Introduction

439 25 22
                                    



මට උඔව හම්බවෙනකොට උඔ පුංචිම පුංචි දළබු පැටියෙක්....

අරමුණක් නැතුව ඔහේ පාවෙවී තිබුන අහිංසක ජීවිතයක්.....

මං උඔගෙ පුංචි අත් වලින් අල්ලගන උඔට හරි පාර කියලා දුන්නා.....

උඔගෙ ජීවිතේට අර්ථයක් දුන්නා...

ලස්සන සමනලයෙක් වෙනකන්ම මලක් වගේ පරිස්සම් කරා.....

ඉතිං මට පොරොන්දු වෙනවද
අමාරුම කාල වලදිත් උඔ මොන ලෝකෙ හිටියත් මගේ ලගටම පියාඹලා එනවා  කියලා....







මට උඔව හම්බවෙනකොට උඔ පුංචිම පුංචි සමනල් පැටියෙක්....

ජීවයක් නැතුවම මරණාසන්න වෙලා තනි උන ආත්මයක්.....

මං උඔගෙ කැඩුනු සමනල් තටු  මගේ අතින්ම සනීප කරා.....

ලෝකෙටම හොරා දේදුන්නෙන් පාට අරං උබේ අත් තටු පාට කරා....

හිනාවකින් උබෙ මුලු ජීවිතේම සැරසුවා.....

ඉතිං මට පොරොන්දු වෙනවද
උඔට තනියම පියාඔලා යන්න පුලුවන් උන දාක මං ලගටම පියාඔලා එනවයි කියලා.....




ඉතිං පුංචි සමනල් පැටියා කොයි පැත්තට පියාඹයිද??

ඔයාලා මොකද හිතන්නේ?

දැනගන්න ඕන නං එකතු වෙන්න.. මේ පුංචිම පුංචි සමනල් පැටියෙක්ගෙ කතාවක්...

————————————————

හායි බට්ටිත්තනේ...

ඉතිං කොහොමද මං එල්සා ✨

මේක මගේ දෙවෙනි කතාව. මේක non fic එකක්. ඇත්තම කීවොත් මේක ෂිප් කරන්න අමාරුයි. ඒත් මේක ගොඩක් ලස්සනයි. ඒ නිසා ඔයාලා තේව් ට වගේම මේකටත් ආදරේ වෙයි කියලා මම හිතනවා.

මේක ඇත්තටම ටිකක් වෙනස්. මේකේ ගොඩක්ම හැගීම් මම අකුරු කරලා තියෙන්නෙ , මගේම අත්දැකීම් වලින්.

හැගීම් විතරයි හොදද? මේකේ නම් ගම් හැමදේම මනං කල්පිතයි හොදද. මේ කතාව ගොඩක් කල් ඉදන් මගේ හිතේ තිබුන දෙයක්. ගොඩක් ආසාවෙන් හිටියේ මේ කතාව ලියන්න. ඒත් වෙලාවක් තිබුනේ නෑ ඇත්තටම. මේක ගොඩා...ක් ස්ලෝ අප්ඩේට්ස් යන්නේ හොදද? මොකද තේව් දෙන්න ඕනනේ අවසක් ඇර දවසක්. මං ලියන්න ගොඩක් දක්ෂ කෙනෙක් නෙවෙයි ඉතින් මට ගොඩක් වෙලා යනවා ලියන්න.

මේකේ තේව් එකේ වගේ ඇන්ගස්ට් මොකුත් නෑ බට්ටිත්තනේ. හෙමීට ගලා යන ලස්සන ආදර කතාවක්.

ඉතිං කියවලා බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා.

BROMANCE | ONHOLDWhere stories live. Discover now