හවස සිතුම් නාගෙන එනකොට ෆෝන් එක රින්ග් වෙන්න පටන් ගත්තා... වෙන කවුද ඉතිං අශීල් තමයි...
"හෙලෝ... මං කිව්වනේ මට එන්න බැහැ කියලා....." ආන්සර් කරපු ගමන්ම සිතුම් කිව්වේ ගත්තේ මොකටදවත් අහන්නැතුව....
"අම්මෝ... මේ මොකද මේ... මැට්ටෝ... මම ගත්තේ අපේ ගමන ගැන කියන්න නෙවේ ස්කිපී.... වෙන ගමනක්... කෝ අපේ එකා මොකද කරන්නේ..."
"ඔය ඉන්නේ ඇදට වෙලා... කොච්චර කිව්වත් වැඩක් නැහැ සැරින් සැරේ අඩනවා එයා නිසා තමා සේරම උනේ කිය කිය... බබෙක් වගේනේ නලවලම ඇති වෙලා... කියලා බැරිම තැන තමා මාත් මේ නාගෙන එන්න ගියේ..."
"ඕකා ඉස්සර ඉදන් ඔහොමයි... මේ අහන්නකෝ... මං දැන් එනවා... ඔය දෙන්නා ලෑස්ති වෙලා ඉන්න... පොඩි තැනකට යන්න..."
"මේකා එන එකක් නැහැ..."
"ඒවා හරි... සයුරුට කියලා මම ඕකාට කෝල් කරවන්නම්..."
"සයුරුත් එනවද..."
"ඔව් ඔව්... ඌත් ලොකු අවුලකින්නේ ඉන්නේ... ඌ ඔය ප්රිෆෙක්ට් බැජ් එකට කොච්චර ආදරේ කලාද කියලා මුලු ඉස්කෝලෙම දන්නවනේ.. මනීශයටත් කිව්වා... ඌත් එයි... මුන් දෙන්නට ඒකෙන් පස්සෙ හරියකට කතා කරන්නවත් හම්බුන්නැහැනේ..."
"හ්හ්ම්ම්ම්.. හරී.. අපි ලෑස්ති වෙලා ඉන්නම් එහෙනම්... හැබැයි වෙලාව ටිකක ඕනි... මේ පොඩි පගයා නලවලා කරලා ලෑස්ති කරලා ගන්න..."
අශීල් කියපු වෙලාවට බෝඩිම ගාවට ඇවිත් හිටියා... හැබැයි වාහනේ ඩ්රයිව් කරන් ඇවිත් තිබුනේ අශීල්... ශීල්ගේ ඩ්රයිවින් ගැන ඉතින් බය වෙන්න දෙයක් දැන් නැහැනේ... කෙමිත්ව මල කද වගේ ලෑස්ති කරගෙන සිතුම් වාහනේට නැග්ගේ... එයාලා නගිද්දී ඒ වෙනකොටත් රුසිත් ඉස්සරහා ශීට් එකේ හිටියා... ගිය දවස් වල කැත්තට පොල්ල වගේ හිටියට අශීල් ගැන සිතුම් දැනගත්තදා ඉදලා රුසිත් ඉන්නෙත් සිතුම් එක්ක ෆිට් එකේ...
"කෝ අර දෙන්නා..." සිතුම් ඇහුවේ නැග්ග ගමන්මයි...
"සුදත් අයියව යැව්වා ඒ දෙන්නා ගන්න අනිත් කාර් එකේ.... කෝ බලන්න අපේ මලයන්ඩිගේ ලස්සන... ඊයා බං මොකද ඔය මූණ ගොරකා මදුල වගේ...."
YOU ARE READING
සත්මිණ
RomanceCompleted .. පාසල් ප්රේමය... හැමෝම විදින්න ආස හැමෝටම ලැබෙන්නැති හැමෝටම ජය ගැන්න බැරි හරි ලස්සන ආදරයක්.... (සැ. යු. මෙහි එන නම් ගම් ස්තාන සියල්ල මනක්කල්පිත වේ..)