හතලිස් එක් වන කොටස

2.3K 281 18
                                    

තුන් කට්ටුව ඉරිදා උදේ මේ ඉන්නේ group call එකේ...

"බල්ලෝ... උබ ඔච්චර දෙයක් වෙලා රංගයා අපිට ඇවිත් උබ ගැන අහනකන් අපි දන්නෑ..." සිතුම් කෑ ගැහුවේ මනීශගේ උණ දෙගොඩ තලන්න...

"උබලට කියන්න මානසිකත්වයක් තිබ්බේ නෑ බං... උණ හැදුනනේ ඒ අස්සේ.. රෙද්ද..."

"හිත ලෙඩ උනාම ගත ලෙඩ වෙනවා කියලා අහලා නැද්ද... හරි දැන් කියපියකෝ රංගයා මොකද කිව්වේ..  ආන්ටියා ශේප්ලුද දැන්...."

"ඔව් බං... අංකල් කොහොමත් counsellor  කෙනෙක්නේ... ආන්ටිගේ ඔලුව හදලා... මගේ ඒ ලෙවෙල්ස් ඉවර වෙනකන් කිසිම physical දෙයක් බෑ කිව්වලු... අඩුම කිස් එකක්වත් එපා කිව්වලු... ක්ලාස් එක කරන්න කිව්වලු.. හැබැයි සාලේ ඉදන් කරන්න ඕනි... කාමර අස්සේ බෑ කිව්වලු... අපේ අම්මට කියන්නැහැ කිව්වලු.... ඕවා තමා ඉතිං... ඒත් ඉතිං බං මං දැන් කොහොමද කියපංකෝ නිමාලි ආන්ටිට මූණ දෙන්නේ ලැජ්ජවක් නැතුව...."

"උබට කරන කොට හොදයි.. දැන් තමා ලැජ්ජ... උබේ මදන විසේට ඔහොම වෙලා මදි යකෝ... ඒ ලෙවල් ඉවර වෙනකන් ඉදපියකෝ නටන්නැතුව... ඔහොම විසදුන් එකම කොච්චර දෙයක්ද..."

"හරි මිනිහා මට උපදෙස් දෙන්නේ...බලපංකෝ උබත් තව ටික දවසකින් අශීල් ලගට ආවම උබට මොකද වෙන්නේ කියලා... යකෝ සොලොස් විය පහු කරලා අවුරුදු දෙකක් වෙනවා අපි... ඉස්සර මිනිස්සු පළවෙනි ළමයා හැදුවෙත් සොලොස් වියෙන්... හැගීම් කියන දේ අතින් අල්ලන් නවත්තන්න බෑ යකෝ... ආදරේ කරන කෙනා ලග ඉද්දී කොහොමටත් බෑ..."

"අම්මෝ ඒ අතිං මම මාර නිදහස් බං.. මට නෑනේ ඔය ලව් කේස්... මීට මාස දෙකකට කලින් හොදට හිටපු උබලා දෙන්නට වෙච්ච දෙයක්..."

"අනේ මේ බල්ලෝ... තෝ නිකන් හොද එකා වෙන්න හදන්න එපා... අර කෙමිත් මලයා එක්ක එහෙන් මෙහෙන් දාන් ලයින් පාර දන්නැහැ කියලද හිතුවේ අපි... කොල්ලා පොඩි නිසානේ උබ ගැප් එක තියන් ඉන්නේ..." සයුරුට මනීශ කිව්වේ ඇඩෙන්නම...

"මේහ් ඒක නෙවෙයි බං... උබලට මතකද අර අපිට සාප කරලා ගිය පොඩි එකා.... මට ඌව හම්බෙන්න ඕනි... හම්බෙලා ඌට තෑන්ක්ස් කරන්න ඕනි... බලපංකෝ උලත් එකයි පැලත් එකයි වගේ ඉදපු අපි තුන් දෙනාව ප්‍රේමවන්තයෝ කරලනේ ඌ නැවතුනේ... උගේ කටේ මසුරන් දාන්න ඕනි.... මේ.... බං... මම තියනවා.... අශීල් කෝල් එකක් ගන්නවා... එහෙනම් තිබ්බා... උබලා දෙන්න කතා කරපං..."

සත්මිණWhere stories live. Discover now