'අනේ දෙයියනේ මේ කවුද ?'
ඔහු බිම ඉදගෙන ටෝච් එක අල්ලගෙන හිටිය.දහඩිය දාල කලන්තෙ හැදෙන්න වගේ කියල රන්වීර්ට දැනුණු හින්දම ටිකක් ඇස් පියා ගත්ත. පපුව ගැහෙන වේගෙට එලියට පනියි කියල හිතුණ.
කාමරේ කෙලවරේ මනුස්සයෙක්.ඔහු හිටියෙ දම්වැල් හතරකින් ගැට ගහල.රැවුල පපුව ලගට ම වගේ වැවිල .කොණ්ඩෙ පහලට ම වැවිල.ශෝටක් විතරක් ඇදල.ටෝච් එක වදිනකොටම ඔහු අතින් මූණ වහගත්තෙ 'චලාං' කියල සද්දෙකුත් එක්ක.
'දෙවියනේ එතකොට මේ දම්වැල් සද්දෙ?'.
යන්තමට ඇස් ඇර ගත්තු රන්වීර්ට හිතුණ.
ඔහු තව ත් වටේම ටෝච් එලිය යැව්ව.ඇතුලෙන් එන පුස් ගද ඔහුව අපහසුවට පත් කරා.ලොකු කාමරයක් වුණත් ඇදක් තිබ්බෙ නෑ.පැත්තකින් පැදුරක් තිබ්බ.අනෙක් බිත්තිය පැත්තෙ තිබුණ ඇදුම් වැටේ ඇදුම් කෑලි කීපයක් තිබුණ.එහා පැත්තෙන් බාත්රෑම් එකේ දොර තිබ්බෙ දම්වැල ඇතුලට දිග ඇති කියල ඔහු හිතුව.ඔහුට යථා තත්වයට පත් වෙන්න මිනිත්තු දහයක් විතර යන්න ඇති.ඔහු හෙමින් ඒ පුද්ගලයා ලගට ගියෙත් කකුල් දෙක වෙව්ලන අතරයිමයි.
ඒ දුර්වල ඇස් දෙක යන්තම් ඇරල ආයෙත් වහගත්තෙ නිදා ගන්න නම් නෙමේ කියල රන්වීර්ට තේරුණා.
"කවුද ඔයා? "
ඔහු රහසින් වගේ ඇහුව.
දුර්වල තරැණයා නැවතත් ඔහු දිහා බලල අහක බලා ගත්ත. ඔහු හිටියෙ බිත්තියට හේත්තු වෙලා බිම බලාගෙන.
'දෙයියනේ මොන අපරාධ යක්ද මේ.?' රන්වීර්ගෙ හිත මහා දුකකින් වැහුණ.
එකපාරටම එලියෙන් කතා කරන සද්දයක් ඇහුණ නිසා රන්වීර්ට දොර දිහා බැලුව.
'හිමාල් එනවද. ඒත් තාම දොළහට නෑනෙ. අම්මෝ දැන් මොකද කරන්නෙ?'.
එහෙම හිත හිත වටපිට බලද්දි දැක්කෙ බාත්රෑම් එක.ඔහු ඉක්මනට ඒක ඇතුලට ගියෙ ටෝච් එක අල්ගෙන හැංගෙන්න තැනක් හොයන්නට.කොමඩ් එකට එහා පැත්තෙ තිබුණ සින්ක් එකට වැහිල බිමින් ඉද ගද්දී රන්වීර්ගෙ පපුව විතරක් නෙමේ කකුල් දෙකත් එකසිය ගානට ගැහෙන්න ගත්ත .
YOU ARE READING
උරැමක්කාරයා
Non-Fictionසඟවා ලය මත ඔබෙ වත රහසින්... කියාදෙන්න ලං වී... ප්රේමය නම් කිමැයි කියා....