(Yeongcheon මන් සර්ච් කරපු විදිහට සෝල් වලින් 300km දුර . අනිත් නගර එක්ක ගත්තම මේක ටිකක් පහලින්ලු )
එදා මන් පොඩ්ඩා එක්ක Yeongcheon ආපු එක්ක මන් ගත්ත ගොන් තීරනයක් . මෙහෙට කට්ටිය අඇවිත් අඩු නිසා ලාබ ගානකට motel එක්ක ඉන්න පුලුවන් උනා දවස් දෙකක් . ඒහෙම නොවෙන්න අපි දෙන්නටම පාරේ නිදාගන්න වෙනවා
ඒ දවස් දෙක අතරේ බබාවත් උස්සගෙන මම දහ අතේ ගෙවල් හෙව්වා . ලග තියෙන සල්ලි අඇති ගෙදරක මාස හයකම කුලින ගෙවන්න . ඒත් ඒවා ඉවර උනාගෙන් පස්සේ මොකද මන් කරන්නේ ?
ඔය සේරටම මට උත්තර හම්බ උනා . පුන්චි ගෙදරකුත් හොයා ගත්තා . මාස තුනක සල්ලි ගෙවලා මන් රස්සාවක් කරන්න ගත්තා . මොකද යුනි යන්න විදිහක් නෑ තවමත් යුද්දය යන නිසා . හැබැයි ලගදිම යුද්දය ඉවර වේවි ලු . මොකද දැනටමත් ඒක පැතිරෙන එක නැවතිලා
සෝල් වල වගේ නෙවේ මෙහේ රස්සා හුගක් අඩුයි . ගම්බද වගේ නිසා අඇත්තෙම නැති තරම් . මන් දවස් ගානක් ගත්තා මොනාද මෙහෙට අඩු බලන්න
ඉතින් මන් උයන්න දන්න නිසාම සෝල් වල ටිකක් ජනප්රිය ඒත් Yeongcheon වල පේන්න වත් නැති කෑම හදන්න ගත්තා . අඇත්තෙන්ම ශියාවෝ හැල්මොනි එයාගේ පුන්චි කඩේ මට නිකන්ම වගේ දුන්නේ නැත්තම් අද මෙහෙම ඉන්න වෙන්නෙ නෑ .
එයාගේ ලමයි , මුනුබුරු මිනිබිරියෝ සේරම නගරවලට ජීවත් වෙන්න ගිහින් . ඉතින් එයා කියනවා එයාට ඒ පාලුව නැති වෙනවලු පොඩ්ඩයි මායි ඉන්න ටික වෙලාවට . අනික.. දැන් එයාට කඩයක් කරන්න තරම් හොද වයසක නෙවේ නිසා ලමයි එවන සල්ලි වලින් එයා ජීවත් වෙනවලු
මන් කොහොම හරි ඒ ගමන්ම පොඩ්ඩව ස්කූල් එක්කට දැම්මා. මුල් සති ගානෙම එයා අඇඩුවට, පස්සේ ඒක හරි ගියා . මන් ස්තුති වන්ත වෙන්න ඕනේ එයාගේ ඔම්මට පොඩ්ඩගේ බෑග් එකට බර්ත් සෙටිෆිකේට් වගේ අවශ්ය ලියකියවිලි දාලා තිබුනට . මන් කිව්වද එයාගේ වයස 11යි කියලා
මන් හරි . එයාලා අතරේ මගේ කෑම ජනප්රියයි . හරියට මේ වෙලේ වගේ . ලමයි ගොඩක් හුරුබුහුටි කඩේට ගොඩ වැදුන . වැඩියෙන්ම සීනියර් ලමයි . අහ් අවුරුදු දහ අටේ අය . ඒ කියන්න මගේ වයසේ . මන් ඉතින් Jan කෙනෙක් නිසා 19 අය එක්කනේ ඉන්නේ .
"හ්යුන්ගීඊඊඊඊඊඊ ! " ඔන්න ඔය අස්සේ පොඩ්ඩා මගේ අඇගට පැන්නා . ඔය කොල්ලා ඔහොම්මමයි තව ටික්කින් හැල්මොනිගේ අඇගේ
ඒත් මට දුකයි . ගොඩක් වෙලාවට පොඩ්ඩටයි මටයි එකට කෑම කන්න වෙන්නේ උදේට විතරයි . රෑටත් සේරම වැඩ ටික ඉවර කරනකන් එයා ස්කූල් එකේ වැඩ කරනවා . සමහරදාට හැල්මොනි එයාව බලෙන්ම නිදි කරනවා
ඒත් අද නම් එයා අපේ පුන්චි ගෙදරට යනකන්ම අඇහැරිලා හිටියේ . මොනාම හරි හිතනවා අඇති
" කුකී , මොකද පොඩ්ඩෝ කල්පනා කරන්නේ " මන් අඇහුවත් එයා උත්තර දෙන්න කලින් ටික වෙලාවක් ගත්තා
" හ්යුන්ගි ... අද එක ලමෙක් වැටුන නේ . එයාගේ කකුල තුවාල උනා . මන් එයාට උදව් කලා . ඒ උනාට එයා අඇඩුවා . මන් කිව්වා ඔයිට වඩා තුවාල වෙලත් අඩන්නැති ස්ට්රෝන්ග් ලමයි ඉන්නවා . ඒක නිසා අඩන්න එපා කියලා . ඒත් එයා මට බැන්නා . ආයේ කතා කලන්නත් එපා කිව්වා "
පොඩ්ඩා මට කිව්වේ අඩන්න ඔන්න මෙන්න මූනක් හදාගෙන . හරි ඉතින් පොඩ්ඩා ඒක කිව්වේ එයාගේ අත්දැකීම් වලින් නේ . මට එයාව හම්බ වෙද්දිත් ලොකු තුවාල තිබුනා හැම තැනම එයා නොඅඇඩුවට. ඒක අර ලමයා දැනගන්නේ කොහොමද ?
" අහන්නකෝ පොඩ්ඩෝ . මන් ඔයාට පුන්චි පුන්චි පාඩම් ටිකක් කියලා දෙන්නම්කෝ
පලවෙනි පාඩම තමා පොඩ්ඩෝ
කෙනෙක්ට දෙයක් කියද්දි එයා දෙන ඕනම ප්රති උත්තරේකට ලෑස්ති වෙලා ඉන්න . සමහර විට එයා හිනා වේවි , සමහර විට බනියි , ගහයි ඉතින් හැම තිස්සෙම මතක තියාගන්න අනික් කිසිම කෙනෙක් ඔයා නෙවෙයි කියන එක . එතකොට අපිට බෑ අනිත් අයගෙන 'ඔයා' හැසිරෙන විදිහේ හැසිරීමක් බලාපොරොත්තු වෙන්න
අන්න ඒක මතක අඇතුව මතක තියාගන්න "
පොඩ්ඩට එහෙම කියලා එයාව අඇදෙන් ගිහින් තියලා මන් හෙටට ඕනේ දේවල් සූදානම් කරන්න ගත්තා . පොඩ්ඩ දවසක මන් කියපුවා තේරුම් ගනීවි නේ
අපි එහෙම හිතමු
............................................................................
මට පිස්සු 🐞
YOU ARE READING
Hyung's Lessons
Fanfiction[brotherhood] ඔයාගේ ජීවිතයේ හැම පුන්චි මොහොතක් ගැනම මතක තියාගන්න පොඩ්ඩෝ. එතකොට ඒ ජීවිතය , ලස්සන එකක් වේවි. -Jin