ලස්සනට අතුගාල වටේට මල් පිපිල තිබුණ ලොකු මිදුලේ කෙලවර පොල් අත්තක් විය වියා හිටියෙ අවුරැදු හැටක විතර කෙට්ටු කාන්තාවක්.රෝස පාට හුණු ගාපු සාමාන්ය ප්රමණයේ නිවස නිස්කලංක පරිසරයකට රැකුල් දුන්න.ගේ වටේට තිබුණු පොල් ගස් කිහිපය ගෙදරට ගෙනාවෙ පරිපූරණ බවක්.
"අම්මා...."
රන්වීර් යන ගමන්ම කෑ ගැහුව.
"අනේ ලොකු පුතේ , ආවද? කිව්වෙත් නෑනෙ ?"
කුසුම් චීත්තෙන් අත පිහ පිහා එද්දි නිහාලුත් දොරෙන් එලියට ආවෙ ඇස් කණ්ණාඩිය අතේ තියාගෙන."අහ් තාත්තෙ?"
"ලොකු පුතා කීයටද එහෙන් ආවෙ?"
නිහාල් ඇහුවෙත් පුදුම වෙලා
"උදෙන්ම ආව තාත්තෙ. කෝ නංගියි, මල්ලියි."
"නංගි නම් ඇතුලෙ ඇති.මල්ලි ක්ලාස් ගියා."
එතකොටයි රන්වීර්ට මතක් වුණේ මල්ලි උසස්පෙල විභාගෙට මේ පාර ලියනව කියල.
"යං යං ඇතුලට ලොකු පුතාට මහන්සිත් ඇති ."
රන්වීර් සාලෙ පුටුවෙන් ඉද ගත්තෙ ගෙනාපු කේක් එක කුසුම් ට දෙන ගමන්.
"අපි කීයටද තාත්තෙ හෙට බාප්පලගෙ ගෙදර යන්නෙ ?"
රන්වීර් ඇහුවෙ දානයට දවස් තිබුණත් කලින් යන්න ඕන කියල කතාවෙලා තිබුණ හින්ද.
"උදෙන්ම ගිය තරමට හොදයි ලොකු පුතේ.නුවරට යන්නත් පැය තුන හතරක් යයිනෙ ?"
නිහාල් කිව්ව.රන්වීර්ගෙ තාත්ත ගෙ මහ ගෙවල් තිබුණෙ නුවර.මහ වැලි ඉඩම් බෙදද්දි ඉඩම් හම්බවෙලා කැකිරාව ට ආවෙ දැනට අවුරැදු තිහකට විතර කලින්.
ලොකු ඉඩමක් හම්බුණේ නැතත් ගොවිතැන් ආදායමෙන් සාමාන්ය විදියට කාමර තුනයි , සාලෙයි, කුස්සියයි එක්ක ගෙයක් හදාගන්න නිහාල්ට පුළුවන් වුණා.අම්මයි තාත්තටයි කාමරයකුයි ,නංගිට වෙනම කාමරයක් ඇරැණම රන්වීර් හිටියෙ මල්ලි එක්ක අනෙක් කාමරේ.බාත්රෑම් නැති වුණාට එලියෙන් ෂවර් එකක් හයි කරල තිබුණ.
YOU ARE READING
උරැමක්කාරයා
Non-Fictionසඟවා ලය මත ඔබෙ වත රහසින්... කියාදෙන්න ලං වී... ප්රේමය නම් කිමැයි කියා....