මන් හිමින් හිමින් ගියාන මුලින්ම දැක්කේ එයස්ගේ රතු වෙලා පොඩ්ඩක් පැලිලා තිබුන තොල දිහා . අනේ පොඩ්ඩෝ මේ මොකද
"පොඩ්ඩෝ මොකද උනේ ? "
" මට එයාලා නැතුව පාලුයි හ්‍යුන්ග් " පොඩ්ඩා එහෙම කියනවා එක්කම මන් එයා ගාවින් ඉදගත්තා
" මටත් පාලුයි පොඩ්ඩෝ . ඒත් එහෙම නෙවෙයිද ජීවිතේ . කට්ටිය එනවා යනවා "මන් එයා දිහා බලලා එහෙම කියනවා එක්කම පොඩ්ඩා මාව බදාගෙන අඩන්න ගත්තා
" හ්‍යුන්ග්ග්.. එයාලා මට අනාතයා කිව්වා හ්‍යුන්ග් . එයාලා මට අද ගැහුවත් එක්ක"
" ඔයා අනාතයෙක් වෙන්නෙ කොහොමද පොඩ්ඩෝ මන් ඉන්නකොට . ඔයා ඕවා ගනන් ගන්න එපා හොදෙද . එතකොට යාලුවෝද මේක කරේ " මන් අඇහුවේ එයාගේ පැලුන තොල ගාවට අඇගිල්ල ගෙනියන ගමන් . ඒත් පොඩ්ඩා කරේ චුට්ටක් ඔලුව වනන එක විතරයි
"පොඩ්ඩෝ සමහර වෙලාවට ගොඩක් මෘදු කෙනෙක් වෙලා ජීවත් වෙන්න හරි අමාරුයි . මොකද අනිත් අය කරන්නේ අපිව පාගන්න හදන එක
මන් ඔයාට නිතරම කියනවා රන්ඩු අඩු කරන්න කියලා . ඒක නවත්තන්න නොකියා 'අඩු කරන්න ' කියලා කිව්වේ සමහර වෙලාවට අපි අපි වෙනුවෙන් අනිත් අයට එරෙහිව නැගිටින්න ඕන නිසා.
එක පාරක් ඔයා ඔයා වෙනුවෙන් නැගිට්ටොත් ඒක ඔයා ඔයාවම රැකගන්න තරම් ශක්තිමත් කියලා පෙන්නනවා පොඩ්ඩෝ
ඉතින් ශක්තිය කියන්නේ කෙනෙක්ට තියෙන අඇගේ හයියම නෙවේ . තමන් වෙනුවෙන් නැගිටින්න නිර්භීත වෙන එකත් එක්තරා විදිහක ශක්තියක්
ඉතින් පොඩ්ඩෝ කිසිම කෙනෙක්ට ඔයාගේ ආලෝකය නිවන්න ඉඩ දෙන්න එපා. එතකොට මේකත් ඔයා මතක තියාගන්නම ඕන පුන්චි පාඩමක්"
" කම්සාමිදා හ්‍යුන්ග් ." කොල්ලා කිව්වේ කදුලු පිහිදගන්න ගමන් . එයාට තේරුනාද නැද්ද කියලා දන්නේ එයා විතරයි ඉතින්
" ඒත් හ්‍යුන්ග් ස්කූල් එකේ කිව්වා ග්‍රැජුවේට් උනාගෙන් පස්සේ යුනි යන්නෝනෙලු . කෝ හ්‍යුන්ග් ගියේ නෑ නේ "
"ම්.. මේකනේ පොඩ්ඩෝ . මෙහෙ සාමාන්‍ය විදිහට වැඩ උනාට සෝල් වල කලබල නෙව් . හ්‍යුන්ග් ගේ යුනි එකත් සෝල් වල . ඉතින් අපි මේවගෙන් පස්සේ ඒක බලමු
දැන් ඒක වැඩක් නෑ අපි යමු යෝ මියුසියම් එක බලන්න "
Jk pov
හ්‍යුන්ග් එක්ක මියුසියම් බලන්න තීරනය කරපු එක් මන් ගත්ත මෝඩම තීරනයන්ගෙන් එකක් . බලන්නකෝ උන දේ
ඔව් ඔයාලා හරි . හ්‍යුන්ග් එතන තිබ්බ statue වගේම චිත්‍රත් අනුකරනය කරන්න ගත්තා . අන්තිමේදි මාත් එයා කරපු එකම කරාකොහොම උනත් එවෙලේ මියුසියම් එක බලන්න ආපු අය නම් හිනා වෙවී ගියේ . සමහරු අපි දෙන්නා කරපු වැඩේම කරලා ෆොටෝ ගන්නත් ගත්තා.
මොනා උනත් මන් සතුටු උනා . ආහ්
" පොඩ්ඩෝ ඔයා ඔතන ඉදන් එන්න මන් ඔයාගේ කෙහෙල් කිරි සොයාගෙන එන්නම් " ජින් හ්‍යුන්ග් මට බෙන්ච් එකක් පෙන්නලා යන්න ගියා
මල මගුලයි .මන් snow white ගේ නෑදෑයෙක්වත්ද
හ්‍යුන්ග් එනකොට කට බාගෙට අඇරුන .මන් ගොන් විදිහට හින උනා වෙන මොනා කරන්නද . කවුද හිතුවේ ඉතින් මෙච්චර කල් හුරතල් කරපු ඈයෝ මන් ගාවට මෙහෙම එයි කියලා" ජන් ජන්ගුක්ක්ක්ක්ක් ! .මොකද මේ " හ්‍යුන්ග් කෑ ගැහුවා . හිහ්
" හෙහේ හ්‍යුන්ග් මන් හිතන්නේ මන් තමා තෝරගත්ත කෙනා . මෙයාලගෙන් එක්කිනෙක් අරන් යන්නම වෙයි වගේ . අනේ ප්ලීඊඊඊඊස් "
මන් මගෙ උපරිම හුරතල් අඇස් දාලා කිව්වා මන් දන්නවා අපි දෙන්නත් ඉන්නේ අමාරුවෙන් කියලා. ඒ උනාට මගේ කෑම වලින් හරි මෙයාලට කන්න දෙන්න පුලුවන් මට හම්ප්!
කොහොම හරි මගේ පපී අඇස් වලට රැවටුන ජින් හ්‍යුන්ග් අර සූටි බව්වව එක්කන් යන් කිව්වා . එයාලාගේ අයිතිකාරයෝ ගැනද අඇහුවේ ? එයාලත් මන් වගේ තනි උන අය . නෑ නෑ මට ජින් හ්‍යුන්ග් ඉන්නවනේ . එයාලයි තනි උන අය, මන් නෙවේ
YOU ARE READING
Hyung's Lessons
Fanfiction[brotherhood] ඔයාගේ ජීවිතයේ හැම පුන්චි මොහොතක් ගැනම මතක තියාගන්න පොඩ්ඩෝ. එතකොට ඒ ජීවිතය , ලස්සන එකක් වේවි. -Jin