04

192 21 14
                                    

අලුත් අත්දැකීම්,අත්හදාබැලීම් එක්ක අරිකාවෙ ගෙවුණ අවුරුදු දෙකකට පස්සෙ ලැබුණු දීර්ඝ නිවාඩුවට මම තීරණය කරා ආයෙත් ලංකාවට ගිහින් එන්න.
මේ වෙද්දි මම පරිණත මනුස්සයෙක් වෙලා කියලා මට ම තේරුණා.ලංකාවෙන් ආව රොවීනා නෙවෙයි ආයෙත් ලංකාවට යන්නෙ. ඊට වඩා ප්‍රවීණ,අත්දැකීම් සහිත පරිණත ඉංජිනේරුවරියක්.
මාස කිහිපයකට ඇමරිකාවට සමු දීලා මම ගුවන්තොටුපළට ගියෙ මගෙ පවුලෙ අය වෙනුවෙන්.මගෙ පරණ මතක ආයෙ අලුත් කරගන්න මට ඕනෙ වුණෙ නැහැ.
.
.
.
.
පැය කිහිපයකට පස්සෙ මම ඉඳියෙ අවුරුදු ගාණකින් නොදැකපු මගෙ මව්බිමේ.
අම්මයි,තාත්තයි,නංගියි ඇවිත් ඉඳියා මාව එක්කන් යන්න.නංගිත් දැන් ලොකුයිනෙ ඉතිම්.
ගෙදරට ගිහින් දවසක් දෙකක් යද්දි අම්මලා කියන්න පටන් ගත්තෙ මම බඳින්නෙ කවදද කියලා.ඒ නිසා මම හිතුවා එයාල කැමති කෙනෙක් ව බඳින්න.මම දන්නවා මගෙ ජීවිතය ඒ නිසා වෙනස් කරගන්න වෙනවා කියලා.
ඒත් අම්මලාට විරුද්ධ වෙන්න මට බැහැනෙ.
ඒක නිසයි අකමැත්තෙන් වුණත් ඒ තීරණය මට ගන්න වුණෙ.
මම ලංකාවට ඇවිත් සතියකට පස්සෙ මාව බලන්න කෙනෙක් එනවා කිව්වා.අම්මලගෙ කීමට ම මම ඒකට ලෑස්ති වුණා.එයා ඔයාට ගැළපෙයි,එයත් ඉන්ජිනියර් කෙනෙක්.ඒත් ඔයාම තීරණය කරන්න.අම්මා කිව්වෙ ඒ විදියට.එයා කවුරු වුණත් මට ඒක වැඩක් නැහැ.මම කැමති නැහැ.එච්චරයි.
එනවා කිව්ව වෙලාවට ම කාර් එකක් ඇවිත් මිදුලෙන් නතර කරනවා මට ඇහුණා.හුරුපුරුදු කටහඬක් වගේ ඇහුණට මගෙ හිත කිව්වෙ එයා මෙහෙ එන්න විදියක් නැහැ කියලා.
එළියට ආවෙ වෙන කෙනෙක් බලාපොරොත්තුවෙන් වුණත් එතන ඉඳියෙ එයා.
නැහැ මේක වෙන්න බැහැ.අම්මලාට වැරදීමක් වෙලාවත් ද?මෙයා මට වඩා බාලයිනේ.
එක්කො එයාගෙ නෑදෑයෙක් වෙන්න ඇති.ඒත් එහෙම කෙනෙක් පේන්න ඉඳියෙත් නැහැනේ. අයිය ද කොහෙද ඉන්නෙ.මට මොකො.මාත් අඳුරන්නෙ නැහැ වගේ ඉඳියා.අම්මලා කතා කරලා ඉවර වුණාට පස්සෙ අපිට කතා කරන්න කිව්වා.මම මොනවා කතා කරන්නද ඉතිම්.

"ඔයා?"

"මාත් දැනගෙන නෙවෙයි ආවෙ."

"ම්ම්...මොකක්ද දැන් කරන්නෙ?"

"දන්නෑ."

"ඔයා කැමති නැහැ කියන්න.මම කැතයි කියන්න.එතකොට හරි."

Not To Me;Only Us(අපි අපිට ම)Where stories live. Discover now