අද ටිකක් කලින් ගියෙ නැත්නම් ට්‍රැෆික් කියලා දැන දැන ම මම වෙනදාටත් වඩා පරක්කුයි.
ඒ නිසා ම ට්‍රැෆික් එකට අහුවෙන්න වැඩි වෙලාවක් ගියෙ නැහැ.8ට කොහොම වුණත් 9ටවත් යන්න පුළුවන් වුණොත් ඇති.
සඳුදා නිසා පාරෙ වාහන වෙනදාටත් වඩා වැඩියි.
ටැෆික් එකේ ඉන්න ගමන් කාර් එකේ රේඩියෝ එක ඔන් කරෙ වෙන කරන්න දෙයක් නැති නිසා. අනුන්ගේ ඕපදූප කියවන චැනල් ටික අතහැරලා වෙන මොකක්හරි හොයද්දි අහම්බෙන් ඇහුණෙ ලස්සන පද ටිකක්.පුන් සඳක් පායන්නෙ කොහොමත්
මාසෙකට සැරයක්නෙ බන්....එදා අහම්බෙන් ඇහුණ මේ පද පේළිය නිසා මම මුළු සින්දුව ම හෙව්වා.ට්‍රැෆික් එක නිසා සින්දුව හොයාගන්න තරම් වෙලාවත් තිබ්බා.කාර් එකේ ස්පීකර් එක කනෙක්ට් කරලා පාරෙ යනගමන් ම මම සින්දුව ඇහුවා.
"හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආසා හින්දා මං"
මේක ඇහෙද්දි නම් මට හිතුණෙ මට ම කියන එකක් කියලා.හේතුවක් නැති හේතු හදාගෙන මම එයාගෙ පස්සෙන් ගියා මතක් වෙද්දි මගෙ ඇස්වල කඳුළු පිරුණෙ දුකට ද සතුටට ද කියලා මමවත් දන්නෙ නැහැ.
ඒ වෙද්දි ස්කූල් ටයිම් එක නිසා විනාඩි 10කට 1km වගේ ස්පීඩ් එකකින් වගේ තමා යන්න පුළුවන් වුණේ.
උදේට කාලාත් නැති නිසා මම පොඩි කඩයක් ළඟ නැවැත්තුවෙ මොනවාහරි කන්න. ලොකු රෙස්ටුවරන්ට්වලට වඩා පොඩි කඩවල්වල කෑම රසයි කියන එක මම අත්දැකීමෙන් දන්න දෙයක්.රස ම රස කෑම එක කාලා ඉවර වෙද්දි ට්‍රැෆික් ටයිම් එකත් මඟහැරිලා ගිහින් තිබ්බා.
මඟ යනගමන් කන්න පොඩි කෑමකුත් අරගෙන මම කාර් එකට එද්දි දැක්කෙ දැකලා පුරුදු කාර් එකක්.ඒ පාටමයි,ඒ බ්‍රෑන්ඩ් එකමයි,ඒ නම්බට් එකමයි.ඉතින් ඒ එයා ම තමයි.ඒත් එක්ක ම කෙනෙක් ඇවිත් ඒ කාර් එකට නැග්ගා.
ඔව් ඒ එයා තමයි.පිටිපස්ස හැරිලා ඉඳියට මට එයාව අඳුරගන්න බැහැ කිව්වොත් ඒක ලොකු බොරුවක් වෙනවනේ."කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද...."
එයා ඒ අහසෙ හඳ නෙවෙයි තරුවක්.හැමදා ම නිවි නිවී දැල්වෙන.පුරුදු විදියට කලර් ලයිට් එක ළඟ මම කාර් එක නතර කරා.එයා මට ඉස්සරහින්.
වෙනදා වගේ ම ඒ කාර් එකෙත් පත්තු වුණෙ වම්පැත්තෙ සිග්නල් ලයිට්.මමත් වම් පැත්තට ම හැරෙව්වෙ කාරි නෑ සඳ සින්දුව පස්වෙනි පාරටත් ප්ලේ වෙන්න දාලා.
YOU ARE READING
Not To Me;Only Us(අපි අපිට ම)
Non-Fiction"කවදාවත් කියන්න බැරි වුණාට මම තාමත් මහ ගොඩක් ඔයාට ආදරෙයි."