Chapter 1

263 22 34
                                    


නොනවත්වාම කණ පුපුරන්න තරම් ඇහෙන එලාම් සද්දෙට මං ඇහැරුනා. ඇදෙන් නැගිට්ට මං නිදිමතේම ඇද හැදුවා. කොච්චර හදිස්සියක් උනත් කොයිතරම් පරක්කු උනත් නිදා ගත්ත ඇද හදලා යන එක මගේ පුරුද්දක්. කලින් දවසේ නිදා ගද්දී නෑ හරියටම කීවොත් මං නිදා ගද්දී පාන්දර හතර විතර උනා. හැබැයි පාඩම් කරලා වත් අසයිමන්ට් කරලා වත් නෙවෙයි. නිකන් ඔහේ ෆෝන් එක ඔබ ඔබ ඉදලා. ඇස් දෙක අමාරුයි. රිදෙනවා ඒත් මොනවා කරන්නද මං විහින් කර ගත්ත දේවල් මේ. මං ඇද හදලා වෙලාව බැලුවා අටයි දහයයි. මං බාත් රූම් එකට ගියේ ලාවට ඔලුව කැක්කුමක් දැනෙද්දීමයි. කොහොමත් හැමදාම උදේට මට හෙම්බිරිස්සාව. ඒක අලුත් දෙයක් නෙවෙයි. ඒත් අද ටිකක් ඇගට අමාරුයි. ඇගටද? හිතටද? මං ඇත්තටම දන්නේ නෑ. 


කැම්පස් ආවත් හරි හැමදාම මොන මගුල උනත් උදේට නාන එක මගේ පුරුද්දක් වෙලා. නැත්තං දවල් වෙද්දී ඉන්ඩ හිටින්ඩ බෑ රස්නේ. නාලා කරලා ඔක්කොම කරන් ඇවිත් මං කලින් දවසේ අයන් කරපු ෂර්ට් එක ඇද ගත්තා. පුරුද්දට වගේ ෂර්ට් එකේ අත් දෙක නවන්න ගිහිනුත් ආයෙන ඒවා දිගට තියෙන්න ඇරියා. මගේ සුපුරුදු බාට කෑලි දෙකත් දාගන මං කොන්ඩේ පොඩ්ඩක් හදා ගත්තා. perfume ක්‍රීම් අනන් මනං ගාන්න තියන ඔක්කොම ගාන එක කොහොමත් මගෙ පුරුද්ද. ඔක්කොම කරලා මං රූම් එක දිහා බැලුවා. ම්ම්ම් ක්ලීන්. අර හෝන්තු දෙක නැති දාට කොහොමත් එහෙමයි. ඔය කීවට උන් දෙන්නා නැතුව මට පාලුයි. මගෙ පිස්සු කෝච්චි දෙක.


ලෑස්ති වෙලා ඉවර නිසා මං කබඩ් එක ලොක් කරලා කබඩ් එකේ තියන කණ්නාඩියෙන් මං දිහාම ටිකක් බලාගන හිටියා. මූනෙ හිනා පොදක් නෑ. ඔව් කවද්ද මං ඇත්තටම හිනා උනේ? මට හරියට මතක නෑ. සමහරවිට දැන් මාස දෙකකට විතර කලින් වගේ. මං හිනා වෙලා බැලුවා. ඔව් මෙ තියෙන්නෙ මගෙ වෙස් මූන. හැමෝම දකින හැමෝම ආදරේ කරන හැමෝවම හිනස්සන හැමෝවම සතුටින් තියන මගෙ වෙස් මූන. මං ආපහු කලින් හිටපු විදියටම හිනාව අයින් කරලා බැලුවා. මූසල පාටයි. ඔව් මේ තියෙන්නේ. මේ තමයි ඇත්ත. අශේල් බෝධි දිසානායකගේ ඇත්තම මූන. ඒත් ඒක කවුරුත්ම දකින්නේ නෑ. කවදාවත්ම දකින්නෙත් නැති වෙයි. මොකද හැමෝම ආදරේ හිනාවෙන අශේල්ට මිසක් මේ අශේල්ට නෙවෙයි. හැමෝම කැමති බොරු අශේල්ට මිසක් වෙස් මූණ පිටිපස්සෙන් හැංගිලා ඉන්න වීක් අශේල් ට නෙවෙයි. දොර ගාවට ගිහිල්ලත් ආයේ හැරිලා බැලුවා ෆෑන් එක දිහා. එක්කෝ,
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

BROMANCE | ONHOLDWhere stories live. Discover now