උරැමක්කාරයා - 33

999 93 0
                                    

       උදේ  සුපුන් වගීශට කෝල් කරත් වගීශ ආන්සවර් කරේ නැති හින්දම ඔහු වගීශගෙ ගෙදරට ගියෙ ටිකක් නොසන්සුන් වෙලා .වගීශව ආශ්‍රය කරේ ටික දවසක් වුණත් ඔහු තේරැම් අරන් තිබුණ වගීශ හදිස්සියකදි ගොඩක් ආවේගශීලි වෙලා ඉක්මන් තීරණවලට යන්න පුළුවන් බව.

     "නැන්දෙ වගීශ ඉන්නවද?"

         බයික් එක ගේට්ටුවෙන් ඇතුලට අරන් බහින්නෙ නැතුව වගීශ ඇහුවෙ මිදුල අතුගාන මැගිලින්ගෙන්.

     "අනේ නෑ මහත්තය, උදේම ගියා දඬුමොණරෙ නැගල.කෑවෙත් නෑ
මං කිව්ව හෙමින් යන්නත් කියල.අනේ කරදරයක් නම් වෙන්න එපා මහත්තයට".

         මැගිලින් කියාගෙන ගියා. ඒ එක්කම ඔහුට වගීශගෙ හිතුවක්කාරකම ගැන තරහක් ආවෙ ඒ වගේ මානසිකත්වයක ඉදන් තනියම ගමනක් යන්න හොද නෑ කියල හිතුණ හින්ද .

         *             *               *               *

           කුසුම් හිටියෙ මිදුලෙ මල්පැලවලට වතුර දාන ගමන්.උදේ දහය විතර වෙද්දි චූටියි, රධීෂුයි ඉස්කෝලෙ ගියාම තියන පාලු ගතිය දැන් ඇයට හොදටම හුරු වෙලා තියෙන්නෙ.නිහාල් කොහොමත් උදෙන්ම කුඹුරට යන්නෙ දවල් අව් රස්නෙ එක්ක වැඩ කරන්න බැරි හින්ද.

          එකපාරටම මිදුලෙ නවත්තපු බයික් එකෙන් ආපු තරැණය කුසුම් ට අදුන ගන්න බැරි වුණේ ෆුල් ෆේස් හෙල්මට් එක දාල නිසා.ඒත් බයික් එකෙන් බැහැල හෙල්මට් එක ගලවද්දිම ඇය සුපුරුදු හිනාව දැම්ම.

       "අනේ මේ වගීශ පුතානෙ?"

           ඇය කියද්දි වගීශ යන්තම් හිනා වුණේ හිනා නොවී බැරි කමට.

     "යං පුතේ ඇතුලට. "

     "රන්වීර් ඉන්නවද නැන්දෙ?"

      "අහ් ඔය කාමරේ ට වෙලා හිටියෙ. ඉන්න මං බොන්න මොනවහරි ගේන්නම් ".

        "එපා නැන්දෙ , නැන්ද වැඩක් කරගන්න.මං කාපු ගමන් ආවෙ."

          "ඒත් පුතේ මෙච්චර දුරක් ඇවිත් මහන්සි ඇති."

      "නෑ නැන්දෙ"

          ඔහුට සතුටුදායක සංවාදයක් ගෙනියන මානසිකත්වයක් නොතිබුණු හින්දම කතාව නතර කරන්න ඕන වුණා.

උරැමක්කාරයාWhere stories live. Discover now