අහ් අද නිවාඩු දවසක් . ඒ උනාට පොඩ්ඩා තවම නිදිනේ . නිදාගෙන ඉන්න හැටි විතරක් . මුලු ශක්තියම දාලා මාව බදලා අල්ලගෙන . ස්මහර විට ඊයේ රෑ අකුනු ගහපු නිසා එයාට ආයෙමත් යුද්දෙ අස්සේ මතක් වෙන්න අඇති
මට පුදුමයි අඇයි එයා ඔම්මා , අප්පා ගැන අඇහුවේ නැත්තේ කියලා . සමහර වුට තේරෙනවා අඇති නේද . අවුරුදු එකොලහක් කියන්නේ ඒ තරම් පොඩි නෑ නේ
පොඩ්ඩගෙ අත හිමින් එහෙ මෙහෙ කරලා මන් නැගිටින්න ගියා විතරයි මෙයා ආපහු අත තද කරගත්තා .අන්තිමේදි ගොලුබෙල්ලා ලිස්සනවා වගේ චුට්ට චුට්ට ලිස්සලා අඇදෙන් බැස්සා .
අපරාදේ කියලා හිතුනා පොඩ්ඩා ඊට විනාඩි දහයකට පස්සේ අඇවිදගෙන එද්දි
" මොකෝ . තව ටිකක් නිදාගන්න . මන් කතා කරන්නම් "
" ම්හු . දැන් නින්ද ගියා " පොඩ්ඩා කිව්වේ නිකන් මන් බලෙන් එයාගේ අඇස් දෙකට අඇනලා අඇහැරුවා වගේ නේ ..
" කුකී ඔයා එනව නම් යමු මාත් එක්ක මාකට් එකට . බඩු වගයක් ගන්න තියෙනවා . කැම- " මට එච්චරයි කියන්න හම්බ උනේ පොඩ්ඩා දුවලත් ඉවරයි .අනේ මෙහෙම දාන්ගලයක්
කාලා ලෑස්ති වෙලා මාකට් එකට යනකන්ම පොඩ්ඩා තොර තෝන්චියක් නැතුව කියෙව්වා . ඒත් එක පාරටම ඒක නැති උනා . මන් බැලුවම දැක්කේ එයා ලමයි කීපයක් දිහා බලන් ඉන්නවා . ඒ එයාගේ යාලුවෝ වත්ද ?
ඒත් එයා මන් අහන්න කලින්ම උත්තර දුන්නා
" හ් හ්යුන්ග් . එයාලා මට කිව්වා අද ගෙදරට වෙලා පාඩම් කරනවා කියලා හ්යුන්ග් ?" පොඩ්ඩා එහෙම කියන ගමන් මන් ගාවට තවත් ලන් උන
" පොඩ්ඩෝ ඔයා එයාලගෙන් මොනාද අඇහුවේ "
" අපි ලයිබ්රරි එකට හරි ග්රවුන්ඩ් එකට හ් හරි යමුද අඇහුවා . ඒත් එයාලා පාඩම් කරන්න ඕනේ කිව්වා හ්යුන්ග් . එ එයාලා මට බොරු කිව්වා . මන් මොකක්ද කරපු නරක වැඩේ හ්යුන්ග් " කොල්ලා එහෙම කියන ගමන් හිමින් අඩන්න ගත්තා . අනේ පව් මගේ කොල්ලා
"පොඩ්ඩෝ හැම කෙනෙක්ම අපිත් එක්ක ඉන්නේ අපෙන් තියෙන මොකක්ම හරි භාවිතයකට . එහෙම නොවෙන අය හුගක්ම දුර්ලබයි. සමහර වෙලාවට ඒ වගේ අයව හම්බ වෙන්නේ නැති තරම්ම .
යාලුවෝ ඔයා එක්ක ඉදීවි එක්කො ඔයාට තියෙන ලස්සන නිසා , බුද්දිය නිසා එහෙමත් නැත්තම් එයාලට තනියෙම ඉන්න බැරුවට . ඉතින් මිනිස්සු ආශ්රය කරනකොට නිතරම මතක තියා ගන්න සමහරු පරිජ්ජේද කිහිපයක ඉදලා පොතෙන් අයින් උනත් ඔයාට පොත සම්පූර්න කරන්න තියෙනවා කියන එක .
මොකද ගොඩක් ' ' යාලුවෝ' කියලා ඉන්න අය යන්නේ හැම අවුලකටම හේතුව ඔයා කියලා කියලනේ. ඒත් අඇත්තටම එතන වැරැද්ද එයාලගේ වෙන්න පුලුවන් . ඉතින් ඔයාට වටිනා කමක් දෙන්නේ නැත්තම් ඔයා එයාලට වටිනා කමක් දෙන්න එපා
. ඒ උනාට මනුස්සයෙක් විදිහට එයාලට ලැබෙන්න ඕනේ ගවුරවය එයාලට අඩු නොකර දෙන්න . ඒ කියන්නේ ආයෙමත් විශ්වාසය දෙන්න කියන එක නෙවේ
අන්න ඒක තවත් පාඩමක් පොඩ්ඩෝ
" සමහර විට මන් එක්සෑම් එකේදි එයාලට කොපි කරන්න නොදුන්න නිසා වෙන්න අඇති . කමක් නෑ . මට ජින් හ්යුන්ග් ඉන්නව නේ " සුරුස් ගාලා හොටු උඩට අදින ගමන් පොඩ්ඩා කිව්වේ මාව මාකට් එක අඇතුල්ටම අඇදගෙන් යන ගමනුයි
" පොඩ්ඩෝ එයාලට හෙට වෙනසක් පෙන්නන්න එපා " මන් අන්තිමේට කිව්වේ එච්චරයි
YOU ARE READING
Hyung's Lessons
Fanfiction[brotherhood] ඔයාගේ ජීවිතයේ හැම පුන්චි මොහොතක් ගැනම මතක තියාගන්න පොඩ්ඩෝ. එතකොට ඒ ජීවිතය , ලස්සන එකක් වේවි. -Jin