුර යන්නෙ නෑ අප්පා... "
ජන්කුක් පොඩි එකෙක් වගේ රව රව කියනකොට හිමීට ජන්කුක්ගේ ඇදුමෙන් අතෑරපු ටේ අත් දෙක බැඳගෙන එක ඇහැක් උස්සගෙන ජන්කුක් දිහා බැලුවා.
" එහෙනම්...? කවදාවත් නැතුව උදේම ඇහැරලා කොහෙද මහත්තයා මේ යන්නේ. දන්නවද තාම දවල් වෙලා නෑ ඔයාට නැගිටින්න."
ලාවට කටින් පනින්න හදන හිනාවත් ගිලගෙන මුන ඇබුල් කරන් අතින් ඔලුව කස කස කකුලෙන් බිම හූරන ජන්කුක්ගෙන් ටේ ඇහුවේ ජන්කුක් යන්නේ කොහේ උනත් ජන්කුක් දැන් ජීවත් නම් මේ ලොකෙ නෙවෙයි කියලා දන්න නිසාමයි. කොල්ලට මල් සරා විදලානේ.
" ජීශෙන් වලට අනේ... මම ඉක්මනට ගිහින් එනවා. පොරොන්දු වෙනවා මම ඔයාට ඉර බහින්න කලින් මම ගේට්ටුව ලග ආ... ඔන්න පොරොන්දු උනා.. ඒනම් මං ගියා "
එකපාරම ටේගෙ අත් දෙකෙන් අල්ලන් වැනි වැනී එහෙම කිව්ව ජන්කුක් එයාගෙ සුලැගිල්ල බලෙන්ම ටේගෙ සුලැගිල්ලේ පටලවලා ටේගෙ කම්මුලෙනුත් ඇදලා ඇහැකුත් ගහලා ටේට හිතන්නවත් වෙලාවක් නොදී පාර දිගේම ඉස්සරහට දුවන් ගියා.
" පිස්සෙක් .."
ජන්කුක් උඩ පැන පැන පිටිපස්ස හැරි හැරී පොඩි එකෙක් වගේ දුවන දිහා බලන් හිටපු ටේ හිමීට මිමිනුවේ හිනාවෙවී.
" පරිස්සමින්... "
ටේගෙ හඩ ඇහෙනකොට පිටිපස්ස නොබලාම එයාගෙ අත උඩට උස්සපු ජන්කුක් ඉනේ බැඳලා තිබුනු එයාගෙ රත්තරන් පාට පසුම්බිය අතට අරගෙන ඒකත් උඩ දදා පාර දිගේම ඉස්සරට දිව්වා.
ජීශෙන් කියන්නේ එයාලා ඉන්න පලාතේ තිබුනු ලොකුම කඩවීදිය. එතන එයාලට හිතුන හිතුන දේ ගන්න පුලුවන් තැනක්. කොටින්ම කිව්වොත් ජීශෙන් නගරය පුරාම තිබුනේ එක එක විදිහේ බඩු වලින් පිරුනු කඩ සාප්පු විතරයි. ඉතින් ජන්කුක් හදීසියේම එතනට යන්න තීරනය කලේ...?
YOU ARE READING
heart of stone 🥀 jikook [ongoing]
Fanfiction" පොඩ්ඩක් හිටපංකෝ හියුන් කට වහගෙන මම කිව්වානේ මම එයාගෙ මූන බලන්න විතරයි මේ යන්නේ වෙන මුකුත් බලන්නෑමයි." " උබ මූන විතරක් බලන්න ඕනෙ නිසාද එයා නාන වෙලාවෙම බලන්න යන්න හදන්නේ. අනේ මං නොදන්න උබ . මෙන්න මෙහෙ එනවා ගුටි නොකා. අප්පා දන්නවා නම් උබ දැන් මෙතන ඉද...