06

55 15 4
                                    


 " පොඩ්ඩක් හිටපංකෝ හියුන් කට වහගෙන මම කිව්වානේ මම එයාගෙ මූන බලන්න විතරයි මේ යන්නේ වෙන මුකුත් බලන්නෑමයි."

" උබ මූන විතරක් බලන්න ඕනෙ නිසාද එයා නාන වෙලාවෙම බලන්න යන්න හදන්නේ. අනේ මං නොදන්න උබ . මෙන්න මෙහෙ එනවා ගුටි නොකා. අප්පා දන්නවා නම් උබ දැන් මෙතන ඉදන් කරන දේ ගෙදරින් එලියට අඩියක් තියන්න දෙයි කියලා හිතනවද..?"

" ඉතින් මං කවද්ද එයාට අහු උනේ ආ.... මම දන්නවානේ මගේ ආදරනීය හියුන් එයාගෙ මල්ලිට තියෙද අසීමිත ආදරේ නිස්..."

"ඔය කට වහගන්නවා.."

ජන්කුක්ගේ කියවිල්ල ඉවසගන්න බැරිම තැන ඇස් දෙක උඩට රෝල් කරපු ටේ ජන්කුකීගේ එහාපැත්තේ තිබුනු ගල උඩින් ඉදගත්තා. ඇත්තටම එයාට ඕනෙ උනේ නෑ ජන්කුක් දැන් මේ කරන්න යන වැඩේ අනුමතක කරන්න. ඒත් එයාට ඕනෙ නැති උනත් ජන්කුකාට ඕනෙ නිසාම එයා එයාට උවමනාදේ කරනවාමයි කියලා ටේ දැනගෙනත් හිටියා.

" හරි.. තප්පර හැටක් දෙන්නම්. ඔය මූන බලාගෙන ඉක්මනට එමු හරිද."

අන්තිමට බැරිම තැන ටේ එකගවෙද්දි ජන්කුක්ගේ මූනෙ පාට පාට මල් හැටක්විතර පිපුනා.

" තප්පර හැටක් හොදටම ඇති. මූන විතරයි මං කිව්වානේ..."

ජන්කුක් එයාගෙ ලස්සනම හිනාවෙන් ටේ දිහා බලන් ඉද්දි ආයෙම වතාවක් ඇස් උඩට රෝල් කරපු ටේ නැගිටලා ගල උඩින් තියලා තිබ්බ එයාගෙ කඩුවත් අතට අරන් ජන්කුක්ට ඉස්සර උනා.

ටේ යන දිහා බලන් හිටපු ජන්කුක් එයාගෙ හොර හිනාවත් දාගෙනම ටේගෙ පස්සෙන් යන්න පටන්ගත්තේ අද නම් කොහොමහරි එයාගෙ මූන හරියටම බලාගන්නවා කියලා හිතාගෙන.

" ඒ හියුන්.. එයා ලස්සනයිද.. නෑ මං මේ අහන්නේ ඉතින්. පොසයිඩන්ගේ පුතා කිව්වහම නිල් පාට ඇස් තියෙන්නෝනේ එතකොට පිස්සු හැදෙන තරම් ලස්සන.... හරි ඉතින් ඔහොම බලන්න එපා මම මූන විතරයි තමයි බලන්නෙ.."

ජන්කුක්ගේ කියවිල්ල මැද්දෙ එයාව දවා අලු කරවන බැල්මක් ජන්කුක් දිහාට එල්ලවෙනකොට ඉක්මනටම කට වහගත්ත ජන්කුක් දෙපැත්තෙ එයාලා යන අඩිපාර පැත්තට නැවිලා තියෙන කොල අතු අතින් එහාට කර කර ටේගේ පස්සෙන් ඇවිදන් ගියා.

heart of stone 🥀 jikook [ongoing]Donde viven las historias. Descúbrelo ahora