කොහෙන් කොහොම ගියත් අන්තිමට උනේ ජන්කුක්ට වගේම ටේහියුන්ග් ටත් මේ වෙන දේවල් වලට සද්ද නැතුව කටවහගෙන ඉන්න...
කොච්චර අඩලා දොඩලා කරන්න පුලුවන් හැම විදිහෙන්ම අරත් කියන්න පුලුවන් හැම විදිහෙන්ම දෙන්නාම මේ මැරේජ් එකට බෑ කිව්වත් අවසනෙ දෙන්නාට දෙන්නා මුන ගැහෙන්න දෙමව්පියෝ දවසක් වෙන් කරගෙන තිබුන...
"බලන්න කිම් අපේ කොල්ලා තාම නෑ තමන්ගෙ ජීවීතේ මෙ වගෙ වැදගත් දවසකට වත් ඌට නිවාඩුවක් දාන්න බෑ ඉදපන්කො එනකල්!"
මිසිස් ජියෝන් හොටෙල් එකට වෙලා ජන්කුක් ට බැන බැන ඉන්නේ ජනකුක් දැන් පැය බාගයක් විතරම පරක්කු නිසා..
ඔය අස්සෙ ටේහියුන්ග් අප්පාගෙ වගේම ඔම්මාගෙත් බලකිරීමට මේක අස්සට ආව නිසා බිම බලාගෙන පොලව සූරනවා නියපොතු ටික කනවා තරහෙන ඔරෝගෙන හතර වටේ ඉන්න උන්ට රවාගෙන ඉන්නේ පලිගන්න වගෙ නිකන්...
"කමක් නෑ සේරා පුතා කොහොමත් වගකීම් අතාරින කෙනෙක් නෙවෙයිනෙ...අපි එතකල් මොනවාහරි බොමු.."
මිස්ට කිම් මිසිස් ජියොන්ගෙ හිත හැදෙන්න එක්ක වේටර් කෙනෙක් ලව්වා ජූස් ඕඩර් එකක් දැම්මෙ ජන්කුක් එනකල්...
"මට එපා මොකවත්!"
ටේ කේන්තියෙන් කිව්වෙ මිස්ට කිම්ගෙ මූනට හිනාවක් ගෙනල්ලා මොකද මිස්ට කිම් ටේ ගැන හොදටම දන්නව දැන් ඉන්නෙ තරහින් කියලාත් හොදටම දන්නවා...මිස්ට කිම් ඒ නිසාම ටේගෙ ඔලුව අතගාලා
"මගෙ බෙයා ඔම්මා එක්ක තරහා උනත් අප්පා එක්ක තරහා වෙන්නෑනෙ...නේද?"
"මන් තරහයි!"
"කොච්චරක් තරහාද?"
Mr kim හිනාවකින්ම ඇහුවා
"මන් හැ-..."
ටේට එච්චරයි කියන්න උනේ එතනට ජන්කුක් කඩිමුඩියෙ ආවෙ මිසිස් ජියෝන්ගෙන් සමාවත් ගන්න ගමන්..
"සොරි ඔම්මා මන් ටිකක් පරක්කු උනා.."
ජන්කුක් ඇවිල්ලා පුටුවක් කෙලින් කරලා වාඩි උනේ ටේහියුන්ග් කටත් ඇරගෙන ජන්කුක් දිහා බලන් ඉන්නකොට
ටේට මතක් උනේ එදා ස්කෝලේ සිද්දිය.
ටේට මේ ඉන්නෙ ඒ කෙනාමද කියලා හිතාගන්න බැරුව සැහෙන වෙලාවක් කල්පනා කරලා කරලා ඒ මූන දිහා ඇහිපිල්ලමක් වත් නොගහ බලන් ඉදියේ ඉබේම කටෙ ඇගිල්ලකුත් ගහගෙන..